SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Vizitează neapărat site-ul podcastului și susține-i creatorul: www.sbs.com.au
Unde asculți?
Podcasturi în aplicație Replaio Radio În curândPodcasturile ajung în curând în aplicație. Instaleaz-o acum și fii primul care descoperă o abordare complet nouă a podcasturilor
Episoade
SBS සිංහල Newsflash ජූලි 22: තද සුළංවලින් ප්‍රවේශම් වන ලෙස දකුණු ඕස්ට්‍රේලියාවේ ජනතාවට දැනුම් දීමක් 22.07.2025 5:15
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 22වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
පොලී අනුපාත කප්පාදු නොකිරීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියානු නිවාස වෙළඳපලේ අලුත්ම තත්වය ගැන තොරතුරු මෙන්න 22.07.2025 8:30
ඕස්ට්‍රේලියානු මහ බැංකුව පසුගියදා රැස් වුනත් බොහෝදෙනා අපේක්ෂා කල ආකාරයේ පොලී අනුපාත කප්පාදුවක් සිදු කලේ නෑ. කෙසේ උවත් අගෝස්තු මාසයේදී නැවත පොලී අනුපාත කප්පාදුවක් ඇතිවන බවට අනාවැකි පලවනවා. මේ අතර කුලී නිවාස මිල පිළිබඳවද යම් ගැටළු කාරී තත්වයක් ඕස්ට්‍රේලියානු නිවාස වෙළඳපොල තුල පවතිනවා. වර්තමාන ඕස්ට්‍රේලියානු නිවාස වෙළඳපොල පිලිබඳව වැඩිදුර තොරතුරු මේ සාකච්ඡාවෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
අද පැවැත්වෙන නව ෆෙඩරල් පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ගැන තොරතුරු මෙන්න 22.07.2025 8:24
ඕස්ට්‍රේලියාවේ 48 වෙනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය අද එනම් ජූලි 22වනදා පැවැත්වෙනවා. පසුගිය මැයි මාසයේ පැවති මහ මැතිවරණයෙන් නවක මන්ත්‍රීවරුන් 40දෙනෙකු පමණ මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වී තිබෙනවා. අද දිනයේ පැවැත්වෙන නව පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය හා සම්බන්ධ තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්
මුල් ළමාවිය අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා වන අයදුම්පත් දැන් විවෘතයි 21.07.2025 3:54
මුල් ළමා විය අධ්‍යාපන ක්ෂේත්‍රය හෙවත් 'Early childhood education and care' අංශයේ සේවා සපයන්නන් හට සිය කාර්යමණ්ඩල පුහුණු සහ සංවර්ධන කටයුතු සඳහා ප්‍රතිපාදන ලබා ගැනීමට නැවත වරක් අයදුම් කිරීමේ අවස්ථාව හිමිවී තිබෙනවා. මෙම අයදුම් වටය පිළිබඳ තොරතුරු මේ කෙටි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
කබලේ බැදගත් පොල් සහ කිතුල් පැණි සමඟ ශ්‍රී ලංකාවේ රස පදමට ලැමින්ග්ටන් හදමු, ජාතික ලැමින්ග්ටන් දිනය අදයි 21.07.2025 6:10
ඕස්ට්‍රේලියාවේ ඕනෑම බේකරියක, කැෆේ එකක වගේ ම සුපිරි වෙළඳසැලකත් දැකිය හැකි ආහාරයක් තමයි ලැමින්ග්ටන්. මේ රසවත් ආහාරයට ඔස්ට්‍රේලියාව කොතරම් ආදරය කරනවා ද කිවහොත්, ජූලි 21වන දා ජාතික ලැමින්ග්ටන් දිනය කෙස නම් කර තිබෙනවා. මෙහි ඉතිහාසය සහ ශ්‍රී ලාංකේය ක්‍රමයට ලැමින්ග්ටන් සාදාගත හැකි ආකාරය පිළිබඳ SBS සිංහල සේවය කළ සාකච්ඡාවට සවන් දෙන්න.
AI භාවිතයෙන් සිදු කරන ළමා අපයෝජනවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි, විශේෂඥයෝ පවසති: කාලීන විග්‍රහය 21.07.2025 7:16
ළමා අපයෝජනය නිරුපණය කෙරෙන පින්තූර, වීඩියෝ, අකුරු වැනි දේ නිර්මාණය කරන AI මෙවලම් ළඟ තබා ගැනීම හෝ භාවිත කිරීම අපරාධයක් ලෙස නම් කරන මෙන් ෆෙඩරල් රජය වෙත ඉල්ලීම් ඉදිරිපත් වෙමින් පවතිනවා. ළමා ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින්නන් පවසන්නේ සදාචාරාත්මක AI භාවිතය සඳහා ගෝලීය ප්‍රමිතීන් සැකසීම සහ දරුවන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ඕස්ට්‍රේලියාව පෙරමුණ ගත යුතු බවයි. අද කාලීන විග්‍රහයේ අවධානය මේ පිළිබඳවයි.
'ලංකාවේ පොලිසියේ 40% දක්වා පමණ බෝ නොවන රෝගවලින් පෙළෙනවා', වැඩබලන පොලිස්පති කියයි: මවුබිමෙන් පුවත් ජූලි 21 21.07.2025 8:19
අද - ජූලි මස 21 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
SBS සිංහල Newsflash ජූලි 21: ළමාරක්ෂක සේවාවල සිටින දරුවන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛතාවය දෙන බව රජය පවසයි 21.07.2025 5:09
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 21වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, ජූලි 14 - ජූලි 18 18.07.2025 8:19
ජූලි 14 වනදා සිට ජූලි 18 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන පුවත් ඇතුලත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න
වැඩි පිරිසකට Age Pension, Carer Payment සහ DSP ප්‍රතිලාභ ලබා දෙමින් වත්කම් සීමා ඉහළ ගියේ මෙහෙමයි 18.07.2025 4:40
ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට ඇතැම් රජයේ ගෙවීම් හෝ ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලැබීමට නම් ඔබ සතු දේපළ සහ ඉතිරිකිරීම් වැනි වත්කම්වල අගය යම්කිසි මුදල් සීමාවකට යටත් විය යුතු වනවා. මෙම සීමාව වත්කම් සීමාවක් හෙවත් asset limit එකක් වශයෙන් හඳුන්වනවා. මෑතක සිදු වූ වත්කම් සීමාවේ ඉහළ යාම් නිසා පෙරට වඩා වැඩි පිරිසකට පූර්ණ හෝ අර්ධ වශයෙන් Age Pension, Carer Payment හෝ Disability Support Pension ප්‍රතිලාභ ලැබීමට හැකි...
අපි හැමෝම පාවිච්චි කරන සමාජ මාධ්‍ය වල, AI වලින් බොරු තොරතුරු හදන්නේ මෙහෙමයි 18.07.2025 10:29
සමාජ මාධ්‍ය භාවිත කරන අප මේ වනවිට බොහෝ සෙයින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වැරදි තොරතුරු කෙරෙහි AI තාක්ෂණයේ බලපෑම අවබෝධ කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව දැනගතයුතු කරුණු ගැන SBS සිංහල සේවය සිදු කල පළමුවැනි සාකච්චාවට සවන් දෙන්න
'ලෝක කුසලානෙට යන්න කලින් ලංකා කණ්ඩායමේ හදන්න අඩුපාඩු තියෙනවා', ප්‍රධාන පුහුණුකරු සනත් කියයි: ක්‍රීඩා විග්‍රහය 18.07.2025 8:25
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයට" සවන්දෙන්න
SBS සිංහල Newsflash ජූලි 18: ඕස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය ඉහල ගොස් ඇති බවට නවතම දත්ත හෙළිකරයි 18.07.2025 5:23
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 18වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
'සජබෙ ට අලුත් නායකත්වයක් දෙන්න පුළුවන් වෙන අය ඉන්නවා', හිටපු ඇමති නවීන් කියයි :මවුබිමෙන් පුවත් ජූලි 18 18.07.2025 8:09
අද - ජූලි මස 18 වන සිකුරාදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
ඕස්ට්‍රේලියානුවන් බිලිවෙමින් යන දියවැඩියාවෙන් ආරක්ෂා වෙන්න කටයුතු කරන්නැයි සෞඛ්‍ය අංශ ඉල්ලයි: කාලීන විග්‍රහය 18.07.2025 10:29
දියවැඩියාව ඕස්ට්‍රේලියාවේ සිදු වන පුද්ගල මරණ සඳහා හත්වන වඩාත් පොදු හේතුව වේ. මේ හේතුවෙන් දියවැඩියාව වැළැක්වීම සඳහා සෞඛ්‍ය විශේෂඥයින් ඉක්මන් පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටී. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
ඩොලර් බිලියන ගණනක වෙළඳ ගිවිසුමක් නිසා ඇමරිකා ජනපති ට්‍රම්ප් ඉන්දුනීසියාවට බදු අඩු කරයි: 'ලොව වටා' 17.07.2025 8:13
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ධ වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.
Regenerative Landscaping වැනි තිරසර භුමි අලංකරණ කටයුතු උදෙසා ස්වදේශික දැනුම් පද්ධතිය වැදගත් වන්නේ මෙහෙමයි 17.07.2025 5:45
සාම්ප්‍රදායික භූමි අලංකරණයෙන් ඔබ්බට ගිය සංකල්පයක් වන තිරසර බව මූලික කරගත් regenerative landscaping පිළිබඳවත්, මෙහි දී ඕස්ට්‍රේලියාවේ ස්වදේශික දැනුම් පද්ධතියේ ඇති වැදගත්කම පිළිබඳවත් SBS සිංහල සේවය කළ සාකච්ඡාවට සවන් දෙන්න.
කෘතිම රස කාරක භාවිතාව ඉහල යාම නිසා සිදුවන පරිසර හානිය ගැන පර්යේෂණ වාර්තාවක් හෙළිකරයි: කාලීන විග්‍රහය 17.07.2025 6:52
කෘතිම රස කාරක එසේත් නැතිනම් Artificial sweeteners පිළිබඳව අදාළ බලධාරීන් විශේෂ අවධානයක් යොමුකළ යුතු බව පරිසරවේදීන් අනතුරු අඟවා සිටිනවා. මෙම කෘතිම රසකාරක පරිසරයට එකතුවීම සිදුවන අතර ඒවා ඉතා ඉක්මනින් දිරාපත් වීමක් නොවී ජලාශ සහ අවට පරිසරයේ රැඳෙන බව ඔවුන් පෙන්වා දෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
SBS සිංහල Newsflash ජූලි 17: සොරකමකින් පසු සැකසහිත මිලකට අලෙවි වීමට හැකි සුඛෝපභෝගී අත්බෑග පිළිබඳ දැනුම් දීමක් 17.07.2025 5:11
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 17වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
කාඩ්පත් වලින් සිදුකරන ගෙවීම් සඳහා අය කෙරෙන අධිභාරය ඉවත් කරන ලෙසට ඔස්ට්‍රේලියානු මහ බැංකුවෙන් යෝජනාවක් 16.07.2025 4:00
කාඩ්පත් හරහා සිදුකරන ගෙවීම් වලදී පාරිභෝගිකයින්ගෙන් අය කෙරෙන අධිභාරය (surcharge) ඉවත් කිරීමට ඕස්ට්‍රේලියානු මහා බැංකුව යෝජනා කර ඇති බව වාර්තා වනවා. මේ හරහා සමස්තයක් ලෙස ඕස්ට්‍රේලියාවේ පාරිභෝගිකයින්ට වසරකට ඩොලර් බිලියන 1.2ක් පමණ ඉතිරිවන බව මහබැංකුව ප්‍රකාශ කර තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
නොදර්න් ටෙරිටරියට සංක්‍රමණය වෙන අයට පහසුවෙන් රැකියා සොයා ගන්න තියෙන වැඩසටහනක් ගැන තොරතුරු මෙන්න 16.07.2025 3:20
ඔස්ට්‍රේලියාවේ නොදර්න් ටෙරිටරිය වෙත සංක්‍රමණය වීමට බලාපොරොත්තු වන අයට විවිධ ක්ෂේශ්ත්‍ර වල රැකියා සොයා ගැනීම සඳහා ක්‍රියාත්මක වන වැඩසටහනක් පිලිබඳ තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
SBS සිංහල Newsflash ජූලි 16: ඔස්ට්‍රේලියාව සමග සබඳතා ශක්තිමත් කිරීමට චීනය සූදානම් බව චීන ජනපති පවසයි 15.07.2025 5:17
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 16වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
ඕස්ට්‍රේලියාවේ 'childcare' මධ්‍යස්ථාන සඳහා සේවකයින් බඳවා ගැනීමේදී සොයා බලන කරුණු ගැන විස්තර මෙන්න 15.07.2025 10:22
Childcare මධ්‍යස්ථාන එසේත් නැතිනම් ළමුන් රැකබලා ගන්නා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිළිබඳව පසුගිය දිනවල විශාල කතා බහක් ඔස්ට්‍රේලියාව පුරා ඇති වුනා. වයස අවුරුදු 26 වන වික්ටෝරියා ප්‍රාන්තයේ childcare මධ්‍යස්ථානයක සේවය කල පුද්ගලයකු එහි ළමුන්ට ලිංගික අතවර සිදුකල බවට චෝදනා ලබා පොලිස් අත්අඩංගුවට පත් වනු දක්නට ලැබුනා. මෙවැනි සිදුවීම් වාර්තා වීමත් සමග ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙවැනි සේවකයින් බඳවා ගැනීමේදී ඔවු...
How to start your home business in Australia - ඕස්ට්‍රේලියාවේදී ඔබේම නිවසේ සිට ව්‍යාපාරයක් අරඹන්නේ මෙහෙමයි: Australia Explained 15.07.2025 12:27
Did you know that people offering taxi services from home need to register for Goods and Services Tax (GST)—regardless of how much they earn? Or that a fitness instructor needs local council approval to see clients at home? In this episode, we unpack the basic rules you need to know when setting up a home-based business in Australia. - ඔබගේ නිවස පදනම් කරගනිමින් ආරම්භ කරන ව්‍යාපාරයක් හෙවත් home-bas...
SBS සිංහල Newsflash ජූලි 15: 'මෙරට දියවැඩියාව වැළැක්වීමට රජය වැඩි කාර්යභාරයක් කළ යුතුයි', විශේෂඥයෝ පවසති 15.07.2025 4:39
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 15වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
Podcasturi asemănătoare
Replaio nu este editorul podcasturilor; numele emisiunilor, coperțile și materialul audio aparțin autorilor lor și sunt distribuite prin fluxuri RSS publice