SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Vizitează neapărat site-ul podcastului și susține-i creatorul: www.sbs.com.au
Unde asculți?
Podcasturi în aplicație Replaio Radio În curândPodcasturile ajung în curând în aplicație. Instaleaz-o acum și fii primul care descoperă o abordare complet nouă a podcasturilor
Episoade
වීසා බලපත්‍රයේ කොන්දේසි උල්ලංඝනය කළොත් ලැබෙන 'Notice of intention to consider cancellation' ගැන දැනුවත් වෙමු 23.06.2025 7:08
ඕස්ට්‍රේලියාවේ වීසා බලපත්‍රයක් ඇති ඕනෑම කෙනෙකු දැනුවත්ව සිටිය යුතු Notice of intention to consider cancellation යනු පුද්ගලයෙකුගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමට සලකා බැලීමක් සිදු කෙරෙන බව ලිඛිතව දැනුම්දීමයි. මෙවැනි ලිපියක් ලැබීමට හේතු සහ ගත යුතු පියවර පිළිබඳ SBS සිංහල සේවය කළ සාකච්ඡාවට සවන් දෙන්න.
ශිෂ්‍ය වීසා ක්‍රමවේදයේ වෙනස්කම් නිසා වෘත්තීය අධ්‍යාපන ආයතන වැනි ස්වාධීන අංශ අර්බුදයක: කාලීන විග්‍රහය ජූනි 23 23.06.2025 7:50
ෆෙඩරල් රජය විසින් 2024 සිට ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව සීමා කිරීම උදෙසා වීසා අයදුම්පත් ගාස්තු වැඩි කිරීම සහ වීසා සැකසීම මන්දගාමී කිරීම වැනි ප්‍රතිපත්ති හඳුන්වා දී තිබෙනවා. ඉංග්‍රීසි භාෂාව සහ වෘත්තීය අධ්‍යාපන ආයතන වැනි ස්වාධීන අධ්‍යාපන අංශවලට මෙම වෙනස්කම් දැඩි ලෙස බලපා ඇති අතර සමහර ඒවා වැසී යාමට ද හේතු කාරණා වී තිබෙනවා. ඒ පිළිබඳ මේ විශේෂාංගයෙන් අපි කතා කරනවා.
SBS සිංහල Newsflash ජූනි 23: ඇමරිකාවේ ඉරාන ප්‍රහාරය ගැන ඕස්ට්‍රේලියානු රජයේ ප්‍රතිචාරයට විපක්ෂයෙන් විරෝධය 23.06.2025 4:28
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 23වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
'කෙහෙළිය ලෙඩ්ඩුයි වෛද්‍යවරුනුයි දෙගොල්ලම රවට්ටලා', සෞඛ්‍ය ඇමති නලින්ද කියයි: මවුබිමෙන් පුවත් ජූනි 23 22.06.2025 8:06
අද - ජූනි මස 23 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයිි
ඕස්ට්‍රේලියාවේ දෙවැනි වැඩිම පිළිකාව වන බඩවැල් පිළිකාවෙන් ආරක්ෂා වෙන්න මේ ගැනත් දැනගන්න 22.06.2025 9:55
මේ ගෙවීගෙන යන ජුනි මාසය වන Bowel Cancer Awareness Month හෙවත් "බඩවැල් පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසයට" සමගාමීව, බඩවැල් පිළිකා පිළිබඳව සහ එමගින් ආරක්ෂා වීමට දැන සිටිය යුතු කරුණු සම්බන්ධයන් වන සාකච්චාවට සවන්දෙන්න
'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, ජුනි 16 - ජුනි 20 20.06.2025 8:01
ජුනි 16 වනදා සිට ජුනි 20 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන සුවිශේෂී පුවත් ඇතුලත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න
ඉදිරියේදී හොඳ නවක ක්‍රීඩකයෝ ලංකා කණ්ඩායමට එයි, ටෙස්ට් පිටියට සමුදෙමින් මැතිව්ස් කියයි: ක්‍රීඩා විග්‍රහය 20.06.2025 8:12
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයට" සවන්දෙන්න
'පැරණි දේශපාලනය පරිවර්තනය කරන අභියෝගෙට අපි හොඳින් මුහුණ දෙනවා', ජනපති අනුර කියයි: මවුබිමෙන් පුවත් ජූනි 20 20.06.2025 8:14
අද - ජූනි මස 20 වන සිකුරාදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
සරණාගතයන් සහ රැකවරණ පතන්නන් අතර අනෙකුත් ප්‍රජාවට වඩා මානසික සෞඛ්‍ය ගැටලු ඉහළයි, පර්යේෂණ පවසයි: කාලීන විග්‍රහය 20.06.2025 8:44
ඕස්ට්‍රේලියාවේ සිටින සරණාගත ප්‍රජාව සහ රැකවරණ පතන්නන් අතර සියදිවි නසාගැනීම්, පසු කම්පන ආතති තත්ත්වයන් සහ මානසික සෞඛ්‍ය ගැටළු අනෙකුත් ප්‍රජා කණ්ඩායම්වලට වඩා බෙහෙවින් වැඩි බව පර්යේෂණවලින් පෙන්නුම් කරනවා. ඔවුන්ගේ සංස්කෘතියට හෝ භාෂාවට ගැළපෙන පරිදි මානසික සේවා සත්කාර හෝ තොරතුරු වෙත ප්‍රවේශ විය නොහැකි නිසා මානසික සෞඛ්‍ය ගැටලු බොහෝ විට නරක අතට හැරෙනවා. Wesley LifeForce යනු මෙම තත්ත්වය මග හැරවීම සඳහා ක්‍ර...
SBS සිංහල Newsflash ජූනි 20: ඊශ්‍රායලයේ සහ ඉරානයේ සිටින ඕස්ට්‍රේලියානුවන් මුදවා ගැනීමේ කටයුතු දිගටම 20.06.2025 5:14
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 20 වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
ඔබ රැකියාවකට අයදුම් කල විට ඔබේ සුදුසුකම් පරීක්ෂා කිරීමට AI තාක්ෂනය භාවිතා වන ආකාරය ගැන තොරතුරු මෙන්න 19.06.2025 10:06
ඔබ රැකියාවකට අයදුම් කල විට ඔබගේ සුදුසුකම් පිළිබඳව අධ්‍යයනය කුත්‍රිම බුද්ධිය එනම් AI තාක්ෂනය භාවිතා වීම බහුලව අපට දක්නට ලැබෙනවා. වර්තමානය වන විට රැකියාවකට සුදුස්සකු තෝරා ගැනීමේ ක්‍රියාවලිය තුල ආයතන විසින් AI තාක්ෂනය භාවිතා කිරීම පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න
මත්ද්‍රව්‍ය වල ඇති අනතුරුදායක රසායනික ද්‍රව්‍ය පරීක්ෂාකර ගැනීමට වික්ටෝරියාවේ නව මධ්‍යස්ථානයක්: කාලීන විග්‍රහය 19.06.2025 8:22
නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතාව තහනම් උවත් ඇතැම් පිරිස් අනවසරයෙන් මේවා භාවිතාවට පෙළඹී තිබෙනවා. මෙම මත්ද්‍රවය වල ඇති රසායනික ද්‍රව්‍ය පිළිබඳව බොහෝවිට මේවා භාවිතා කරන අයට දැනුමක් නොමැති වනවා. මේ නිසා විශාල සෞඛ්‍ය අවධානමකට මේවා භාවිතා කරන්නන් මුහුණ දෙනවා. නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ට එම මත්ද්‍රව්‍ය වල ඇති රසායනික සංයුතිය පරීක්ෂා කරගත හැකි ස්ථිර ස්ථානයක් පිහිටුවීමට සැලසුම් කර සිටින බව වික්ට...
සීත කාලයේ දී වැඩිහිටියන්ගේ ආහාර ජීර්ණ ක්‍රියාවලියට වන බලපෑම් සහ කල් තියා කළ යුතු දේ පිළිබඳ දැනුවත් වෙමු 19.06.2025 10:29
සීත කාලයේ දී වැඩිහිටි ප්‍රජාවගේ ආහාර ජීර්ණය වීමේ ක්‍රියාවලියට වන බලපෑම්, සැලකිලිමත් විය යුතු කරුණු සහ යහපැවැත්ම වෙනුවෙන් කල් තියා කළ යුතු දේ පිළිබඳ SBS සිංහල සේවය විසින් කළ සාකච්ඡාවට සවන් දෙන්න.
SBS සිංහල Newsflash ජූනි 19: ආර්ථික අභියෝගවලට මුහුණ දීමට බදු වෙනස්කම් අත්‍යවශ්‍ය බව භාණ්ඩාගාරික චාමර්ස් පවසයි 19.06.2025 5:09
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 19වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
ඊශ්‍රායල ඉරාන යුද්ධය තවත් අවුළුවමින් ඉරානයෙන් ඊශ්‍රායලයට Hypersonic මිසයිල ප්‍රහාර: 'ලොව වටා' 19.06.2025 8:19
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ධ වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.
SBS සිංහල Newsflash ජූනි 18: ඕස්ට්‍රේලියානු ආර්ථිකය ගැන ඉදිරි සැලසුම් භාණ්ඩාගාරිකවරයා විසින් අද ඉදිරිපත් කරයි 18.06.2025 5:30
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 18 වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
සමුද්‍ර දූෂණය වැලක්වීමට ජාත්‍යන්තර වශයෙන් නව නීති ගෙන ඒමට ඔස්ට්‍රේලියාවත් සහාය දක්වයි: කාලීන විග්‍රහය ජූනි 17 17.06.2025 5:58
සමුද්‍ර ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රංශයේ පැවති එක්සත් ජාතීන්ගේ සමුළුවේදී සමුද්‍ර දූෂණය පිටුදැකීමට නව එකඟතාවයක් ඇතිකර ගැනීම සඳහා ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 96ක් එකඟ වී තිබෙනවා. ජාත්‍යන්තර මුහුදු කලාපවල සමුද්‍ර ජීවීන් ආරක්ෂා කිරීම පිළිබඳව ඉතා වැදගත් එකඟතාවයකට මේ වසර අගදී පැමිණීමට මෙම රටවල් බලාපොරොත්තු වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්
SBS සිංහල Newsflash ජූනි 17: ඉරානයේ රාජ්‍ය ප්‍රවෘත්ති නාලිකාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් 17.06.2025 4:51
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 17වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
Your guide to snow trips in Australia - ඕස්ට්‍රේලියාවේ හිම බලන්න යද්දී ඔබ දැනගතයුතු වැදගත්ම දේවල් මෙන්න: Australia Explained 17.06.2025 12:12
Australia may be known for its beaches, but its snowfields offer unforgettable winter experiences—whether you're skiing, tobogganing, throwing snowballs, or seeing snow for the very first time. In this episode, we’ll guide you through everything you need to know for a snow trip, from what to pack and where to go, to how to stay safe, warm, and ready for fun. - මේ ශිත කාලයේ බොහෝ දෙනෙක් හිම බැලීමට ය...
රෝගීන්ගෙන් අධික ගාස්තු අය කරන විශේෂඥ වෛද්‍යවරුන් වෙත ලබා දෙන මෙඩිකෙයාර් ප්‍රතිලාභ අත්හිටුවීමට යෝජනාවක් 16.06.2025 4:52
විශේෂඥ වෛද්‍ය සේවා ගාස්තු අධික වීම නිසා මිලියන දෙකක් පමණ වූ ඕස්ට්‍රේලියානුවන් වෛද්‍ය සේවා ලබා ගැනීම කල් දැමීම හෝ මග හැරීම සිදු කරනවා. නව වාර්තාවක් විසින් යෝජනා කරන්නේ දැරිය නොහැකි ගාස්තු අය කරන වෛද්‍යවරුන් වෙත හිමිවන මෙඩිකෙයාර් ප්‍රතිලාභය කප්පාදු කිරීම මෙයට විසඳුමක් වනු ඇති බවයි. ඒ පිළිබඳව මේ විශේෂාංගයෙන් අපි කතා කරනවා.
මේ සීත කාලයේ රුධිර සීනි මට්ටම පාලනය කරගනිමින් දියවැඩියාව පාලනය පිළිබඳ දැනුවත් වෙමු 16.06.2025 10:14
මේ ගත වන සීත සෘතුවේ අපි කැමතියි නිවසට වෙලා ඉන්න. ඒ විතරක් නෙවෙයි පැණි රස දේවල් කන්න බොන්නත් මේ කාලයේ වැඩි ආසාවක් ඇති වෙනවා. ඉතින් මේ කාල සීමාවේ සිරුරේ සීනි මට්ටම් ඉහළ යාමට ඇති ප්‍රවණතාව ඉහළයි. සීත සෘතුවේ දී ශරීරයේ ඉහළ යන සීනි මට්ටම් පාලනය පිළිබඳ SBS සිංහල සේවය විසින් සිදු කළ වෛද්‍ය සාකච්ඡාවට සවන් දෙන්න.
ලංකාවේ රෝගීන්ට විශාල ඖෂධ හිඟයක්, විපක්ෂ නායක සජිත්ගෙන් හෙළිදරව්වක්: මවුබිමෙන් පුවත් ජූනි 16 16.06.2025 8:17
අද - ජූනි මස 16 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
ඕස්ට්‍රේලියාවේ ජනප්‍රිය sunscreen රැසක් නිසි ප්‍රමිතියට නැතැයි නවතම වාර්තාවක් කියයි: කාලීන විග්‍රහය ජූනි 16 16.06.2025 11:18
අධ්‍යයනයට යොදාගත් ඕස්ට්‍රේලියාවේ ජනප්‍රිය sunscreen නිෂ්පාදන 20 න් හතරක් පමණක් හිරු ආරක්ෂාව පිළිබඳ ඔවුන්ගේ ප්‍රකාශ සපුරාලන බව නවතම වාර්තාවකින් සොයාගෙන තිබෙනවා.පාරිභෝගික උපදේශක කණ්ඩායමක් වන CHOICE හි නව වාර්තාවක් මේ බව හෙළිදක්වා ඇති අතර මෙම සොයාගැනීම් ඕස්ට්‍රේලියානු පාරිභෝගිකයින්ගේ දැඩි අවදානයටත් කනස්සල්ලටත් පත්ව තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්
SBS සිංහල Newsflash ජූනි 16: G7 සමුළුව අතරතුර ඕස්ට්‍රේලියානු අගමැති සහ ඇමරිකානු ජනපති අතර හමුවක් 16.06.2025 5:29
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 16වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
ඕස්ට්‍රේලියාවේ ශීත කාලයත් එක්ක මේ වෙද්දී ව්‍යාප්ත වෙන අලුත් කොවිඩ් ප්‍රභේධය ඇත්තටම භයානකද, තොරතුරු මෙන්න 15.06.2025 9:37
ඕස්ට්‍රේලියාවට මේ වනවිට ආරම්භ වී තිබෙන ශිත සෘතුවත් සමග NB.1.8.1 variant වශයෙන් හැඳින්වෙන නව කොව්ඩ් ප්‍රභේධ ව්‍යාප්තිය භයානකද සහ එමගින් ආරක්ෂා වීමට කල යුතු දේ පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
Podcasturi asemănătoare
Replaio nu este editorul podcasturilor; numele emisiunilor, coperțile și materialul audio aparțin autorilor lor și sunt distribuite prin fluxuri RSS publice