Maheshakya
රට කරවන හැටි Rata Karawana Hati
ශ්‍රී ලාංකීය දේශපාලනය පිළිබඳ තාර්කික කථිකාවතක් ඇති කරන සයිබර් අවකාශයේ බලවේගයCyber movement for an informed discussion on all things Sri Lankan politics
Não deixe de visitar o site do podcast e apoiar quem o produz: rata-karawana-hati.blogspot.com
Autor
Maheshakya
Categoria
Site do podcast
Último episódio
18 de set de 2024
Onde ouvir?
Podcasts no app Replaio Radio Em breveOs podcasts estão chegando ao app. Instale agora e seja o primeiro a descobrir um jeito totalmente novo de curtir podcasts
Episódios
වෘත්තීය සමිති | ක්‍රීඩාව #62 05.07.2021 24:17
වර්තමානයේ අපි සාමාන්‍යයක් හැටියට ගන්න දවස් 5 වැඩ සතිය, පැය 8 වැඩ දවස, නිවාඩු දින, අතිකාල දීමනා වගේ දේවල් අපිට ලබා දුන්නේ වෘත්තීය සමිති වල මැදිහත් වීමෙන් මේක සමරන්න තමයි මැයි 1, කම්කරු දිනය යෙදිල තියෙන්නේ. හැබැයි අද ලංකාවේ වෘත්තීය සමිතිවලට තියන ප්‍රතිරූපය එච්චර සුබදායී නැහැ. නමුත් අඩුපාඩු තිබ්බා කියල අපි වෘත්තීය සමිති කප්පම්කාරයෝ, කඩාකප්පල්කාරයෝ ගානට දාන්න ඔ්නෙද? ලංකාවේ ක්‍රීඩාව ට ඇතිවෙලා තියන තත්ත...
ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය | සෙල්ලම් ගෙදර #61 27.06.2021 20:16
ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය අත්‍යාවශ්‍ය සමාජ කාරණාවක් වෙනකොට ලංකාවේ සන්නිවේදන ක්ෂේත්‍රයේ තියන දුර්වලකම් තවදුරටත් ඉස්මතු වෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම ඩේටා සඳහා යන අධික වියදමට, සිග්නල් නැති එකට, තාක්ෂණික පහසුකම් නැති එකට විසඳුම වෙලා තියෙන්නේ ඒවා ෆොටෝ ගහල අන්තර්ජාලයට දාන එක. මේ පෝස්ට් වල දුරකතන සේවා නියාමන කොමිසම් සභාව දෙන පැලැස්තර විසඳුම් ඇත්තටම ප්‍රමාණවත් නැහැ. මේකට ජාතික ප්‍රතිපත්තියක් හදන්නේ කොහොමද...
ග්‍රීක ආර්ථික අර්බුදය | ස්ටොක්හෝල්ම් සින්ඩ්රෝම් #60 18.06.2021 30:26
ග්‍රීක ශිෂ්ටාචාරය කියන්නේ ලෝකයට නිර්මාණ විශාල ප්‍රමාණයක් දායාද කරපු ශිෂ්ටාචාරයක්. හැබැයි අද, ඔලිම්පික්, නාට්‍ය කලාව, සාහිත්‍ය, දර්ශනයට වඩා ග්‍රීසිය කිව්වහම මතක් වෙන්නේ ආර්ථිකමය අතින් සම්පූර්ණයෙන්ම විනාශ වුන රටක්. වැරදි මුදල් පරිපාලනය නිසා, අධික විදිහට ණය ගැනීම නිසා ග්‍රීසිය අවුරුදු 10 ක ආර්ථික අවපාතයකට යනවා. මේකෙන් අපි පාඩමක් ඉගෙන ගෙන තියනවද? · ග්‍රීසියේ කඩාවැටීම - https://www.investopedia.com/art...
සුරතල් සත්තු | ඔලී රොබින්සන් #59 08.06.2021 20:21
සුරතල් සත්තු ආරක්ෂා කිරීමට ලංකාවේ තියෙන නීති දෙක හැදිල තියෙන්නේ 1958 සහ 1907 වසර වල. මේකෙන් 1958 පනත වෙන් වෙලා තියෙන්නේ හරක්, ඌරෝ වගේ සත්ත්ව නිෂ්පාදන වලට අයිති වෙන සත්තු ගැන. 1907 කෲරත්වය ගැන පනතත් දැන් ඇත්තටම යල් පැනල. ඒ නිසා අපි දකිනවා හිතල හෝ නොහිතල මිනිස්සු අතින් සුරතල් සතුන්ට විශාල වශයෙන් අසාධාරණකම් වෙනවා. තුවාල කරනවා, පාරවල් වල දාලා යනවා. මේක වෙනස් කරන්නේ කොහොමද? · සත්ත්ව පනත - http://www.da...
විශේෂඥයෝ | Port City #58 28.05.2021 34:05
(මෙම කොටස සුපුරුදු පරිදි සිංහලෙන්) ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 6 වෙනි පිටුවට පෙරළුවහම ඒකේ සඳහන් වෙනවා technocratic පාලනයක් ඇති කරනවා කියල. එතකොට technocratic පාලනය කියල කියන්නේ වෘත්තියමය සුදුසුකම් තියන අය ඒ ක්ෂේත්‍ර වල දේශපාලන තනතුරු වලට පත් කිරීම. ඒකේ බලාපොරොත්තුව දේශපාලන විසඳුම් වලින් තොරව සිද්ධාන්තයකට අනුව ගැටළු වලට විසඳුම් දෙන්න ඔවුන්ට හැකි වීම. මේක කරන්න තිබ්බ හොඳ අවස්ථාවක් තමයි කෝව...
බෝඩරේ | Elon Musk #57 20.05.2021 22:01
කෝවිඩ් පාලනයට ගමෙන් ගම, පොලිස් වසමෙන් වසම වහනකොට අපිට තේරෙන දෙයක් තමයි, අපේ රටේ සැලසුම්කරණයේ තියන දුර්වල කම. Zoning වලදි, නැත්නම් මේ සැලසුම්කරණයේදී බලාපොරොත්තු වෙන දේ තමයි මිනිස්සුන්ගේ සෞඛ්‍යයට ඇති වෙන අහිතකර බලපෑම් අඩු කිරීම සහ යටිතල පහසුකම් දීම පහසු කිරීඹ. මේක හොඳින්ම කරන රටක් තමයි ජපානය. අපිට ජපානයෙන් ගත හැක්කේ මොනවද? · ජපාන සෝනින් නීතිය - https://www.mlit.go.jp/common/001050453.pdf Elon Musk ක...
රෝමේ ගිණි ගන්නකොට වීනා වාදණය කිරීම | ඊශ්‍රායලය #56 11.05.2021 27:06
රෝමේ ගිණි ගන්නකොට නීරෝ වීණාවාදනය කලා වගේ, අපේ රජය අළුත් කෝවිඩ් රැල්ල නොසලකා හැරල තියනවා. ඒ වෙනුවට එයාල ඇඳවල් හඳනවා. ඩිලීට්ගේ ජිම් කට්ටල ගමට බෙදා දෙන්න යනවා. කොවිඩ් වල දරැණු බව නොසලකා හැරීමේ විපාක අද ස්වීඩනයට විඳින්න සිද්ධ වෙලා තියනවා. ලංකාවත් හෙමින් හෙමින් ඒ තැනට ලඟා වෙනවා. දැන් හරිනම් රජය එයාලගේ මාන්නය පැත්තකින් තියල මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් මීට වැඩිය ක්‍රියාකාරී සැලැස්මක් ආර්ම්භ කරන්න ඔ්නෙ. ඉත...
Californication | Horn ගහන්න තහනම් ද? #55 04.05.2021 18:59
සංස්කෘතියක් කියන්නේ ම තවත් සංස්කෘතීන් වල එකතුවක්. අපට බුද්ධාගම, සිංහල භාෂාව ලැබිල තියෙන්නේ වෙනත් සංස්කෘතීන් හරහා. නමුත් සංස්කෘතීන් එකතු වෙන කොට අපට නැති වෙන්නේ ලැබෙන්නේ මොනවද කියල හොඳින් හිතල බලන්න ඔ්නෙ. චීන රාජතාන්ත්‍රික රථ පෙලකට හෝන් ගැහුව නිසා, පොලිසියේ රාජකාරියට බාධා කිරීම යටතේ තරුණයෙකුට නඩු පවරනවා. නමුත් ඇත්තටම මෙතෙන්දි රජය යවන්න හදන්නේ රාජතාන්ත්‍රික රථවලට බාධා කරන්න එපා කියන පණිවිඩය ද නැත්නම...
කොළඹට ගසක් ඉතුරු කරමු | හමුදාවට රට බාරදීම #54 27.04.2021 19:24
කොළඹට ගසක් ඉතුරු කරමු කියල ව්‍යාපෘතියක් ගැන සමාජ මාධ්‍ය හරහා කතා බහක් ඇති වුනා. ඉතින් අපි හිතුවා මේ වගේ ව්‍යාපෘති වල වැදගත්කම ගැන කතා කරන්න. ඒ වගේම මේ වගේ සංකල්ප හරහා ගෝලීය උෂ්ණත්වය, පරිසර දූෂණය වගේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න පුළුවන් විදිහ ගැනත් අපි අද කතා කරනවා. · ලංකාවේ ඒක පුද්ගල කාපන් විමෝචනය - https://ourworldindata.org/co2/country/sri-lanka ජනාධිපතිවරයා පසුගිය 20 වෙනිදා ගැසට් එකක් හරහා රටේ සාම...
වරාය නගරය #53 22.04.2021 28:44
වරාය නගරයේ පාලන බලය තියෙන කොළඹ වරාය නගර ආර්ථික කොමිසම බලාත්මක කරන පනත අගමැතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඉතින් මේ පනත ගැන රටේ ඇති වෙන කතාබහත් එක්ක අපි තීරණය කලා මේ කෙටුම්පත ගැන හොයල බලන්න. ඇත්තටම මේක ලංකාවේ ආර්ථිකයේ හැරවුම් ලක්ෂයද? · කෙටුම්පත (සිංහල) - https://www.parliament.lk/uploads/bills/gbills/sinhala/6218.pdf · කෙටුම්පත (ඉංග්‍රීසි) - https://www.parliament.lk/uploads/bills/gbills/engl...
ස්වාධීන රාජ්‍ය ආයතන #52 13.04.2021 9:42
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ කරපු කතාවක් එක්ක රාජ්‍ය ආයතන වල ක්‍රියාකාරීත්වය ගැන කතා බහක් ඇති වෙනවා. ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂකවරියගේ හැසිරීමෙන් මේ ප්‍රශ්නය තවත් උත්සන්න වෙනවා. ස්වාධීන රාජ්‍ය ආයතනවලට යම් මට්ටමක ස්වාධීන භාවයක් අවශ්‍ය වෙන්නේ දේශපාලන බලයක් තියන ව්‍යාපාර, නිලධාරීන් නීති කඩ කරන කොට ඊට විරුද්ධව කටයුතු කරන්න. නමුත් අද වැදගත් රාජ්‍ය ආයතනවල ප්‍රධාන තනතුරුවලට පත් වෙලා ඉන්න න...
71, 88-89 කැරලි සහ ජවිපෙ අනාගතය #51 07.04.2021 22:54
2021/04/05 ට 1971 කැරැල්ලට වසර 50 ක් වෙනවා. ඒ නිසා අපි හිතුවා මේ පුහාරයේ ඉතිහාසය, පසුබිම සහ එයින් ගත හැකි පාඩම් ගැන සලකා බලන්න. 71 සහ 88-89 කැරලි කියන්නේ ලංකාවේ අඳුරුම යුගයක්. මෙයින් ජීවිත 70000 ක් විතර අහිමි වෙනවා කියල අනුමාන කරනවා. මේ සංහාරයට ජවිපෙත්, සිරිමාවෝ රජයත්, ජේ ආර් - ප්‍රේමදාස රජයනුත් වගකිව යුතුයි. ශ්‍රීලනිපය සහ යූඑන්පී එක කෙසේ වෙතත් ලංකාවේ දැනට තියන එකම දූෂණ චෝදනා නැති දේශපාලන ව්‍යාපාර...
ස්විට්සර්ලන්තයේ Burqa තහනම | 50 වෙනි episode එක දක්වා ගමන #50 29.03.2021 27:31
1 වන කොටස සඳහා ආගම් පිලිබඳ අන්තර්ගතය ගැන අනතුරු ඇඟවීම 2 වන කොටස සඳහා 23:50 Content Warning for segment 1 23:50 for segment 2 ස්විට්සර්ලන්තය මේ මාසයේදී ඡන්දයක් හරහා, පොදු ස්ථාන වල බර්කා ඇඳීම තහනම් කරනවා. එක් පිරිසක් කියනවා බර්කාව කියන්නේ මුස්ලිම් සංස්කෘතියේ තියන පුරුෂාදිපත්‍ය පෙන්වන සංකේතයක් කියලා. තහනමට පක්ෂ පිරිස් කියනවා කාන්තාව නිදහස් කරන්න නම්, ඔවුන්ට බලයෙන් පනවල තියන බර්කාව තහනම් කරන්න ඔ්නෙ කි...
ප්‍රවාහන පද්ධතිය | අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය #49 22.03.2021 19:53
ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ආරක්ෂාවට දීල තියන තැන බොහොම අඩුයි. මේකට හොඳම උදාහරණයක් තමයි ටිපර් රථයක් සහ බස් රථයක් අතර වුන අනතුර. මේ සිදුවීමෙන් අපිට ඉගෙන ගන්න දේවල් බොහෝමයක් තියනවා. මීට වැඩිය ආරක්ෂාකාරී මහාමාර්ග පද්ධතියක් හදන්න අපිට ලෝකයෙන් ඔ්නේ තරම් උදාහරණ ගන්න පුළුවන්. ඒ අතරින් නෝර්වේ රාජ්‍ය කරපු Vision Zero ව්‍යාප්තියෙන් අපට ගන්න පුළුවන් පාඩම් මොනවද? Vision Zero - https://www.vegvesen.no/_attachme...
මියන්මාරය I Facebook vs ඔස්ට්‍රේලියාව #48 15.03.2021 18:16
මියන්මාර හමුදාව නැවතත්, කුමන්ත්‍රණයකින් රටේ බලය අල්ල ගන්නවා. මේකට ජාත්‍යන්තරයේ රටවල් විශාල ප්‍රමාණයක් විරුද්ධ වෙද්දි, ලංකාව මේ සිදුවීම ගැන හැසිරෙන විදිහ සාධාරණයි ද? ලංකාවේ විදේශ ඇමතිවරයා, මිලිටරි රජයේ විදේශ ඇමතිවරයාට ආරාධනා කරනවා කලාපීය සාකච්ඡාවක් සඳහා. මේකෙන් යන පණිවිඩය මොන වගේ ද? මියන්මාරයේ මෑතකාලීන ඉතිහාසය - https://youtu.be/PLHlMoPw6-8 ඕස්ට්‍රේලියානු රජය නව නීතියක් ගේනවා ගූගල්, ෆේස්බුක් වගේ සම...
මාධ්‍ය සදාචාරය | කළු ඉරිදා #47 08.03.2021 15:02
පොලිස් නිලධාරියෙක් කරපු අපරාධයක් මුල් කරගෙන මාධ්‍ය හැසිරෙන ආකාරය ගැන සමාජයේ කතාබහක් ඇති වෙලා තියනවා. මේ සිද්ධිය මුල් කරගෙන සමහර මාධ්‍ය නාලිකා වෘත්ත්තීය ආචාර ධර්ම සම්පූර්ණයෙන්ම අමතක කරල තියනවා. මේ හැසිරීම නිසා වෙන්නේ ප්‍රසිද්ධ මාධය වල ජනප්‍රියතාවය අඩු වෙලා, මිනිස්සු තොරතුරු ලබා ගන්න සමාජ මාධ්‍ය වලට හැරෙන එක. මේක මිනිස්සුන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතියට සහ තොරතුරු වල ගුණාත්මක බවට හොඳ දෙයක් නෙවෙයි. එහෙ...
කළු ඉරිදාවට අපේ සහාය (Teaser) 07.03.2021 0:37
පාස්කු ප්‍රහාරයට වරදකරුවන් සොයා දඩුවම් ලබා දීමේ ක්‍රියාපටිපාටිය ඉක්මන් කරන්නැයි ඉල්ලන කළු ඉරිදා සැමරුමට අපි අපේ සහයෝගය ලබා දෙනවා. Episode 47 Teaser
මැතිවරණ ආදායම් වියදම් නීති | පුටින්ට තිබෙන ආක්ර්ශනය #46 01.03.2021 14:12
අළුත් මැකෝ නිමල් පුංචිහේවා ඉල්ලීමක් කරනවා ඡන්ද අපේක්ෂකයන්ගේ ආදායම් වියදම් වාර්තා මැතිවරණ කොමිසමට ලබා දීම අනිවාර්ය කරන වගන්තියක් අළුත් ව්‍යවස්ථාවට එක් කරන්න කියල. රටක ප්‍රජාතන්ත්‍රවාදය වැඩ කරන්න තියන ලොකුම බාධාවක් තමයි දේශපාලනයත් එක්ක ගෑවෙන මුදල්. මේක අපි සීනි බදු වංචාවෙන්, ටයිල් වංචාවෙන්, මහ බැංකු බැදුම් කර වංචාවෙන් හොඳටම අත්විඳිනවා. මේකට ලේසිම පිලියම වෙන්නේ අපේක්ෂකයන්ට මුදල් දෙන්නේ කවුද කියන එක ප...
Cyber security | දේශපාලන පලිගැනීම් පිලිබඳ ජනාධිපති කොමිසම #45 21.02.2021 17:27
පෙබරවාරි 6 වෙනිදා google.lk සහoracle.lk ඇතුළු .lk domain තිබෙන පේජ් ගණනාවක්ම හැක් වෙනවා. මේකෙන් ඉස්මත් වෙන්නේ ලංකාවේ සයිබර් සෙකියුරිටි වලට දීල තියෙන තැන. TRCSL සිට Telecom එක දක්වාම ලංකාවේ සයිබර් සෙකියුරිටි ඉතිහාසය එතරම් සුභවාදී එකක් නෙවෙයි. අපි ට දැන් සයිබර් සෙකියුරිටි ප්‍රමිතිගතකරණයේ අවශ්‍යතාවය මතු වෙලා තියනවා. සිදුවීම වාර්තා කල ලිපිය- https://www.zdnet.com/article/hacktivists-deface-multiple-sr...
ශිෂ්‍ය අයිතිවාසිකම් | ජනාධිපතිගේ පරිසර දැක්ම #44 15.02.2021 21:01
2017 අවුරුද්දේ ගුරුවරයෙක් ළමයෙකුට පහර දීම නිසා ඒ ළමයා ජීවිත කාලයට ම බිහිරි වෙනවා. ඒ ගැන දාපු මානව අයිතිවාසිකම් නඩුවෙන් ගුරුවරයා වැරදි කරු වෙනවා. ඒ ගුරුවරයාට ලක්ෂ 1.5 වන්දියක් ගෙවන්න වෙනවා. සමහරු කියන දෙයක් තමයි ගහන්නේ හොඳ අරමුණකින් නිසා දඬුවම් දීමේ වරදක් නැහැ කියල. නමුත් පර්යේෂණ වලින් සොයා ගෙන තියනවා ළමයින්ට ගැසීමෙන් වෙන්නේ ළමයි තවත් දරුණු වීමත්, දඬුවමට බය වීමත් මිස වැරදි කරන්න බය වීම නොවන බව. ඉති...
මානව හිමිකම් කොමිසම | තානාපති සේවය #43 09.02.2021 18:13
ලංකාව ට ආයෙත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියනවා. මානව හිමිකම් කොමිසම ලංකාවට කරපු නිඑර්දේශ වල ප්‍රගතිය ගැන වාර්තාවක් 46 වෙනි මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් වෙනවා. මේ වාර්තාවේ ලීක් වුන මුල්පිටපත ගැන අපි සාකච්ඡා කරනවා. මේ වාර්තාවෙන් ලංකාවේ මානව හිමිකම් ගැටළු 6ක් ගැන කතා කරනවා. එහෙම නම් ඇයි අපි ඉස්ලාම් බක්තිකයින් ආදාහනය කිරීම ගැන විතරක් අවදානය යොමු කරන්නේ? ලංකාව ගැන වාර...
ඇමරිකාවේ කොටස් වෙළඳපල සහ Reddit #42 31.01.2021 12:38
US Wall street එක සහ Reddit එක අතර මේ වෙනකොට ගැටුමක් ඇති වෙලා තියනවා. Reddit users කිහිප දෙනෙක් ගේ ආයෝජනය කිරීමේ උපක්‍රම නිසා, US stock market එක 3% විතර කඩා වැටිලා තියනවා. සමහරක් hedge funds බංකොලොත් වෙලා තියනවා. බොහෝ දෙනෙක් මේක හඳුන්වන්නේ ඇමරිකාවේ ඇතිවෙලා තියන ආදායම් බෙදී යාමේ විෂමතාවට විරුද්ධ ඇති වුන සිදුවීමක් හැටියට. ඉතින් මේ කියන hedge funds මොනවාද? කොහොම ද Redditers ල ඇමරිකා කොටස් වෙළඳපළට මෙ...
ලොකුම ළමයි හදන ලංකාවේ අද්‍යාපන ක්‍රමය | Brexit #41 26.01.2021 12:28
ලංකාවේ තියන අධ්‍යාපන ක්‍රමය තුළින් දැන් නිර්මාණය වෙන්නේ ලෝකෙ ඉන්න ලොකුම ළමයි. අවුරුදු 24 ක් විතර වෙනකන් ලංකාවේ ළමයි තමන්ගේ දෙමාපියන් මත යැපෙන්න ඔ්නෙ. රටේ තරුණ පර්ම්පරාව අවුරුදු ගණනාවක්ම ශ්‍රම බලකායට දායකත්වයක් නොදී ගෙවා දානවා. ඒ වගේම තමයි මේ අවුරුදු 18 ට වැඩි තරුණ තරුණියන් ට පවා ලංකාවේ සමාජය සලකන්නේ ළමයි හැටියට මිසක් පුරවැසියො හැටියට, වගකීම් දැරිය හැකි පිරිසක් හැටියට නෙවෙයි. මේ තරුණ පරපුරටත් වගකීම...
කොළඹ වරාය විකිණිම | අධිකරණයට අපහාස කිරීම #40 17.01.2021 13:20
කොළඹ වරායෙන් 49% අදානි සමාගමට විකුණනව කියල ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා. 2018 අවුරුද්දේ රු බි 19 ක ලාභයක් ගොපු කොළඹ වරාය හදිස්සියේම විකුණන්නේ ඇයි? ලංකාවේ වරාය ඇමති, අදානි වගේ සමාගමක් වෙනුවෙන් පෙනී සිටින්නේ ඇයි? කොළඹ වරායේ 2018 වාර්ථාව- · https://www.parliament.lk/uploads/documents/paperspresented/annual-report-srilanka-ports-authority-2018.pdf අදානි සමාගම පිළිබඳ වාර්ථාව- · https://www.google.com/url...
යුක්රේන සංචාරකයින් | දුරකථන සේවා මාෆියාව #39 03.01.2021 13:27
ලංකාවට යුක්රේන් සංචාරකයෝ ගෙන්වාගෙන සංචාරක කර්මාන්තය “නගා සිටුවන්න” ව්‍යාපෘතියක් පටන් අරන් තියනවා. මේක පිටුපස ඉන්නේ මිග් යානා ගනුදෙනුවේ චෝදනා ලබපු, පසුගිය දවසක නඩුවෙන් නිදහස් වුන, හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග. ලංකාවේ මිනිස්සු මැදපෙරදිග හිර වෙලා ඉන්න වෙලාවක සංචාරකයන් රටට ගෙන්වන්න අවධානය දෙන එක කොච්චර සාධාරණ ද? උදයංග - https://www.facebook.com/Udayanga222/posts/450738079260746 සංචාරකයින් - ht...
Podcasts parecidos
O Replaio não é o publicador dos podcasts; os nomes dos programas, as capas e o áudio pertencem aos seus autores e são distribuídos por feeds RSS públicos