SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1451 episódios

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Não deixe de visitar o site do podcast e apoiar quem o produz: www.sbs.com.au

Autor

SBS

Categoria

News

Site do podcast

www.sbs.com.au

Último episódio

11 de jul de 2026

Onde ouvir?

Podcasts no app Replaio Radio Em breve

Os podcasts estão chegando ao app. Instale agora e seja o primeiro a descobrir um jeito totalmente novo de curtir podcasts

Baixe no Google Play Instale grátis Android 5 mi+ downloads · nota 4,8 iOS em breve

Episódios

පුරවැසි අයිතීන් නොලැබුනත් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් යුධ වැදි ඔස්ට්‍රේලියානු ස්වදේශික සොල්දාදුවන් පිලිබඳ කතාව 03.05.2026

පළමු ලෝක යුධ සමයේ සිට ඔස්ට්‍රේලියානු ස්වදේශික ජනතාව ඔස්ට්‍රේලියානු ආරක්ෂක හමුදා සමග එක්ව හමුදා සේවයේ නිරත වී තිබෙනවා. අතීතයේදී ඔස්ට්‍රේලියාවේ මුල් පුරවැසියන්ගේ අයිතීන් පිළිගැනීමට ඔස්ට්‍රේලියානු රජයන් කටයුතු නොකලත් ඔවුන් මේ ආකාරයට තම දායකත්වය ආරක්ෂක අංශ වෙත ලබා දී තිබෙනවා. තම පවුලේ සාමාජිකයින් හමුදා සේවයේ නිරතවීම ගැන මයිකල් බෙල් නම් වූ ස්වදේශික කාන්තාව සමග SBS මාධ්‍ය ආයතනයේ NITV නාලිකාවේ කෙරී ලී බැ...

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, අප්‍රේල් 27 - මැයි 01 01.05.2026

අප්‍රේල් 27වන දා සිට මැයි 01වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.

ඔස්ට්‍රේලියාව පුරා වෙසක් සැමරුම් පැවැත්වෙන්නෙ මෙහෙමයි! 01.05.2026

ඔස්ට්‍රේලියාව තුල මෙවර වෙසක් නිල සැමරුම් මැයි 01 වෙනි දා ට යෙදී තිබුණා. ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජයේ බහු සංස්කෘතික අමාත්‍යවරිය, බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත අගමැතිවරයා, විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුව මෙන්ම පාලක කම්කරු පක්ෂයේ නිල මුහුණුපොත ගිණුම් ඔස්සේ වෙසක් සැමරුමට සුබ පැතුම් එක් කර තිබුණා. SBS සිංහල සේවය ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකීය බෞද්ධ වෙහෙර විහාරස්ථාන වල සංවිධාන වන වෙසක් සැමරුම් පිළිබඳ සැකසූ ම...

තරුෂි එක්ක තරු කතා: මම පැරෂුට් නළුවෙක් - බුද්ධික ජයරත්න 01.05.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.

ක්‍රීඩා විග්‍රහය: වෙනස් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් මුල් පුටුව / ඔලිම්පික් මුල් පුටුව අසංග සෙනෙවිරත්නට / රුමේෂ් සහ නිපුනි රනින් දිනයි 01.05.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

මව්බිමෙන් පුවත්: වැඩ තහනමට ලක්ව සිටි මහා භාණ්ඩාගාර සහකාර අධ්‍යක්ෂවරයා සැක කටයුතු ලෙස මිය යයි / ආණ්ඩුවේ සහ විපක්ෂයේ මැයි දින සැමරුම් 01.05.2026

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: බොන්ඩායි ප්‍රහාරයට පෙර රජයේ ත්‍රස්ත විරෝධී වියදම් සැලකිය යුතු ලෙස අඩු කර තිබූ බවට රාජකීය කොමිෂන් සභා අන්තර්කාලීන වාර්තාව හෙළි කරයි 01.05.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 01 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම් පිළිබඳ සංවාදවලදී තාවකාලික විසා මත සිටින සංක්‍රමණිකන් අමතක කලාද? 30.04.2026

මැදපෙරදිග ඇතිවී තිබෙන යුදමය තත්වය හේතුවෙන් ඉන්ධන මිල ඉහළයාම් ඇතුළු ජීවන වියදම් අර්බුධ වලට මුහුණ දෙන්න ඔස්ට්‍රේලියාවේ ජනතාවට සිදුවෙලා තියෙනවා. මේ ආකාරයට ආර්ථික හෝ සාමාජීව පීඩනයක් එල්ල වනවිට එහි වරද සංක්‍රමණික ප්‍රජාව වෙත පැවරීමට ඇතැම් දේශපාලකයින් පවා කටයුතු කරනවා අපිට දක්නට ලැබෙනවා. ජීවන වියදම් සහන සැලසීමේදී ඔස්ට්‍රේලියාවේ බදු ගෙවන තාවකාලික වීසා වල සිටින සංක්‍රමණික ප්‍රජාව ඇතුළු විවිද සංක්‍රමණික ප්...

අපේ වහරේ කතා අහුරක්: ඉබි මස් උපාසකගේ කතාව 30.04.2026

අපේ වහරේ එන රස කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ බොරු සිල් උපාසක ඇත්තෙක් ගැන අපූරු කතාවක්.

'Help to Buy' ක්‍රමවේදය හරහා ඔස්ට්‍රේලියානු රජය සමග හවුලේ ගෙයක් ගන්න ඉන්න පළමු නිවාස ගැණුම්කරුවන් සැලකිලිමත් වියයුතු කරුණු මොනවාද? 30.04.2026

ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළඳ පොළට පිවිසීමට පළමු නිආවස ගැනුම් කරුවන්ට විවිධ සහන රජයෙන් ලබා දෙනවා. ඉතින් මේ වගේ ලබා දෙන එක සහන ක්‍රමවේදයක් තමයි 'Help to Buy' කියන ක්‍රමවේදය. කුඩා තැන්පතු මුදලක් තිබුනත් ඔබට ඔබේ පළමු නිවාසය ඔස්ට්‍රේලියාවේදී මිලදී ගන්න මේ හරහා හැකියාව ලැබෙනවා. නමුත් මේ ක්‍රමවේදය පිළිබඳව විවිධ වැරදි මතත් බොහෝ දෙනා අතර තියෙනවා. ඉතින් මේ ක්‍රමවේදයේ පිළිබඳව SBS සිංහල සේවය ගෙන එන මේ කෙටි සාකච්...

ලොව වටා: III වන චාල්ස් රජු ට්‍රම්ප් ට කල අපූරු විහිළුව සහ චීන DeepSeek අලුත් මාදිලිය 30.04.2026

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ ජනගහනයෙන් විදේශයක උපත ලැබූවන් අතර මුල් තැන ඉන්දියාවට 30.04.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 30වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ ඉන්ධන සැපයුම් සුරක්ෂිත කර ගැනීමේ අරමුණින් විදේශ කටයුතු අමාත්‍ය පෙනී වොන්ග් ජපානයේ සංචාරයක 29.04.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 29වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: කෘතිම බුද්ධියේ ඉක්මන් වර්ධනයට ලෝකය තාමත් සුදානම් නැහැ, AI නියාමනය කිරීමට වන ඉල්ලීම් ඉහල යයි 28.04.2026

දිනපතා අන්තර්ජාලය භාවිත කරන සෑම අයකුටම මේ වනවිට කෘතිම බුද්ධිය හෙවත් AI තාක්‍ෂණයට ප්‍රවේශ වීමේ හැකියාව තිබෙන අතර මේ හේතුවෙන් AI නියාමනය සම්බන්ධයෙන් වන ඉල්ලීම් ක්‍රමයෙන් ඉහල යමින් තිබේ. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න අද කාලීන විග්‍රහයට සවන් දෙන්න

කිරි උතුරවන්න මුට්ටි, කැවිලි පෙවිලි, කෙසෙල් කොල මේ හැම දෙයක්ම ගන්න අපි කි.මී දෙතුන් සීයක් දුර ප්‍රධාන නගරයකට යන්නම ඕන - Echuca Moama අවුරුදු සැමරුම් ගැන වෛද්‍ය ඩොමිනික් කරුණානායක දැක්වූ අදහස් 28.04.2026

වික්ටෝරියා ප්‍රාන්තයත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයත් සම්මුඛ වන මරේ ගංගාව මැදි කර ගත් සුන්දර Echuca සහ Moama නගර දෙකෙහි ජීවත් වන ශ්‍රී ලාංකීය ප්‍රජාව සංවිධාන කරන අලුත් අවුරුදු උත්සවය මේ සතිඅන්තයේ මැයි 02 වෙනි සෙනසුරාදා පැවත්වීමට නියමිතයි. දුරස්ථ ප්‍රාදේශීය නගර වල ජීවත්වන ශ්‍රී ලාංකීය ප්‍රජාව මෙවැනි සංස්කෘතික උත්සව සංවිධාන කිරීමේදී මුහුණ දෙන දුෂ්කරතා සහ අභියෝග පිළිබඳ Echuca - Moama ශ්‍රී ලංකා සමාජ හ...

'ඔහුගේ මතකය අපි ඕස්ට්‍රේලියාවට රැගෙන ආවා', ලෝක යුද සමයේ ඉංජිනේරු ඒකකයක සිටි අණදෙන නිලධාරිවරයෙකු පිළිබඳ කතාවක් 28.04.2026

සෑම වසරකම ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය ජාතික අනුස්මරණයක් ලෙස ANZAC දිනය සමරනවා. ඒ පළමු ලෝක සංග්‍රාමයේ දී ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත හමුදා Gallipoli වෙත ගොඩබෑමත් ඔවුන්ගේ ධෛර්යය සහ පරිත්‍යාගයන් සිහිපත් කිරීමත් සිදු කරමින්. බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සමයේ සිලෝන් ලෙස හැඳින් වූ ශ්‍රී ලංකාවෙනුත් Gallipoli වෙත පිරිස් පිටත් වුණා. යුද වැදුණා. ජීවිත පරිත්‍යාග කළා. කොළඹ මහජන පුස්තකාලය ඉදිරිපිට ඇති ස්මාරකයේ ඔබට අදටත...

SBS සිංහල පුවත්: ටස්මේනියාවේ 'Port Arthur' සමූහ ඝාතන සිදුවීමට වසර 30ක් සපිරෙයි 28.04.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 28වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

මෙල්බර්න් නුවර පැවති සූර්ය උදානය 2026 අවුරුදු උළෙල ගැන සහභාගී වූ ශ්‍රී ලාංකිකයින් දැක්වූ අදහස් 27.04.2026

අප්‍රේල් 26 වෙනිදා මෙල්බර්න් නුවර පැවති සූර්ය උදානය 2026 අවුරුදු උත්සවය ඉතා උත්කර්ෂවත් අයුරින් විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් පැවැත් වුනා. ළමුන් වෙනුවෙන් අවුරුදු ක්‍රීඩා, අවුරු කුමරිය තේරීමේ තරඟය, මෙන්ම මෝටර් රථ ප්‍රදර්ශනයක්ද මෙයට ඇතුලත් වී තිබුනා. ඒ වගේම සවස් භාගයේ එළිමහන් සංගීත සංදර්ශනයද පැවැත් වුනා. මේ එහිදී SBS සිංහල සේවයට සහභාගී වූ ශ්‍රී ලාංකිකයින් දැක්වූ අදහස්.

මැදපෙරදිග යුද්ධයේ බලපෑම ඔස්ට්‍රේලියානු වෙළඳපළ තුල ඇති ශ්‍රී ලාංකීය භාණ්ඩ වල මිල ගණන් වලට ඉදිරි මාස වල දැනෙන්න පටන් ගනීවි - ඩෙන්සිල් ජයවීර 27.04.2026

මැදපෙරදිග අර්බුදය හමුවේ ඔස්ට්‍රේලියාව තුල වෙළඳ කේෂ්ත්‍රයේ නිරතව සිටින ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාව මුහුණ දෙන දුෂ්කරතා සහ අභියෝග පිළිබඳ ඔස්ට්‍රේලියාව තුල ක්‍රියාත්මක ශ්‍රී ලාංකීය නිෂ්පාදන ගෙන්වා බෙදාහරින දෙරණ සමූහ ව්‍යාපාර ජාලයේ සභාපති ඩෙන්සිල් ජයවීර මහතා SBS සිංහල සේවය සමඟ දැක්වූ අදහස්.

හැකර්වරු රාජ්‍ය මුදල් සොරා ගැනීම සම්බන්ධයෙන් අමාත්‍යංශ ලේකම් ඉල්ලා අස්විය යුතුයි - සජිත් / මෙවැනි දේ ලොව පුරා නිතර සිදුවෙනවා - ඇමති වසන්ත 27.04.2026

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: සංක්‍රමණය සීමා කළ යුතු බව වන් නේෂන් නායිකා හැන්සන් සංක්‍රමණ විරෝධී රැළියක දී කියයි 27.04.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 27වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ස්මාර්ට් දුරකතනවලට ඇතුල් වීම තහනම්, ඩිජිටල් ලෝකයට විරාමයක් 26.04.2026

නූතන ඩිජිටල් යුගයේ ජංගම දුරකතනයෙන් තොරව මොහොතක් ගත කිරීම මොන වගේ අත්දැකීමක් ද? නෙදර්ලන්තයේ අගනුවර ඇම්ස්ටර්ඩෑමයේ කිහිප දෙනෙකු එකතු වෙලා මෙවැනි සුහුරු උපාංගවලින් තොර පරිසරයක් නිර්මාණය කරලා තිබෙනවා. ඒ නව මාදිලියේ සමූහයක් වන Offline Club ඔස්සේ. ඕනෑම කෙනෙකුට මේ පරිසරයට ඇතුල් වෙන්න පුළුවන්. නමුත් ජංගම දුරකතන හෝ වෙන යම් ඩිජිටල් උපාංගයක් රැගෙන ඇතුල් වෙන්න බැහැ. නව පරම්පරාව ඩිජිටල් තිරයක් දෙස බලා සිටිනවා ව...

මෙල්බර්න් නගරයේ උතුරු ප්‍රදේශයේ පැවැත්වෙන සූර්ය උදානය 2026 අවුරුදු උළෙලට සියල්ල සූදානම් - උපුල් චන්දන 25.04.2026

සිංහල දෙමල අලුත් අවුරුද සමරන්න විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් ඉතා විශාල උනන්දුවක් දක්වනවා. මෙල්බර්න් නගරයේ උතුරු ප්‍රදේශයේ පැවැත්වෙන සූර්ය උදානය 2026 අවුරුදු උළෙල මෙයට හොඳ උදාහරණයක්

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, අප්‍රේල් 20 - අප්‍රේල් 24 24.04.2026

අප්‍රේල් 20වන දා සිට 24වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.

තරුෂි එක්ක තරු කතා: ප්‍රේමකීර්ති අයියා එයාගෙම අත්අකුරෙන් ලියලා දීපු කවි පද දෙක තවම මගේ ළඟ තියෙනවා - තිලකා රණසිංහ 24.04.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.

Ouça o podcast SBS Sinhala - SBS සිංහල වැඩසටහන no Replaio

Rádio e podcasts em um só app - grátis e sem cadastro. Instale hoje e não perca o lançamento

Baixe no Google Play

O Replaio não é o publicador dos podcasts; os nomes dos programas, as capas e o áudio pertencem aos seus autores e são distribuídos por feeds RSS públicos