SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1451 episodes

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Author

SBS

Category

News

Podcast website

www.sbs.com.au

Latest episode

Jul 11, 2026

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android 5M+ downloads · 4.8 rating iOS soon

Episodes

බර අඩු කරගන්න Ozempic සහ Wegovy ඖෂධ භාවිතා කිරීම භයානකද, ඇත්තම විස්තරේ මෙන්න 12.05.2025

ශරීර බර අඩු කර ගැනීමේ ක්ෂුද්‍ර මාත්‍රා වශයෙන් "Ozempic" සහ "Wegovy" වැනි ඖෂධ භාවිතය මේ වන විට ඉහල යමින් තිබෙනවා. මේ හේතුවෙන් ඒවා භවිත කිරීමේ ප්‍රතිලාභ සහ එහි තිබෙන අවදානම් මොනවද යන්න සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

මේ සතියේදී ලිබරල්, සහ ග්‍රීන්ස් පක්ෂ වලට නව නායකයින් සහ ලේබර් රජයට නව කැබිනට්ටුවක්: කාලින විග්‍රහය මැයි 12 12.05.2025

නායකත්ව කණ්ඩායමේ සිටින්නේ කවුරුන්ද යන්න තීරණය කිරීම සඳහා ලිබරල් පක්ෂය මැයි 13 වන අඟහරුවාදා ඡන්ද විමසීමක් පවත්වන අතර ග්‍රීන්ස් පක්ෂය මැයි 15 වන බ්‍රහස්පතින්දා ඒ සඳහා සූදානම් වේ. මේ අතර ඇල්බනිසි රජයේ නව කැබිනට් මණ්ඩලය සඳහා ලේබර් පක්ෂ කාමරය තුල, අද - මැයි 12 වනදා සාකච්චා පැවැත්වෙනු ඇත. මැතිවරණයෙන් පසුව ඕස්ට්‍රේලියානු දේශපාලනයේ අද වන විට වාර්තා වන නවතම තොරතුරු අද - අපගේ 'කාලීන විග්‍රහයෙන් ' බලාපොරොත්ත...

SBS සිංහල Newsflash මැයි 12: ලේබර් රජයේ නව කැබිනට් මණ්ඩලය ප්‍රකාශයට පත් කිරීම අදයි 12.05.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 12වන දා SBS සිංහල Newsflashවලට සවන්දෙන්න.

'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, මැයි 05 - මැයි 09 09.05.2025

විපක්ෂ නායක වරයා තේරීමේ තරඟයෙන් ලිබරල් සෙනට් සභික Dan Tehan ඉවත් වීම, දහහතරවන ලියෝ පාප්තුමාගේ තේරී පත්වීම පිළිබඳව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි සුභ පැතීම, ඉන්ෆ්ලුවෙන්සා උන රෝගීන්ගේ අසාමාන්‍ය වැඩිවීම ගැන සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා සිටීම වැනි පුවත් සමග ගතවුණු මැයි 05 වනදා සිට මැයි 09 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියානු පුවත් ප්‍රකාශය

බහුතරය ඇති පළාත්පාලන ආයතන වල සභාපතිවරු පත්කිරීම කඩිනම් කරන ලෙස මැතිවරණ කොමසාරිස් කියයි: මවුබිමෙන් පුවත් 09.05.2025

අද - මැයි මස 09 වන සිකුරාදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයිි

නවතම ICC ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව නව ස්ථාන ලබා ගනී: ක්‍රීඩා විග්‍රහය 09.05.2025

මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයට" සවන්දෙන්න.

වසර 15කට පසුව ග්‍රීන්ස් පක්ෂ නායකයාට තම පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනය අහිමිවේ: 'කාලීන විග්‍රහය' මැයි 09 09.05.2025

ග්‍රීන්ස් පක්ෂ නායක Adam Bandt හට තම පාර්ලිමේන්තු ආසනය අහිමි වී ඇති අතර ඔහු තම පරාජය මේ වනවිට පිළිගෙන තිබෙනවා. මේ හේතුවෙන් ග්‍රීන්ස් පක්ෂයට නායකයකු නොමැති තත්වයක් ඇති වී තිබෙනවා. ලේබර් පක්ෂයේ Sarah Witty මෙම ආසනය ජයගෙන ඇති අතර ලේබර් පක්ෂය මෙම ආසනය දිනාගෙන ඇත්තේ වසර 15කට පමණ පසු බව වාර්තා වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

සුපිරි වෙළඳසැල්වල නාම යටතේ එන home brand භාණ්ඩ මිල දී ගැනීමට ඕස්ට්‍රේලියානුවන්ගේ දැඩි පෙළඹීමක් 09.05.2025

ජීවන වියදම් අර්බුදය හමුවේ ඉහළ යන බඩුමිල සමඟ මුදල් ඉතිරි කරගැනීමේ ක්‍රම පිළිබඳ ඕස්ට්‍රේලියානුවන් උනන්දු වී තිබෙනවා. Home brands නැතහොත් සුපිරි වෙළඳ සංකීර්ණවල වෙළඳ නාම යටතේ ඇති භාණ්ඩ මිලට ගැනීමට යොමු වීම එවැනි එක් ක්‍රමවේදයක් වෙනවා. Coles විසින් මෑතක කළ සමීක්ෂණයකට අනුව සාම පාරිභෝගිකයන් තුන් දෙනෙකුකෙන් එක් අයෙකු ම මේ සඳහා පෙළඹී තිබෙනවා. Home brand නිෂ්පාදනයක් යනු කුමක් ද? මිල අඩු වීම ගුණාත්මක බවට බලප...

SBS සිංහල Newsflash මැයි 09: ලිබරල් පක්ෂය නව නායකයකු තෝරාගැනීමට සැරසෙයි 09.05.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 9වන දා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න.

ආර්තවහරණය හෙවත් menopause හි විවිද අවධිවල දී ඇති විය හැකි සංකූලතා සහ ප්‍රතිකාර පිළිබඳව ඔබ දැනගතයුතුම දේවල් 08.05.2025

ආර්තවහරණය (Menopause) හෙවත් මාසික ඔසප් චක්‍රය සදාකාලිකව නතර වීම යනු කාන්තාවකගේ ජීවිතයේ සිදු වන ජෛව විද්‍යාත්මක ක්‍රියාවලියක් වනවා. ආර්තවහරණය ළඟා වීම හඟවන ලක්ෂණ, සංකූලතා සහ ඒ සඳහා ඇති ප්‍රතිකාර පිළිබඳ අප දැනගතයුතු දෑ සම්බන්ධයෙන් SBS සිංහල සේවය කැන්බෙරා හි වෙසෙන වෛද්‍ය අංජලී ගමගේ සමඟ කළ සාකච්ඡාවට සවන් දෙන්න.

ඉන්දියාව සහ පාකිස්තානය අතර තත්වය උණුසුම් වන අතරතුරදී නව පාප්වහන්සේ තේරීමට කාදිනල්වරු රැස්වෙති. 'ලොව වටා' 08.05.2025

මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ධ වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා

මේ වනවිට ඔස්ට්‍රේලියාව පුරා ඉන්ෆ්ලුවෙන්සා වෛරස ආසාධිතයින් 63000ක් වාර්තා වී ඇත: 'කාලීන විග්‍රහය' මැයි 08 08.05.2025

පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේ වාර්තාගත ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. මේ හේතුවෙන් මේ වසරේ දී යාවත්කාලීන කරන ලද වාර්ෂික ඉන්ෆ්ලුවෙන්සා එන්නත ලබා ගැනීමේ අවශ්‍යතාවය මෙන්ම මෙය වැළඳීමේ අවදානම අවම කිරීම සඳහා වෙනත් සනීපාරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව විශේෂඥයින් සියලුම ඕස්ට්‍රේලියානුවන්ට දැනුම් දී සිටිනවා. කෙසේ උවත් ඉන්ෆ්ලුවෙන්සා වෛරසය දරුණු ලෙස පැතිර යාමට කාරනා කි...

SBS සිංහල Newsflash මැයි 08: විශ්ලේෂකයන්ට අනුව ග්‍රීන්ස් පක්ෂ නායක ඇඩම් බැන්ඩ්ට් හට සිය ආසනය අහිමි වෙයි 08.05.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 8වන දා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න

2025 ඕස්ට්‍රේලියානු ෆෙඩරල් මැතිවරණයේ ප්‍රතිඵල ගැන ශ්‍රී ලාංකිකයින් දැක්වූ අදහස් මෙන්න 07.05.2025

2025 ඕස්ට්‍රේලියානු මහමැතිවරණයෙන් ලේබර් රජය ජයග්‍රහණය කිරීම මෙන්ම ලිබරල් පක්ෂයේ පරාජය පිළිබඳව ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙක් SBS සිංහල සේවයට දැක්වූ අදහස් මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

SBS සිංහල Newsflash මැයි 07: ලේබර් රජයේ නව කැබිනට් මණ්ඩලය ගැන තවම තීරණය කර නොමැති බව අගමැති පවසයි 07.05.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 7වන දා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න.

අන්තර්ජාතික ශිෂ්‍යයෙකු ලෙසින් ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලැබීමට සැලසුම් කිරීමේදී ඔබට වැදගත් වන දේවල් මෙන්න 06.05.2025

ලොව ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් වන ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපන අවස්ථා සඳහා සූදානම් විය යුතු ආකාරය සම්බන්ධයෙන් සිඩ්නි හි ලියාපදිංචි ජ්‍යෙෂ්ඨ අධ්‍යාපන උපදේශිකාවක් වන චානකා පලිහක්කාර සමඟ SBS සිංහල සේවාව කළ සාකච්ඡාවට සවන් දෙන්න.

Learn more about expiration dates recorded in food packages - ආහාර පාන ඇසුරුම් වල සටහන්ව ඇති කල් ඉකුත්වීමේ දින ගැන වැඩිදුර දැනගන්න 24.02.2025

SBS Sinhala discussion with Dr. Jayantha Gamlath - senior food scientist - food safety lead auditor and a certified national food safety auditor for high-risk food business/processes (NFS-4) - Victoria, Australia - ආහාර පාන ඇසුරුම් වල එම ආහාර පාන කල් ඉකුත් වීම සම්බන්ධයෙන් සටහන් වී තිබෙන දින පිලිබදව වඩා හොද අවබෝධයක් මෙම සාකච්චාවට සවන් දීමෙන් ඔබට ලබාගන්න පුළුවන්.

Things to consider when renting a vehicle in Australia - කුලි පදනම මත වාහනයක් ලබා ගැනීමේදී මේ පිලිබදවත් සැලකිලිමත් වෙන්න 30.01.2025

SBS sinhala discussion with Mr Lalith Narasinghe Bandara- Vehicle renting business owner, Victoria - කුලි පදනම මත වාහනයක් ලබා ගන්නා විට ඔබ සැලකිලිමත් විය යුතු කරුණු පිලිබදව SBS සිංහල සේවය විසින් සිදුකල සාකච්චාවට සවන් දෙන්න.

How to claim donations on your tax return each year - පුණ්‍ය ආයතන වලට ඔබ දෙන ආධාර සඳහා ඔස්ට්‍රේලියාවේදී Tax claim කරන්න පුළුවන් මෙහෙමයි 03.01.2025

Millions of Australians claim donations on their tax returns each year. Australians could soon be able to claim more donations on their tax returns under proposed changes announced by the federal government. Listen to SBS Sinhala podcast for more information. - පුණ්‍ය ආයතන ඇතුළු විවිධ ආයතනවලට බොහෝ දෙනා ආධාර කිරීම් සිදුකරනවා. මේ ආකාරයට ඔබ පරිත්‍යාග කරන මුදල් සඳහා සෑම වසරකම Tax claim කිරීමේ හැකියාව...

Amazing facts about the world's oldest rainforest in Australia - ඕස්ට්‍රේලියාවේ තියෙන ලොව පැරණිතම වැසි වනාන්තරය ගැන අපූරු තොරතුරු මෙන්න 31.12.2024

SBS Sinhala Interview about the Daintree rainforest located in north Queensland. - ඕස්ට්‍රේලියාවේ කුවීන්ස්ලන්ත ප්‍රාන්තයේ පිහිටා ඇති වසර මිලියන 135ක් පමණ පැරණි ලොව පැරණිතම වැසි වනාන්තරය ගැන SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.

Early detection methods for testicular cancer - වෘෂණ කෝෂ පිළිකා මුල් අවස්ථාවේදීම හඳුනා ගන්නේ මෙහෙමයි 08.11.2024

Movember is an annual event during the month of November to raise awareness of Men's Health issues. Listen to SBS Sinhala discussion about testicular cancer during this Movember event. - නොවැම්බර් මාසයට යෙදී තිබෙන Movember වැඩසටහන හරහා පුරස්ථි පිළිකා, වෘෂණ කෝෂ පිළිකා මෙන්ම පිරිමින්ගේ මානසික සෞඛ්‍යය පිළිබඳවත් විශේෂ අවධානයක් යොමුකෙරෙනවා. මෙම වැඩසටහනට සමගාමීව වෘෂණ කෝෂ පිළිකා සම්බන්දයෙන් SBS සිංහල සේව...

Support services available for children with learning difficulties in Australia - ඉගෙනීමට අපහසුතා ඇති ළමුන්ට ඕස්ට්‍රේලියාවේදී ලැබෙන විශේෂ උපකාරක සේවා ගැන තොරතුරු මෙන්න 04.11.2024

SBS Sinhala discussion on support for children with learning difficulties in the Australian school system. - Anxiety, ADHD වැනි තත්වයන් හේතුවෙන් ඉගෙනීමට අපහසුතා ඇති ළමුන්ට ඕස්ට්‍රේලියානු පාසල් පද්ධතිය සහ ගුරුවරුන් විසින් ලබාදෙන උපකාරක සේවා පිළිබඳව දැනුවත්වන්න.

Here's how to safeguard your brain early on to help prevent dementia - තරුණ කාලේ ඉඳලම මොළය හොඳින් රැක බලාගෙන ඩිමෙන්ෂියා රෝගයෙන් බේරෙන්නේ මෙහෙමයි 09.09.2024

In September, many countries, including Australia, focus on the prevention of dementia. Listen to SBS Sinhala's discussion on dementia prevention and support services in Australia. - සෑම වසරකම සැප්තැම්බර් මාසය ඔස්ට්‍රේලියාව ඇතුළු බොහෝ රටවල්වල Dementia රෝගය පිළිබඳව අවධානය යොමු කෙරෙන මාසය ලෙස සැලකෙනවා. ඩිමෙන්ෂියා රෝගී තත්වය වලක්වා ගතහැකි ක්‍රම මෙන්ම ඩිමෙන්ෂියා රෝගී තත්වය සඳහා ඕස්ට්‍රේලියාවේ ඇති උපකා...

What parents need to know about child safety and well being: Child Protection Week - දරුවන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සම්බන්ධයෙන් දෙමාපියන් දැනගත යුතුම දේවල්: Child Protection Week 03.09.2024

SBS Sinhala brings you this interview parallel to the National Child Protection Week with a paediatrician Dr. Chandima de Alwis about prioritising the safety and well-being of children - දෙමාපියන් වශයෙන් එදිනෙදා ජීවිතයේදී, ඔබේ දරුවන්ගේ ආරක්ෂාවට සහ යහපැවැත්මට ප්‍රමුඛතාවය ලබා දීම සිදුකරන්නේ කෙසේද? "ජාතික ළමා ආරක්ෂණ සතිය" ට සමගාමීව මේ පිළිබඳව ළමා රෝග විශේෂඥ වෛද්‍ය චන්දිම ද අල්විස් මහතා සමග SBS සිංහල...

Surprising Hidden Side of Family Violence - ඔස්ට්‍රේලියාව තුල රහසේම වර්ධනය වන ශාරීරික හිංසනයට පමණක් සීමා නොවූ ගෘහස්ත හිංසනයේ නොදුටු පැතිකඩ 15.02.2024

To you and me our family is like our whole world. The safest place for us in life is our home, our family. How helpless will you be if you have to live in fear of your family and your home? How unfair is that? Sometimes you may also be a victim of domestic violence and may not be able to get help for it. Today we are ready to inform you about this through this discussion. Ms. Manushika Arachchige,...

Listen to the SBS Sinhala - SBS සිංහල වැඩසටහන podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.