SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1451 episódios

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Não deixe de visitar o site do podcast e apoiar quem o produz: www.sbs.com.au

Autor

SBS

Categoria

News

Site do podcast

www.sbs.com.au

Último episódio

11 de jul de 2026

Onde ouvir?

Podcasts no app Replaio Radio Em breve

Os podcasts estão chegando ao app. Instale agora e seja o primeiro a descobrir um jeito totalmente novo de curtir podcasts

Baixe no Google Play Instale grátis Android 5 mi+ downloads · nota 4,8 iOS em breve

Episódios

කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16 ට අඩු ළමුන්ට සිදු වන සමාජ මාධ්‍ය තහනම ගැන දැනගතයුතු දේවල් 09.12.2025

දෙසැම්බර් 10 වන බදාදා සිට, ඕස්ට්‍රේලියාව වයස අවුරුදු 16 ට අඩු පිරිසට සමාජ මාධ්‍ය ගිණුම් තිබීම තහනම් කරන ලොව පළමු රට බවට පත්වනු ඇතියි. මේ නව නීති අනුව අදාළ සමාජ මාධ්‍ය ආයතන ඕස්ට්‍රේලියාවේ මෙම නීති වලට අනුකුල විය යුතු අතර එසේ නවුනහොත් අදාළ ආයතන වලට ඩොලර් මිලියන 50 ක් දක්වා දඩයකට මුහුණ දීමට සිදු වනවා. මේ ගැන වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

ඔස්ට්‍රේලියාවේ දරුවන්ට සමාජ මාධ්‍ය ජාල තහනම් කිරීම ගැන ශ්‍රී ලාංකේය ප්‍රජාවේ අදහස් 09.12.2025

ඔස්ට්‍රේලියාවේ දරුවන්ට සමාජ මාධ්‍ය ජාල තහනම් කිරීම ගැන ශ්‍රී ලාංකේය ප්‍රජාවේ දෙමව්පියන්ගේ සහ දරුවන්ගේ අදහස් දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ මේ විශේෂාංගයට. ඔස්ටේලියානු කැපිටල් ටෙරිටරි හි, ජේඩ්න් ලේකම්ආරච්චි හා සුරංග ලේකම්ආරච්චි සහ වික්ටෝරියානු ප්‍රාන්තයේ ලශේන් ජයවීර හා නිමේෂා ජයවීර දැක් වූ අදහස්.

SBS සිංහල Newsflash දෙසැ 09: එළැඹෙන වසරේ Jetstar වෙතින් ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් 09.12.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 09වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න.

ඔබේ නිවසේත් වයස්ගත වැඩිහිටියෙකු සිටී නම් මේ කරුණු පිළිබඳ සැලකිලිමත් වන්න 08.12.2025

වයස්ගත වැඩිහිටියන් තුවාල වීම සහ රෝහල්ගතවීම් වලට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඇද වැටීමයි. ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 65ට වැඩි සෑම පුද්ගලයන් සිව් දෙනෙකුගෙන් එක් අයෙකුම වසරක් පාසා මෙසේ වැටීමකට ලක් වනවා. මේ ඒ පිළිබඳව අප සිදු කළ වෛද්‍ය සාකච්ඡාවේ දෙවන කොටසයි.

ද්‍රව්‍යමය ආධාර වලට සීමා නොවී ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවට මව්බිමට උපකාර කල හැකි තවත් අවස්ථා මෙන්න 08.12.2025

සුළි කුණාටු විපතින් පසු යළි ගොඩනැගෙන ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ මොහොතේ දී දායක විය හැකි විවිධ ආකාර පිළිබඳ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා, දකුණු ඕස්ට්‍රේලියා සහ තස්මේනියා ප්‍රාන්ත සඳහා වන ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ප්‍රදීපා සේරම් මහත්මිය SBS සිංහල සේවය සමඟ පල කල අදහස්.

මව්බිමෙන් පුවත්: විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ දායකත්වය ජනපතිගේ ඇගයුමට / දිස්ත්‍රික්ක 4 ට තවමත් නාය අනතුරු රතු නිවේදන 08.12.2025

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

SBS සිංහල Newsflash දෙසැ 08: ලැව්ගිනි ඇති වීමේ ප්‍රවණතාව මෙම ගිම්හාන ඍතුවේ දී අධික විය හැකි බවට අනතුරු ඇඟවීම් 08.12.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 08 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ අගමැති ඇල්බනිසි සිය සහකාරිනිය ජෝඩි හේඩ්න් සමඟ යුග දිවියට 07.12.2025

ඕස්ට්‍රේලියානු අගමැතිවරයා පසුගිය දා සිය සහකාරිනිය ජෝඩි හේඩ්න් සමඟ අතිනත ගත්තා. ඒ කැන්බෙරා අගනුවරදියි. විවාහය පැවැත්වෙන දිනයක් පිළිබඳ ඕස්ට්‍රේලියානුවන් මාස ගණනක් තිස්සේ අපේක්ෂාවෙන් බලා සිටියා. අද කාලීන විග්‍රහයේ කතා පුවත ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනිසි සහ ජෝඩි හේඩ්න්ගේ විවාහය පිළිබඳවයි.

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, දෙසැ 01 - දෙසැ 05 05.12.2025

දෙසැම්බර් 1වන දා සිට දෙසැම්බර් 5වන දා දක්වා සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.

තරුෂි එක්ක තරු කතා: යුග යුග සවන් සනසා නිහඩ වූ මියුරු හඬ ස්වර යුගල 05.12.2025

ශ්‍රී ලාංකේය කලා ලෝකය සිය හඬ ස්වරයෙන් සනසා මිලින වූ තරු යුගලක් පිළිබඳ මතකානුස්මරණ කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘නොමියෙන තරු’ විශේෂාංගය අහන්න.

ක්‍රීඩා විග්‍රහය - ඔලිම්පික් කමිටුවේ මීළඟ නිලවරණය පැවැත්වීම පිළිබඳ මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවට චෝදනා 05.12.2025

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

මව්බිමෙන් පුවත්: රජයේ අරමුදලට මේ දක්වා රටවල් 33 ක විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 30,000 ක ගෙන් රුපියල් කෝටි 70 ක පරිත්‍යාග 05.12.2025

දිට්වා සුළි කුණාටුවෙන් පසු සිදු කරන සහන සේවා පිළිබඳ සහ මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ අනෙකුත් උණුසුම් හා වැදගත් පුවත් සමගින් SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

SBS සිංහල Newsflash දෙසැ 05: දකුණු සහ අග්නිදිග ආසියාවේ සංචාරයේ යෙදෙන ඕස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීම් 05.12.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 05 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.

අපේ වහරේ කතා අහුරක්: හෙට්ටු කරන්න ඇවිත් මට්ටු වුන හෙට්ටියාගේ කතාව! 04.12.2025

ඕනවට වඩා හෙට්ටු කරලා ගොවි මහත්වරුන්ගේ ඵලදාව මිල දී ගන්න හදන වෙළෙන්දෝ ගැනුම්කරුවෝ එදාත් හිටියා අදත් ඉන්නවා. අපේ වහරේ ඒ වගේ අයට කියන මේ අලංකාර කියමන ගැන සාහිත්‍යවේදී අශෝක පියරත්න ගෙනෙන මේ රස කතා අහුරෙන් අහලා දැන ගන්න.

ශ්‍රී ලංකාවට අවශ්‍ය කඩිනම් සහනාධාර ලබාදෙන්න 'Sri Lankan Australians' සංවිධානයත් එක්වේ 04.12.2025

ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන ගංවතුර බලපෑමෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට විවිධ පාර්ශව මේ අවස්ථාවේ කටයුතු කරනවා. ඉතින් අපේම ශ්‍රී ලාංකිකයින්ට මේ උදව් අවශ්‍යම මොහොතේ විවිද පාර්ශව ඉතා යුහුසුළුව ආධාර එකතුකිරීමට සහ බෙදා හැරීමට කටයුතු කරමින් සිටිනවා. ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ Sri Lankan Australians සංවිධානයත් මේ හදිසි සහනාධාර ලබාදීමේ කටයුත්තට එකතුවෙලා තිබෙනවා. එම සංවිධානයේ සභාපති ආචාර්ය ලයනල් බෝ...

'ලොව වටා': ඉන්දුනීසියාවේ ගංවතුරෙන් බේරුන අය ආධාර නැතුව කලකිරෙද්දී, මැලේසියාව අභිරහසක් වූ MH370 යලි හොයන්න ගනී 04.12.2025

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

SBS සිංහල Newsflash දෙසැ 04: ඕස්ට්‍රේලියානු රජයෙන් ශ්‍රී ලංකාවට තවත් ඩොලර් මිලියන 2.5ක ප්‍රදානයක් 04.12.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 04වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න.

From black tie to casual: How to decode dress codes - Australia Explained: ඕස්ට්‍රේලියාවේ විවධ උත්සව වලට යද්දී අඳින ගැලපෙන ඇඳුම් ගැන තොරතුරු 03.12.2025

You’ve received an invitation that reads “Dress code: Cocktail attire”. What is this ‘code’? And more importantly, what will you wear? In this episode, we demystify the most common dress codes so that you can feel comfortable at any event. - ඔබට ඔස්ට්‍රේලියාවේදී යම් උත්සවයකට ආරාධනාවක් ලැබෙද්දී “Dress code: Cocktail attire” වශයෙන් තිබෙන්නට හැකියාව තිබෙනවා. මෙම Dress code කියන දේ කුමක්ද යන්න සම්බන්ධ...

සුළි කුණාටුවකට නොනැසුණු ප්‍රජාවක එකමුතුව - ජීවිත ජීවත් කරවන්න ස්වේච්ඡාවෙන් කැප වුණු විජේරාම ප්‍රජා මුළුතැන්ගෙය 03.12.2025

දහස් සංඛ්‍යාත අවතැන් ජනතාව වෙනුවෙන් පිසූ ආහාර සපයන දිවා රාත්‍රී ක්‍රියාත්මක ප්‍රජා මුළුතැන්ගෙයක් (Community Kitchen) නුගේගොඩ විජේරාම ප්‍රදේශයේ පසුගිය දින කිහිපය පුරා ක්‍රියාත්මක වනවා. පුරවැසි කණ්ඩායමකගේ එකමුතුවකින් ස්වේච්ඡාවෙන් ක්‍රියාත්මක වන මෙම මුළුතැන්ගෙයට මූලිකත්වය ගෙන කටයුතු කරන සිවිල් ක්‍රියාකාරී සුජිත් අන්නමලේ මේ ඒ පිළිබඳ SBS සිංහල සේවය සමඟ සිදු කල කතාබහයි.

SBS සිංහල Newsflash දෙසැ 03: ශ්‍රී ලංකාවට බලපෑ දැඩි ගංවතුර තත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහලට 03.12.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 03 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාව මේ සියවසේදී ගත් ලොකුම පාරිසරික ප්‍රතිසංස්කරණ සම්මත වෙයි 02.12.2025

වසර පහක සමාලෝචනයකින් පසුව, ඕස්ට්‍රේලියාවේ පාරිසරික නීති සඳහා වසර 26 ක් තුළ වූ විශාලතම ප්‍රතිසංස්කරණ සම්මත කිරීම සඳහා ඕස්ට්‍රේලියානු රජය Greens පක්ෂය සමඟ ගිවිසුමක් ඇති කර ගෙන තිබෙනවා. කෙසේ නමුත් මෙම ගනුදෙනුව පරිසර විශේෂඥයින්ගේ විවේචනයට ලක්ව තිබෙනවා. මේ ගැන වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

පීඩාවට පත්ව සිටින කාන්තාවන්, ගැහැණු දරුවන් හා ආබාධ සහිත වූවන් සඳහා ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට ප්‍රමුඛතා ආධාර 02.12.2025

'දිට්වා' සුළි කුණාටු නිසා විපතට පත් කාන්තාවන් සහ ගැහැණු ළමයින්ගේ ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සහ ආරක්ෂණ අවශ්‍යතා සඳහා ක්ෂණිකව සහාය වීමටත් ආබාධ සහිත පුද්ගලයින් ඇතුළු වඩාත් අවදානමට ලක්විය හැකි අයගේ අවශ්‍යතා සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට ඕස්ට්‍රේලියානු රජය කලාපීය ප්‍රතිචාර අරමුදල් සක්‍රීය කිරීමට පියවර ගෙන තිබෙනවා.

SBS සිංහල Newsflash දෙසැ 02: ශ්‍රී ලංකාවේ ගංවතුර තත්වය පහව යාමත් සමග වසංගත රෝග ඇතිවීමේ අවදානමක් 02.12.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 02 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.

ශ්‍රී ලංකාවේ ගංවතුර හේතුවෙන් අවතැන්වූවන්ට සහන සැලසීමට ඕස්ට්‍රේලියාවේ රොටරි සමාජත් එකතුවෙයි 01.12.2025

ශ්‍රී ලංකාවේ මේ වනවිට ඇතිවී තිබෙන ව්‍යසන කාරී තත්වයට ඔස්ට්‍රේලියාව තුලිනුත් විවිද කණ්ඩායම් එකතුවෙනවා අවශ්‍ය සහනාදාර ලබාදීමේ කටයුතු සිදුකරන්න. ඉතින් ඕස්ට්‍රේලියාවේ රොටරි සමාජය මේ වෙලාවේ ලංකාවේ රොටරි සමාජය සමග එකතුවෙලා හදිසි සහනාධාර ලබාදීමේ ව්‍යාපෘතියක නිරත වෙනවා කියල අපට දැනගන්න ලැබුනා. ඉතින් එහි විස්තර දැනගන්න අපි සම්බන්ධ කර ගත්තා ඕස්ට්‍රේලියාවේ Greater Sydney රොටරි සමාජයේ හරන් රාමචන්ද්‍රන් මහතා ස...

සහන සේවා සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය SBS සිංහල සේවය වෙත දැක් වූ අදහස් 01.12.2025

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මේ වන විට විපතට පත්ව සිටින්නන් පිළිබඳ තොරතුරු ලබාගැනීමට බලාපොරොත්තු වන ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකීය ප්‍රජාවගේ පහසුව සඳහා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සම්බන්ධීකරණ හදිසි සේවා දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

Ouça o podcast SBS Sinhala - SBS සිංහල වැඩසටහන no Replaio

Rádio e podcasts em um só app - grátis e sem cadastro. Instale hoje e não perca o lançamento

Baixe no Google Play

O Replaio não é o publicador dos podcasts; os nomes dos programas, as capas e o áudio pertencem aos seus autores e são distribuídos por feeds RSS públicos