SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1890 episoder

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Husk at besøge podcastens hjemmeside og støtte skaberen: www.sbs.com.au

Forfatter

SBS

Kategori

News

Podcastens hjemmeside

www.sbs.com.au

Seneste episode

28. okt. 2026

Hvor kan du lytte?

Podcasts i appen Replaio Radio Kommer snart

Podcasts kommer snart til appen. Installer nu, og vær den første til at se en helt ny tilgang til podcasts

Hent den på Google Play Installer gratis Android næsten 10 mio. downloads · 4,8 i bedømmelse iOS snart

Episoder

SBS සිංහල පුවත්: නිපුණතා සහිත කාර්මික අංශයේ සංක්‍රමණික සේවකයින්ට මෙවර අයවැයෙන් වැඩි අවස්ථාවක් 13.05.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 13වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ 400,000ක් පමණ සීලියැක් රෝගයෙන් පෙළුනත් රෝග විනිශ්චයක් ලබන්නේ සියයට 20යි 12.05.2026

සියයට 70ක් පමණ ඕස්ට්‍රේලියානුවන් සීලියැක් රෝගී තත්ත්වයෙන් පෙළෙන බව වෙස්ලි රිසර්ච් ආයතනය හෙළි කරනවා. ලෙබනන් සම්භවයක් ඇති තරුණ ඔස්ට්‍රේලියානු කාන්තාවක් අමුතු වැඩක් අරඹා තිබෙනවා. සීලියැක් රෝගයේ ඇගේ අත්දැකීමත් සමඟ අනෙක් අයව දැනුවත් කරන්න ඇය පෙළඹිලා. ඒ නිර්මාණශීලී අයුරින්. සීලියැක් රෝගය පිළිබඳව වැඩි අවබෝධයකින් යුත් ප්‍රජාවක් දැකීමයි ඇගේ බලාපොරොත්තුව. අද කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.

ඔස්ට්‍රේලියානු ආර්ථිකය නැවත ගොඩනැගීමේ දුෂ්කර මාර්ගය තෝරාගත් අයවැයක් ලෙස හඳුන්වාදෙමින් භාණ්ඩාගාරික ජිම් චාමර්ස් අයවැය යෝජනා ඉදිරිපත් කරයි 12.05.2026

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජයේ භාණ්ඩාගාරික ජිම් චාමර්ස් අය වැය ඉදිරිපත් කිරීම අද සිදුකලා. දුෂ්කරවූ ආර්ථික ප්‍රතිසංස්කරණ වලට වැඩි අවධානයක් යොමුකරන අයවැයක් ලෙස මේ අයවැය ඔහු හඳුන්වා දුන්නා. රාජ්‍ය විදම් අවම කිරීමට මේ අයවැයේදී කටයුතු කර ඇති බව ලේබර් රජය පවසනවා. විශේෂයෙන්ම ඔස්ට්‍රේලියානු මහබැංකු ප්‍රධානි මිෂෙල් බුලොක් සහ ආර්ථික විශේෂඥයින් රාජ්‍ය වියදම් අවම කිරීම ඉතා වැදගත් බවත් එසේ නොවුනහොත් උද්ධමනය තවදුරට...

අද ඉදිරිපත් කරන ඔස්ට්‍රේලියාවේ අයවැයෙන් සහන ලැබෙයි ද නැත්නම් බදු වැඩි වෙයි ද? - ආචාර්ය බුද්ධික ගමගේ ගෙනෙන විග්‍රහයක් 12.05.2026

ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් රජය අද සිය ඉදිරි මූල්‍ය වර්ෂයට අදාළ වන අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ පිළිබඳ SBS සිංහල සේවය සමග ඔස්ට්‍රේලියාවේ ආර්ථික උපායමාර්ග සහ සේවා පිළිබඳ සහතික ලත් සංවර්ධක ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ආචාර්ය බුද්ධික ගමගේ මහතා සිදු කල පූර්ව විශ්ලේශණයට සවන් දෙන්න.

SBS සිංහල පුවත්: මගී නෞකාවකදී හන්ටා වයිරස පැතිරීමේ තත්වයකට මුහුණ දුන් ඔස්ට්‍රේලියානුවන් පිරිස පර්ත් නුවරට ගෙන්වා ගනී 12.05.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 12වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ලිබරල් පක්ෂය අභිබවමින් පෝලින් හැන්සන්ගේ 'One Nation' පක්ෂය ලබන ජයග්‍රහණ වලට හේතුව කුමක් ද? 11.05.2026

පෝලින් හැන්සන් මන්ත්‍රීවරිය නායකත්වය දරන 'One Nation' පක්ෂය වර්තමානය වන විට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පක්ෂවලට විශාල අභියෝගයක් බවට පත්වෙමින් ඉන්නවා. පසුගියදා පවතී මැතිවරණයකදී ඔවුන් ලිබරල් පක්ෂයේ ප්‍රබල ආසනයක් වන Farrer ආසනය ජයග්‍රහණය කරන්නට සමත් වනවා. මේ ලබපු සුවිශේෂී ජයග්‍රහණය ගැන තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

පිරිමින්ට සියදිවි නසා ගැනීමට හිතෙනවා වැඩි ද? 11.05.2026

පුරුෂ මානසික සෞඛ්‍යය සහ සියදිවි නසා ගැනීමේ අවදානම් පිළිබඳව මනෝ වෛද්‍ය රෙජිස්ට්‍රා චමීර වීරසේකර SBS සිංහල සේවය වෙත දැක්වූ අදහස්.

මව්බිමෙන් පුවත්: මහඇමති විජේට ජනපති අනුරගෙන් සුබ පැතුම් / මහින්ද රාජපක්ෂ හෙට අල්ලස් කොමිසමට 11.05.2026

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: ෆාරර් බලය වන් නේෂන් පක්ෂයට, වෙස්ටර්න් සිඩ්නි වෙත මීළඟ අවධානය යොමු කරන බවට ප්‍රකාශයක් 11.05.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 11වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ඩිජිටල් සිට ඇනලොග් වෙත යන Gen Z පරපුර ස්මාර්ට් ලෝකය එපා කියමින් පැරණි උපාංග වැළඳ ගන්නා ලකුණු 10.05.2026

Gen Z, තාක්ෂණික යුගයේ හැදී වැඩෙන පරම්පරාවයි. මේ ඩිජිටල් යුගයේ ඔවුන් ඇනලොග් උපාංග කරා ආපසු ගමන් කරන බවක් ඔබ සිහිනෙකින්වත් සිතුවද? කැසට්පට, VHS පට, පැරණි පොකැට් රේඩියෝ යන්ත්‍ර සහ බොත්තම් ඇති දුරකතන වැනි දේ ගැන ප්‍රියතාවක් දක්වන තරුණ පරම්පරාවක් සමහර විට ඔබේ ඇස ගැසී ඇති. ගීතවලට සවන් දෙන්න ස්මාර්ට් දුරකතනයේ යෙදවුමක් වෙනුවට ඔවුන් සොයන්නේ වෙනම උපාංගයක්. මේ නිසාම යුගයකට අයත්ව අමතක කළ උපාංගවලට නව වටිනාකමක්...

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, මැයි 04 - මැයි 08 08.05.2026

මැයි 04වන දා සිට මැයි 08වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.

මව්වරුන්ගේ දින විශේෂාංගය: ඔබේ දරුවාගේ සමීපතම විශ්වාසදායක මිතුරා ඔබ ද නැතිනම් ස්මාට් ෆෝන් එක ද? 08.05.2026

සෑම වසරකම මැයි මස දෙවන ඉරු දිනය මව්වරුන්ගේ දිනය ලෙස ඔස්ට්‍රේලියාවේ දීත් ශ්‍රී ලංකාවේ දීත් සැමරෙනවා. දිනෙන් දින දියුණු වෙන තාක්ෂණය සමග හැදී වැඩෙන දරුවන් සහිත මව්වරුන් මේ අභියෝගයට මුහුණ දෙන්නේ කෙසේ ද? මෙල්බර්න්හි ගුරුවරියක් ලෙස සේවය කරන ස්වේතකී මුණසිංහ මේ සම්බන්ධයෙන් SBS සිංහල සමග කළ කතා බහට සවන් දෙන්න.

වෙසක් සැමරුම් අසිරියෙන් ඇඩිලේඩ් නුවර ඒකාලෝක වෙන්නේ මෙන්න මෙහෙමයි 08.05.2026

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇඩිලේඩ් නුවර පැවැත්වෙන වෙසක් සැමරුම් පිළිබඳ SBS සිංහල සේවයේ දකුණු ඔස්ට්‍රේලියා වාර්තාකාරිය කුමුදිණි සිල්වා ගෙනෙන මේ විශේෂාංගයට සවන් දෙන්න.

තරුෂි එක්ක තරු කතා: සමාජයේ අපිට වඩා වැරදි කරන කට්ටිය සද්ද නැතිව ඉද්දි අපේ පොඩි වැරැද්දත් ලොකු කරලා පෙන්නනවා -‌ දිල්හානි ඒකනායක 08.05.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.

ක්‍රීඩා විග්‍රහය: අපි ජාතිය, ආගම, පක්ෂය සලකන්නෙ නෑ - ක්‍රීඩා ඇමති / හෙල්ල විසි කර රිදියෙන් දිනූ සුමේධ සහ නදීෂා / ඔස්ට්‍රේලියාවේ දී ස්කොෂ් පිටිය ජයගත් සිතුම්ලි 08.05.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

මව්බිමෙන් පුවත්: වියට්නාම ජනපති ලංකා පාර්ලිමේන්තුවට / මුදල් ලේකම් ලංකාවේ පුරවැසියෙක් නොවන කල්ලතෝනියෙක් ද? - දයාසිරි 08.05.2026

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: සිරියාවේ සිට ඔස්ට්‍රේලියාවට ළඟා වූ පිරිසෙන් කාන්තාවන් තිදෙනෙක් ෆෙඩරල් පොලිස් අත්අඩංගුවට 08.05.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 08 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: මෙවර ඉදිරිපත් කරන්නට සැරසෙන ඔස්ට්‍රේලියානු අය වැය පිලිබඳව භාණ්ඩාගාරිකවරයාගෙන් ප්‍රකාශයක් 07.05.2026

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජයේ මෙවර අය වැය පිළිබඳව විශේෂ අවධානයක් වී තිබෙනවා. වඩා වගකීම් සහගත අයවැයක් මෙවර තමන් ඉදිරිපත් කරන බවට භාණ්ඩාගාරික ජිම් චාමර්ස් පවසනවා. රාජ්‍ය වියදම් කපාහරිමින් අස්ථාවර ගෝලීය ආර්ථිකයට මුහුණදීම සඳහා වගකීම් සහගතව පිළියෙළ කරන ලද අයවැයක් මෙවර ඉදිරිපත් කරන බව භාණ්ඩාගාරික ජිම් චාමර්ස් පවසනවා. මේ පිලිබඳව ඔහු සහ විපක්ෂ මන්ත්‍රී වරුන් දැක්වූ අදහස් අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එ...

Negative gearing වෙනස්කම් ඕස්ට්‍රේලියාවේ කුලී නිවාස හිඟය තවත් වැඩි කරයිද, විස්තරේ මෙන්න 07.05.2026

Negative gearing යනු කුමක්ද සහ මේ සඳහා වන වෙනස්කම් ඕස්ට්‍රේලියාවේ දේපල වෙළඳපොළට බලපාන්නේ කෙසේද යන්න ගැන SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවට සවන්දෙන්න.

මව්බිමේ ගැමි සුවඳ යළිත් සිඩ්නි හදවත් වල අවදි කරන ඕස්ට්‍රේලියාවේ තිළිණි, ‘අපේ ගම් ගොඩේ’ ගැන අපට කියූ දේ 07.05.2026

සාම්ප්‍රදායික ගැමි ජීවිතයේ චමත්කාරය, ගැමි ජීවිතයේ අභාෂය ලබමින් මවුබිමෙන් බොහෝ දුරින් ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ව යළිත් සංස්කෘතිය, උරුමය සහ ප්‍රජාව සමඟ එක් කරන Sri Lanka Dance Academy Sydney සංවිධානය කරන "අපේ ගම් ගොඩේ 2026" උත්සවය පිලිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවට සවන්දෙන්න.

ලොව වටා: බොරු ප්‍රචාර කල ඇපල් සමාගම නඩුව ගොඩින් බේරා ගනී, කොවිඩ් වැනි වෛරසයක් පැතිර යාමක් ගැන බියක් 07.05.2026

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

අපේ වහරේ කතා අහුරක්: උපාසකයා සහ ගැරඬියා 07.05.2026

අපේ වහරේ එන රස කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ උපාසක ඇත්තෙක් බණකට ගිහින් හිටිය වෙලාවෙ ගැරඬියෙක් දැකලා වුණු අපූරු කතාවක්.

SBS සිංහල පුවත්: ජාතික සංක්‍රමණික ස්මාරකයට අලුත් නම් එකතුවක්, මීළඟ වසර සඳහා නම් කැඳවීම දැන් විවෘතයි 07.05.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 07වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

The overlooked story: Aboriginal and Torres Strait Islander service on Anzac Day - ඔස්ට්‍රේලියාව වෙනුවෙන් සටන්බිමට ගිය ඔස්ට්‍රේලියානු ස්වදේශික හමුදා සෙබළුන්ගේ අමිහිරි අත්දැකීම් ගැන තොරතුරැ මෙන්න 06.05.2026

Each year Australians gather on Anzac Day to remember those who served in wars, conflicts and peacekeeping missions. But whose stories are we remembering? Are there stories we don’t always hear? In this episode we explore an important part of Australia’s history that has often been overlooked—the service of Aboriginal and Torres Strait Islander peoples. - ඔස්ට්‍රේලියානු ආදිවාසි ජනතාව ඔස්ට්‍රේලියාන...

'අපි ලෝකේ කොහේ හිටියත් හදවතින්ම ලාංකිකයි' - කැන්බරා අගනුවර සිංහල දෙමළ අලුත් අවුරුදු සැමරුමට එක්වූවන් දැක්වූ අදහස් 06.05.2026

ඔස්ට්‍රේලියා අගනුවර භූමි ප්‍රදේශයේ (Australian Capital Territory ACT) කැන්බරා අගනුවර ශ්‍රී ලංකා සංවිධානය ප්‍රමුඛව තවත් ප්‍රජා සහ ක්‍රීඩා සංගම් රැසකගේ දායකත්වයෙන් අප්‍රේල් 18 වෙනි දා පැවැත්වුණු සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවයට SBS සිංහල සේවයත් එක් වුණා. මේ එහිදී අප සමග අදහස් බෙදා ගත් කැන්බරා නුවර ශ්‍රී ලාංකිකයින්.

Lyt til podcasten SBS Sinhala - SBS සිංහල වැඩසටහන i Replaio

Radio og podcasts i én app - gratis og uden tilmelding. Installer i dag, og gå ikke glip af lanceringen

Hent den på Google Play

Replaio er ikke podcastudgiver; programmernes navne, coverbilleder og lyd tilhører deres ophavsmænd og distribueres via offentlige RSS-feeds.