SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1887 episoder

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Husk at besøge podcastens hjemmeside og støtte skaberen: www.sbs.com.au

Forfatter

SBS

Kategori

News

Podcastens hjemmeside

www.sbs.com.au

Seneste episode

27. okt. 2026

Hvor kan du lytte?

Podcasts i appen Replaio Radio Kommer snart

Podcasts kommer snart til appen. Installer nu, og vær den første til at se en helt ny tilgang til podcasts

Hent den på Google Play Installer gratis Android næsten 10 mio. downloads · 4,8 i bedømmelse iOS snart

Episoder

ශ්‍රී ලංකාවේ යුද ජයග්‍රහණයට වසර 17 යි - සිඩ්නි හි නියඟලා මල් ස්මාරකයක් එළිදකී 18.05.2026

බටහිර සිඩ්නි පෙන්ඩල් හිල්ස් ප්‍රදේශයේ මහජන උද්‍යානයක දී දෙමළ ප්‍රජා ස්මාරකයක් විවෘත කෙරුණා. දෙමළ අනන්‍යතාවයේ සංකේතයක් වන කාර්තිගෛ පූ නැතහොත් නියඟලා මලෙහි හැඩයෙන් මෙම ස්මාරකය නිර්මාණය කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා හමුදා සහ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය අතර වසර තිහකට ආසන්න කාලයක් පැවැති ගැටුම යුද ජයග්‍රහණයකින් අවසන් වී මේ වසරේ මැයි 18 වෙනි දා ට වසර 17 ක් සපිරෙන පසුබිමක දී වීම සුවිශේෂී වනවා. මේ ඒ පිළි...

2027දී එන Capital Gains Tax සංශෝධන නිසා ඔස්ට්‍රේලියාවේ නිවාස මිල පහළ වැටෙයිද? 18.05.2026

ඔස්ට්‍රේලියාවේ දේපළ ආයෝජකයන්ට ලබන වසරේ පැමිණෙන වැදගත් බදු සංශෝධන හේතුවෙන්, ඊට පෙර බොහෝ ආයෝජකයින් තම දේපළ විකිණීමට කටයුතු කරයිද යන්න පිළිබඳ ප්‍රශ්න මතුවෙමින් තිබෙනවා. පසුගිය ෆෙඩරල් අයවැයෙන් negative gearing ක්‍රමවේදය සම්බන්ධ වෙනස්කම් වලට අමතරව, 2027 ජූලි 1 සිට වසරකට වැඩි කාලයක් දේපළක් තබාගන්නා ආයෝජකයන්ට Capital Gains Tax (CGT) වට්ටම් නීතිවල ප්‍රතිලාභ ලබාදෙන ආකාර වෙනස් වනවා. මෙම වෙනස්කම් ක්‍රියාත්මක...

මව්බිමෙන් පුවත්: වාහන ආනයන අධි භාරයෙන් මිල වැඩි වෙන්නෙ නෑ - නි.අමාත්‍ය අනිල් ජයන්ත / විහිළු කතා නැතිව රටේ ආර්ථික ජනතාවාදීව හසුරුවන්න - විපක්ෂ නායක 18.05.2026

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: 'ඉතිහාසයේ විශාලතම සංක්‍රමණ කප්පාදුව ලිබරල් සන්ධානයෙන්' - විපක්ෂ නායක පිළිතුරු කතාවේ දී කියයි 18.05.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 18වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: විරැකියාව ඇති පසුබිමක විශ්වාසී ආදායම් මාර්ගයක් හිමි කෙන්යාවේ වෘත්තිමය හඬා වැළපෙන්නෝ 17.05.2026

අවමංගල්‍යයකට සහභාගී වන පිරිස වැඩි කරගන්නේ කොහොම ද? දේහයක් භූමදාන කෙරෙන අවස්ථාව සංවේදියි. පවුලේ නෑදෑ හිතමිතුරන් සිය අවසන් සමුගැනීම සිදු කරනවා. නමුත් තවත් පිරිසකට මේ සිය රැකියාවේ කොටසක් පමණයි. කෙන්යාවේ වෘත්තිමය හඬා වැළපෙන්නන් පිළිබඳවයි අද කාලීන විග්‍රහය.

'Navigation භාවිතය Voice Prompt ඔස්සේ සිදු කරන්න', ජාතික මාර්ග ආරක්ෂණ සතියේ රිය උපදේශකවරයෙකුගෙන් උපදෙස් 17.05.2026

ඕස්ට්‍රේලියාවේ ජාතික මාර්ග ආරක්ෂණ සතිය අදින් ඇරඹෙනවා. එයට සමගාමිව ඕස්ට්‍රේලියාවේ රිය උපදේශකවරයෙකු සමඟ කළ මේ සාකච්ඡාවට ඔබත් සවන් දෙන්න. වාහන දෙකක් අතර නිසි පරතරය, වේග සීමා සහ රිය ධාවනයේ දී වැදගත් වන දේ පිළිබඳ දැනුවත් වෙන්න.

'කවදා හරි දවසක ජීවිතේ මතක හිටින්නේ විභාග, පාඩම් වැඩ නෙවෙයි, පවුලේ අයත් එක්ක සතුටින් කරපු කියපු හරියට මේ අලුත් අවුරුදු සැමරුම් වගේ දේවල්' - කැන්බරා අගනුවරින් ඇසෙන අනාගත පරපුරේ අදහස් 16.05.2026

ඔස්ට්‍රේලියාවේ ඉපදුණු සහ හැදී වැඩෙන අපේ දරුවන්ට අපේ අලුත් අවුරුදු සැමරුම් දැනෙන්නේ කොහොම ද? ඔස්ට්‍රේලියාවේ අගනුවර භූමි ප්‍රදේශයේ (Australian Capital Territory ACT) කැන්බරා නුවර පැවැත්වුණු සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවයේ දී SBS සිංහල සේවය සමග කතාබහ කල ශ්‍රී ලාංකීය පසුබිමක් සහිත මේ දු පුතුන් දැක්වු අදහස් වලට සවන් දෙන්න.

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, මැයි 11 - මැයි 15 15.05.2026

මැයි 11වන දා සිට මැයි 15වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.

තරුෂි එක්ක තරු කතා: මට ආපු එකම අභියෝගය මගේ පියා මාධ්‍ය කේෂ්ත්‍රයේ දැවැන්තයෙක් වීම නිසා ආපු කැපිලි කෙටිලියි - උරේෂා රවිහාරි 15.05.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.

අයවැයෙන් යෝජිත ස්ථිර පදිංචි අවස්ථා ලබා ගන්න මීළඟ ට කල යුත්තේ කුමක් ද? - සංක්‍රමණ නීතිඥ සුසන්ත කටුගම්පල කරන පැහැදිලි කිරීම 15.05.2026

ෆෙඩරල් අයවැය මගින් ස්ථිර සංක්‍රමණ අගය ඒ අයුරින්ම පවත්වා ගැනීමටත් ඉන් වැඩි කොටස නිපුණතා සංක්‍රමණිකයින්ට ලබා දීමටත් යෝජිතයි. ඔස්ට්‍රේලියා ෆෙඩරල් පාර්ලිමේන්තුවේ සංක්‍රමණ පිළිබඳ ස්ථාවර කමිටුව හමුවේ ඒ පිළිබඳ යෝජනා සහ අදහස් ලබා දීමට සංක්‍රමණ නීතිඥ දොන් සුසන්ත කටුගම්පල මහතා එක් වී සිටියා. SBS සිංහල සේවය සමග කැන්බරා නුවර පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඒ පිළිබඳ ඔහු පල කල අදහස් වලට සවන් දෙන්න.

ක්‍රීඩා විග්‍රහය: එක්දින නායකයා කුසල් මෙන්ඩිස්? උප නායකත්වයේත් වෙනසක්?/ ශම්මි ඉල්ලා අස් වූ හේතුව / රත්මලාන බිහිරි විදුහලට ඓතිහාසික පැසිපන්දු ජයක් 15.05.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

කෝල්ස් සුපිරි වෙළඳසැල් ජාලය ව්‍යාජ වට්ටම් ප්‍රවර්ධනය කර පාරිභෝගිකයින් නොමඟ යවලා - ෆෙඩරල් අධිකරණයෙන් තීන්දුවක් 15.05.2026

කෝල්ස් සුපිරි වෙළඳසැල් ජාලය සම්බන්ධයෙන් බ්‍රහස්පතින්දා (14) උදෑසන අධිකරණය තීන්දුවක් ලබා දුන්නා. 'Down Down' නමින් භාණ්ඩ මිල පහළ දමා කළ වට්ටම් ප්‍රචාරණය පාරිභෝගිකයන් නොමඟ යැවීමක් බවටයි එලෙස ෆෙඩරල් අධිකරණ විනිශ්චය කළේ. ඒ පිළිබඳ වැඩිදුර විස්තර සඳහා මේ කෙටි විශේෂාංගයට සවන් දෙන්න.

මව්බිමෙන් පුවත්: වැඩි වෙන ගංවතුර අවදානම / මල්වානේ ගෙට පැන්න අන්තරේ 15.05.2026

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: ඉදිකර ඇති නිවාස ගණන මත පදනම්ව අනාගත ලිබරල් රජයක් යටතේ සංක්‍රමණය සීමා කරනවා - විපක්ෂ නායක 15.05.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 15 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

ඔස්ට්‍රේලියානු රජයේ නව බදු සංශෝධන හේතුවෙන් පළමු නිවාස ගැනුම් කරුවන්ට සැබවින්ම සහනයක් ලැබෙනවද? 14.05.2026

මෙවර අයවැය ඉදිරිපත් කිරීමට පෙර, නිවාස ආයෝජකයන්ට බලපාන වෙනස්කම් මොනවාද යන්න පිළිබඳව බොහෝ අනුමාන පැතිර ගියා. භාණ්ඩාගාරික ජිම් චාමර්ස් විසින් 'capital gains tax' බදුසහනය සහ 'negative gearing' බදු සහනය සම්බන්ධයෙන් ගෙන එන සැලසුම් මේවනවිට පැහැදිලි වී තිබෙනවා. කෙසේ උවත් මේ නව සංශෝධන හේතුවෙන් ආයෝජකයින් නිවාස වෙළඳපොලෙන් ඉවත්වීමක් සිදුවිය හැකිද? කුලී නිවාස සඳහා ඉල්ලුම ඉහල ගොස් කුලී මිල ගණන් ඉහල යමක් සිදුවේව...

කුඩා තැම්පතු මුදලකින් ගෙයක් ගන්න 'Help to buy' ක්‍රමවේදයේදී ඔස්ට්‍රේලියානු රජය උදව් කලත් ඒ සමග එන රජයේ මේ කොන්දේසි ගැන ඔබ දැනුවත්ද? 14.05.2026

ඔස්ට්‍රේලියාවේ පළමු නිවස ගන්න ඉන්න බොහොමයක් දෙනා, රජයෙන් ලබාදෙන විවිධ සහන ක්‍රමවේද ගැන වැඩි උනන්දුවක් දක්වනවා. වර්තමානයේ ෆෙඩරල් රජයෙන් හඳුන්වාදෙන මේ වගේ වැඩපිළිවෙලක් තමයි මේ 'Help to Buy' කියන ක්‍රමවේදය. ඉතින් මේ ක්‍රමවේදය හරහා රජය සමග හවුලේ ගෙයක් ගන්න එක තමයි සිදු වන්නේ. නමුත් රජය මේ ගනුදෙනුවට සම්බන්ධ වූ විට විවිධ කොන්දේසි වලට ඔබට යටත් වෙන්න සිදුවනවා. මේ වගේ කොන්දේසි කිහිපයක් ගැන ඔබව දැනුවත් කරන්...

Tips to reduce petrol costs | Fuel in Focus - ඔස්ට්‍රේලියාවේදී ඉන්ධන සඳහා වැයවන මුදල් ප්‍රමාණය ඉතිරි කරගන්න ඔබ මේ ක්‍රම අත්හදා බැලුවාද? 14.05.2026

Rising fuel prices are putting pressure on household budgets across Australia, and for many people, it’s changing the way they travel. So what can you do to reduce your fuel costs without giving up your daily routine? Here are some simple, practical ways to save money on petrol. - අපේ දෛනික ජීවිතය වෙනස් නොකර ඉන්ධන වියදම් අඩු කරගන්න ක්‍රමයක් තියෙනවද? මෝටර් රථ ඉන්ධන සඳහා වැයවන මුදල් ඉතිරි කරගැනීමට ප...

ඔස්ට්‍රේලියාවේ අලුත් අයවැයෙන් නිපුණතා සංක්‍රමණිකයින්ට PR ගන්න වැඩි අවස්තාවක් දෙනවද? 14.05.2026

ෆෙඩරල් අයවැය යෝජනා වලට අනුව වසරකට ඔස්ට්‍රේලියාවට ලබා ගන්නා ස්ථිර සංක්‍රමණිකයින් ගණන 185,000ක් ලෙස තව දුරටත් පවත්වාගෙන යන්න යෝජනා වෙලා තිබෙනවා . මේ අතරින් 70%කට වැඩි ප්‍රමාණයක් නිපුනතා සහිත සංක්‍රමණිකයින්ට වෙන් කරන්නයි රජය සැලසුම් කරලා තියෙන්නේ. එනම් ඔස්ට්‍රේලියාවට දැන් අවශ්‍ය වෙන්නේ වැඩි දක්ෂතා තියෙන, හොඳ අධ්‍යාපනයක් තියෙන, තරුණ සහ රටේ ශ්‍රම බලකායට ඉක්මනින් එකතු වෙන්න පුළුවන් සංක්‍රමණිකයින්. මේ නව...

ලොව වටා: ඇමරිකා සහ චීන බලවතුන් අතර හමුවක් , ඉන්ධන භාවිතය අඩු කරන ලෙස ඉන්දීය අගමැති ඉල්ලයි 14.05.2026

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: 'වෙනස්කම් යටතේ සංක්‍රමණික ප්‍රජාවට ව්‍යාපාර ඇරඹීම පහසු වනවා' - කුඩා ව්‍යාපාර කටයුතු ඇමතිනි 14.05.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 14වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

අපේ වහරේ කතා අහුරක්: ඈ මුදලාලි! එතකොට මං සියඹලා ගෙනල්ලාම නැද්ද? 13.05.2026

අපේ වහරේ එන රස කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ සියඹලා විකුණා ගන්න ගිහිං අමාරුවෙ වැටුණ ගැමියාගේ කතාව.

● ස්ථිර පදිංචි ලකුණු ක්‍රමයට වෙනස්කම් ● මෙඩිකෙයාර් සීමා ඉහළට ● නිවාස දේපළ බදු සංශෝධනයට - මෙන්න අයවැයෙන් සහන ලබන හා පාඩු ලබන අය 13.05.2026

ඔස්ට්‍රේලියාවේ පාලක කම්කරු පක්ෂයේ පස්වන අයවැයෙන් යෝජනා කර ඇති බදු සහ ප්‍රතිපත්ති වෙනස්කම් මොනවා ද? SBS සිංහල සේවය ඔස්ට්‍රේලියාවේ ඉදිරි මූල්‍ය වර්ෂය සඳහා ගෙන ආ අයවැය යෝජනා පිළිබඳ ගෙන එන මේ විග්‍රහයට සවන් දෙන්න.

SBS සිංහල පුවත්: නිපුණතා සහිත කාර්මික අංශයේ සංක්‍රමණික සේවකයින්ට මෙවර අයවැයෙන් වැඩි අවස්ථාවක් 13.05.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 13වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ 400,000ක් පමණ සීලියැක් රෝගයෙන් පෙළුනත් රෝග විනිශ්චයක් ලබන්නේ සියයට 20යි 12.05.2026

සියයට 70ක් පමණ ඕස්ට්‍රේලියානුවන් සීලියැක් රෝගී තත්ත්වයෙන් පෙළෙන බව වෙස්ලි රිසර්ච් ආයතනය හෙළි කරනවා. ලෙබනන් සම්භවයක් ඇති තරුණ ඔස්ට්‍රේලියානු කාන්තාවක් අමුතු වැඩක් අරඹා තිබෙනවා. සීලියැක් රෝගයේ ඇගේ අත්දැකීමත් සමඟ අනෙක් අයව දැනුවත් කරන්න ඇය පෙළඹිලා. ඒ නිර්මාණශීලී අයුරින්. සීලියැක් රෝගය පිළිබඳව වැඩි අවබෝධයකින් යුත් ප්‍රජාවක් දැකීමයි ඇගේ බලාපොරොත්තුව. අද කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.

ඔස්ට්‍රේලියානු ආර්ථිකය නැවත ගොඩනැගීමේ දුෂ්කර මාර්ගය තෝරාගත් අයවැයක් ලෙස හඳුන්වාදෙමින් භාණ්ඩාගාරික ජිම් චාමර්ස් අයවැය යෝජනා ඉදිරිපත් කරයි 12.05.2026

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජයේ භාණ්ඩාගාරික ජිම් චාමර්ස් අය වැය ඉදිරිපත් කිරීම අද සිදුකලා. දුෂ්කරවූ ආර්ථික ප්‍රතිසංස්කරණ වලට වැඩි අවධානයක් යොමුකරන අයවැයක් ලෙස මේ අයවැය ඔහු හඳුන්වා දුන්නා. රාජ්‍ය විදම් අවම කිරීමට මේ අයවැයේදී කටයුතු කර ඇති බව ලේබර් රජය පවසනවා. විශේෂයෙන්ම ඔස්ට්‍රේලියානු මහබැංකු ප්‍රධානි මිෂෙල් බුලොක් සහ ආර්ථික විශේෂඥයින් රාජ්‍ය වියදම් අවම කිරීම ඉතා වැදගත් බවත් එසේ නොවුනහොත් උද්ධමනය තවදුරට...

Lyt til podcasten SBS Sinhala - SBS සිංහල වැඩසටහන i Replaio

Radio og podcasts i én app - gratis og uden tilmelding. Installer i dag, og gå ikke glip af lanceringen

Hent den på Google Play

Replaio er ikke podcastudgiver; programmernes navne, coverbilleder og lyd tilhører deres ophavsmænd og distribueres via offentlige RSS-feeds.