SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Vizitează neapărat site-ul podcastului și susține-i creatorul: www.sbs.com.au

Autor

SBS

Categorie

News

Site-ul podcastului

www.sbs.com.au

Cel mai nou episod

18 nov. 2026

Unde asculți?

Podcasturi în aplicație Replaio Radio În curând

Podcasturile ajung în curând în aplicație. Instaleaz-o acum și fii primul care descoperă o abordare complet nouă a podcasturilor

Descarcă din Google Play Instalează gratuit Android 10 mil.+ descărcări · nota 4,7+ iOS în curând

Episoade

ජාතික වැඩිහිටි රැකවරණ සේවා සපයන්නන්ගේ දිනය අදයි, 'Thanks for Caring' 07.08.2026

අගෝස්තු 07වන දා ඕස්ට්‍රේලියාවේ ජාතික වැඩිහිටි රැකවරණ සේවා සපයන්නන්ගේ දිනයයි (Aged Care Employee Day). Ageing Australia දත්ත වාර්තාවලට අනුව 450,000කට වැඩි ශ්‍රම බලකායක් දෛනිකව මිලියන 1.3ක් පමණ වූ වයස්ගත ඕස්ට්‍රේලියානුවන්ට අවශ්‍ය රැකවරණය ලබා දෙනවා. මෙවර ඔවුන් සමරන දිනයේ තේමාව 'Thanks for Caring'.

SBS සිංහල පුවත්: නිවාස සහ නවාතැන්වල ධාරිතාව ඉක්මවා රැඳී සිටින්නන්ට කිසිදු පැකිළීමකින් තොරව නිවැරදි දත්ත ලබා දෙමින් සංගණනයට සහභාගී වන ලෙස දිරිගැන්වේ 07.08.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 07 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your tel...

වසර 5කට පසු පැවැත්වෙන 2026 ඔස්ට්‍රේලියානු ජන සංගණනය පිළිබඳව ඔබ දැන සිටිය යුතු දේ මෙන්න 06.08.2026

ඔබ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවෙක් නොවුණත්, ජාත්‍යන්තර ශිෂ්‍යයෙක් හෝ තාවකාලික වීසා හිමියෙක් වුණත්, අගෝස්තු 11 වැනිදා ඔස්ට්‍රේලියාව තුළ සිටිනවා නම් ඕස්ට්‍රේලියාවේ ජන සංගණනය පිළිබඳව වන මේ කතාව ඔබටත් අදාළයි. නිවැරදි දත්ත ලබාදෙමින් මෙම පෝරමය ඔබ සම්පූර්ණ කිරීමේ ඇති වැදගත්කම මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

‘සංගණනයට ඇත්ත තොරතුරු දෙන්න බය වෙන්න එපා’ - සිනුවර කතු එකමුතුව සභාපති නිහාල් එම්. රූපසිංහ 06.08.2026

පස් වසරකට වරක් පැවැත්වෙන ඔස්ට්‍රේලියාවේ ජාතික සංගණනය සඳහා ශ්‍රී ලාංකික ප්‍රජාවේ ඔබ නිවැරදි දත්ත ලබා දීම කල යුත්තේ ඇයි දැයි නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිංහල සංස්කෘති හමුවේ ලේඛක සංසදයේ (සිනුවර කතු එකමුතුව) සභාපති නිහාල් එම්. රූපසිංහ මහතා SBS සිංහල සේවය සමඟ දැක්වූ අදහස්. 2026 ඔස්ට්‍රේලියා ජාතික සංගණනය අගෝස්තු මස 11 වෙනිදා රාත්‍රියේ පැවැත්වෙනවා. Find our podcasts in the SBS Sinhala podcast collection...

අපේ වහරේ කතා අහුරක්: ගමහාමිනේ කැන්දන් දඩයමේ ගිය ගමරාලගේ කන් දෙකෙන්ම ගිනි පිට වුනේ මෙහෙමයි 06.08.2026

අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ ගමහාමිනේ එක්ක දඩයමේ ගිය ගමරාලට සිද්ධ වුන අකරතැබ්බයක් ගැන රස කතාවක්. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital rad...

ප්‍රජා නිවේදන: NSW ප්‍රාන්තයේ කටූම්බා බෞද්ධ විහාරයේ බෝධීන් වහන්සේ රැකගන්න ශ්‍රී ලාංකික ප්‍රජාවට ආරාධනයක් 06.08.2026

අපගේ ආගමික හා සංස්කෘතික උරුමයේ අතිශය වටිනා සංකේතයක් වන ඕස්ට්‍රේලියාවේ පැරණිම බෞද්ධ විහාරස්ථානයක් ලෙස සැලකෙන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කටූම්බා බෞද්ධ විහාරයට සහාය සඳහා සංවිධානය කරන අහාර සල්පිල පිළිබඳව කටුම්බා විහාරස්ථාන සංවිධායක කමිටුවේ ජිනෙත් රාජසූරිය සමග සිදු කල සාකච්චාවට සවන් දෙන්න

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ වාහන අලෙවිය වාර්තාගත ලෙස ඉහළට 06.08.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 06වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

When can my teenager start work in Australia? - ඔස්ට්‍රේලියාවේ හැදී වැඩෙන ඔබේ දරුවාට රැකියාවක් ආරම්භ කළ හැකි අවම වයස කීයද? 05.08.2026

Teenagers in Australia can undertake paid work under certain restrictions, with general employment rights also protecting young workers. Here’s what you need to know as a parent or guardian of a worker under 18. - ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 18ට අඩු දරුවෙකු පළමු රැකියාව ආරම්භ කරන විට, අවම වයස, සේවා වේලාවන්, නිවැරදි වැටුප සහ සේවා ස්ථාන අයිතිවාසිකම් පිළිබඳව දෙමාපියන් දැනුවත් වීම වැදගත්. ඔබේ දරුවාගේ ප...

‘ගත්ත තීරණ ගැන කවදාවත් පසුතැවෙන්නෙ නෑ’ - ගණ වන මුහුද සමග ලාංකීය අත්දැකීම ඔස්ට්‍රේලියාවේ වේදිකාව තුල ජීවමාන කරන නදී කම්මැල්ලවීර 05.08.2026

ඔස්ට්‍රේලියාවේ Belvoir නාට්‍ය සමාගම නිෂ්පාදනය කරන ශ්‍රී ලාංකික-ඔස්ට්‍රේලියානු නාට්‍යවේදී එස්. ශක්තිධරන් රචනයෙන් සහ සම-අධ්‍යක්ෂණයෙන් දායක වන The Jungle and the Sea ‘ගණ වන මුහුද’ වේදිකා නාට්‍ය යළිත් වරක් සිඩ්නි, කැන්බරා සහ මෙල්බර්න් හි දී මේ දින වල වේදිකා ගත වනවා. මෙම නිර්මාණය සඳහා රංගනයෙන් දායක වන ප්‍රවීණ සහ සම්මානනීය රංගන ශිල්පිනී නදී කම්මැල්ලවීර SBS සිංහල සමග සිදු කල කතාබහ. Find our podcasts in t...

ආර්ථික විමසුම: ඕස්ට්‍රේලියානු සංචිත බැංකුව නැතිනම් මහ බැංකුව කියන්නේ මොකක්ද? සහ එය ක්‍රියාත්මක වෙන්නේ කොහොම ද? 05.08.2026

ඔස්ට්‍රේලියාවේ ආර්ථික සහ මූල්‍ය කේෂ්ත්‍රයේ තොරතුරු සහ යාවත්කාලීන වීම් පැහැදිලි කරන විග්‍රහාත්මක විශේෂාංගය. මෙම වැඩසටහන ඕස්ට්‍රේලියානු මහ බැංකුව සහ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳවයි. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday,...

නිවාස මිල ගණන් ඇත්තටම පහළ වැටිලා ද? ගෙයක් ගන්න මේ හරි වෙලාව ද? 05.08.2026

ඉහළ පොලී අනුපාත සහ දේපළ බදු සංශෝධනයන් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ නිවාස වෙළඳපොළ පහත වැටීම් පිළිබඳ රට වටින්ම වාර්තා වනවා. මේ තත්ත්වය තාවකාලික ද? මේ ඒ පිළිබඳ කෙටි විමසීමක්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Frida...

SBS සිංහල පුවත්: 2026 ඔස්ට්‍රේලියානු ජන සංගණනය මුවාවෙන් සිදුවන වංචා ගැන අනතුරු ඇඟවීමක් 05.08.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 05වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: 1960 දශකයෙන් පසුව ඕස්ට්‍රේලියාවේ නව තෙල් පිරිපහදුවක් ස්ථාපිත කරන්න රජයෙන් පියවර 04.08.2026

ඕස්ට්‍රේලියාවේ large-scale oil refinery හෙවත් "මහා පරිමාණ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක්" පිළිබඳ නව අධ්‍යයනයකට අරමුදල් සැපයීම සඳහා ඕස්ට්‍රේලියානු අගමැතිවරයා බටහිර ඕස්ට්‍රේලියානු රජය සමඟ ඒකාබද්ධ සැලැස්මක් ප්‍රකාශයට පත් කර තිබේ. මෙය ඉදි කිරීම සිදු වුවහොත් එය 1960 ගණන්වලින් පසු ඕස්ට්‍රේලියාවේ ඉදිකරන පළමු නව මහා පරිමාණ පෙට්‍රල් පිරිපහදුව වනු ඇතී. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.

'ඩෙංගු රටවල් 130ක වගේ තියෙනවා. ඕස්ට්‍රේලියාවේ ඩෙංගු නැත්තේ නැහැ', සහකාර මහාචාර්ය චතුරක රොද්‍රිගෝ 04.08.2026

ශ්‍රී ලංකාවෙන් 2026 වසරේ වාර්තා වන ඩෙංගු රෝගීන් ගණන මේ මොහොත වන විට 86000 ඉක්මවා ගොසින්. එවැනි ඩෙංගු අධිවසංගත තත්ත්වයකට හේතු, වෛරස ආශ්‍රිත නව පර්යේෂණ ක්‍රම සහ ඕස්ට්‍රේලියානුවන් ඩෙංගු රෝගය පිළිබඳ අවධානය යොමු කිරීමේ වැදගත්කම පිළිබඳව ගෙන එන මේ කතාබහට ඔබත් සවන් දෙන්න.

නීති පිළිසරණ: ඔස්ට්‍රේලියාවේ වෙනත් ප්‍රාන්තයක දී සිදු වූ රථවාහන වරදකට ලැබුණු දඩ මුදල නොගෙවා ඉන්න පුළුවන් ද? 04.08.2026

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ රථවාහන වැරදි පිළිබඳ බලාත්මක නීති සහ ක්‍රමවේද පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ දෙවන වැඩසටහන. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thu...

SBS සිංහල පුවත්: කුරුළු උණ හේතුවෙන් වනජීවීන්ට දැඩි බලපෑම් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක් 04.08.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 04වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

'Premium 98 සහ E10 අතර මිල පරතරය සත 30යි', බදු සහනය අවසන් වීමත් සමඟ මුදල් ඉතිරියට ඉඟියක් 03.08.2026

සඳුදා (අගෝස්තු 03) සිට ඉන්ධන මිලෙහි වෙනසක් සිදු වුණා. ඒ ඉන්ධන මත පනවා තිබූ තාවකාලික බදු සහනය ඉවත් කිරීමත් සමඟින්. මිල වෙනස්කම්, ඉන්ධන සංචිත සහ මිලෙන් අඩු ඉන්ධන කරා යොමු වීම පිළිබඳව තොරතුරු ගෙන එන මේ කෙටි විශේෂාංගයට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ඔස්ට්‍රේලියාවෙන් H5N1 කුරුළු උණ තුරන් කිරීමේ ඉලක්කය ෆෙඩරල් රජය අත්හරියි 03.08.2026

කුරුළු උණ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ තත්ත්වය තරමක් බරපතළ දිශාවකට හැරෙමින් තිබෙනවා. දකුණු ඔස්ට්‍රේලියාවේ මුහුදු වෙරළ ආශ්‍රිත දූපතක වනයේ ජීවත් වන කුරුල්ලන් විශාල සංඛ්‍යාවක් අසනීප වී හෝ මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වුනා.මෙය පක්ෂීන්ට පමණක් සීමා වන ප්‍රශ්නයක් නොවන බවට විශේෂඥයන් අනතුරු අඟවනවා. මෙය මුහුදු සිංහයන්, සීල් සතුන් වැනි වනජීවීන් විශේෂ රැසකටත් මේ වෛරසයෙන් දැඩි බලපෑමක් ඇති විය හැකි බවයි ඔවුන් ප...

ඕස්ට්‍රේලියාවේ දි ලාංකිකයින් ගෙදරදී කතා කරන බස පිළිබඳ ජන සංගණනනයේදී ඇත්ත කිව්වොත් ලැබෙන වාසි ගැන කියන නදී මීමැඩුම 03.08.2026

ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව 2026 වසරේ අගෝස්තු මාසේ 11 අඟහරුවාදා පැවැත්වෙන මෙවර "Census" හෙවත් සංගණනයේදී නිවසේදී කතා කරන භාෂාව "සිංහල"ලෙස දැක්වීමෙන් ප්‍රජාවට ලැබෙන වාසි සහ වටිනාකම් පිළිබඳව දැනගතයුතු කරුණු ගැන SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න

SBS සිංහල WorldWatch: යුරෝපය සලිත කල ස්පාඤ්ඤ බිම් කඩකට ගොඩගැලූ මොරොක්කෝ ජනසන්නිපාතය 03.08.2026

සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio,  channel 302...

2026 ගර්මා උත්සවයේ වැදගත් සිදුවීම් පිළිබඳ පසු විපරමක් 03.08.2026

දින හතරක් පුරා පැවති ගාර්මා උත්සවය අද අවසන් වෙනවා. නමුත් ගාර්මා කියන්නේ නර්තන, ගීත සහ සංස්කෘතික අංග තියෙන සාමාන්‍ය උත්සවයක් විතරක්ම නොවෙයි. ඔස්ට්‍රේලියාවේ ස්වදේශික ජනතාවගේ සංස්කෘතිය ගැන ඉගෙන ගන්නත්, ඔවුන්ගේ අනාගතයට බලපාන වැදගත් කරුණු ගැන එකට කතා කරන්නත් ලැබෙන රටේ ප්‍රධානම හමුවීම්වලින් එකක්. මේ අවුරුද්දේ එහිදී වැඩි අවධානයක් ලැබුණේ මොන කරුණුවලටද? මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන්

SBS සිංහල පුවත්: ඉන්ධන මත පනවා තිබූ තාවකාලික බදු සහනය අවසන් 03.08.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 03වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: දකුණු ඕස්ට්‍රේලියාව Dating යෙදවුම් භාවිතයට ගෙන එන නව වෙනස 02.08.2026

දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තය නව තහනමක් හඳුන්වා දීම පිළිබඳ නිවේදනය කළා. ආදර සබඳතා හෝ නව පුද්ගලයන් සමඟ සම්බන්ධ වීමට තිබෙන Dating යෙදවුම්වලට සමහර පුද්ගලයන්ගේ ප්‍රවේශය ඒ අනුව සපුරා තහනම්. එලෙස තහනම බලපැවැත්වෙනු ඇත්තේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව සහ ලිංගික අපරාධවලට වරදකරුවන් වූ පුද්ගයන්ටයි. මෙවැනි දෙයක් ඕස්ට්‍රේලියාවේ සිදු වන්නේ පළමු වරට වීම ද විශේෂත්වයක්. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.

ශ්‍රී ලංකාව දෙස වෙනස් බැල්මක්: 'The Motherland' වාර්තාමය සිනමාපටය ගැන සංවාදයක් 02.08.2026

මේ ශ්‍රී ලංකාව දෙස වෙනස් බැල්මකින් බලන 'The Motherland' වාර්තාමය සිනමාපටය පිළිබඳ එහි අධ්‍යක්ෂවරයා සහ විධායක නිෂ්පාදකවරයා සමඟ කළ විශේෂ සංවාදයක්. චිත්‍රපටය බිහි වූ ආකාරය, එහි පණිවිඩය, ශ්‍රී ලාංකික අනන්‍යතාව සහ මාතෘභූමියට ඇති බැඳියාව පිළිබඳ මෙන්ම, මෙම නිර්මාණය ප්‍රේක්ෂකයන් අතර ඇති කළ සංවාදය ගැනත් මෙහිදී අප අවධානය යොමු කරනවා.

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය ජූලි 27 - ජූලි 31 31.07.2026

ජූලි 27වන දා සිට ජූලි 31වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.

Ascultă podcastul SBS Sinhala - SBS සිංහල වැඩසටහන în Replaio

Radio și podcasturi într-o singură aplicație - gratuit și fără înregistrare. Instaleaz-o azi și nu rata lansarea

Descarcă din Google Play

Replaio nu este editorul podcasturilor; numele emisiunilor, coperțile și materialul audio aparțin autorilor lor și sunt distribuite prin fluxuri RSS publice