SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1848 episodes

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Be sure to visit the podcast's website and support the creator: www.sbs.com.au

Author

SBS

Category

News

Podcast website

www.sbs.com.au

Latest episode

Oct 16, 2026

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android almost 10M downloads · 4.8 rating iOS soon

Episodes

මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, සැප් 22 - සැප් 26 26.09.2025

සැප්තැම්බර් 22 සිට සැප්තැම්බර් 26 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන පුවත් ඇතුලත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න

'ඕස්ට්‍රේලියාව අපිට අලුත් අවස්ථා උදා කළා' - නව පුරවැසිභාවය ලැබූ ඉසුරු, ගිහාන් සහ ඇමෙන්ඩා සමඟ කතාබහක් 26.09.2025

උපතින් ලැබූ පුරවැසිභාවය වෙනුවට තෝරාගැනීමෙන් පුරවැසිභාවයට ලබාගැනීම අභියෝගාත්මක, දුෂ්කර හා තීරණාත්මක මෙන්ම සංවේදී ගමනක්. ඒ ගමන සාර්ථකව අවසන් කළ තිදෙනෙකු සමඟ කළ මේ කතාබහට සවන්දෙන්න.

මව්බිමෙන් පුවත් - සැප් 26: ‘දූෂණයට එරෙහි සටන භයානකයි, සටන් නොකර සිටීම ඊටත් වඩා භයානකයි’ ජනපති ජගත් සමුළුවේ දී 26.09.2025

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගයට සවන් දෙන්න.

IVF සායන මධ්‍යස්ථානයක දත්ත සොරකමකින් අගතියට පත් පාර්ශ්ව නෛතික ක්‍රියාවලියකට එළැඹීමේ අපේක්ෂාවක: කාලීන විග්‍රහය 26.09.2025

Genea Fertility මධ්‍යස්ථානයේ දත්ත සොරකම නිසා සේවා ලබන්නන්ගේ වෛද්‍ය තොරතුරු, ප්‍රතිකාර සහ පරීක්ෂණ ප්‍රතිඵල වැනි සංවේදී දත්ත නිරාවරණය වී තිබෙනවා. දැන් සිය ගණනක් ඕස්ට්‍රේලියානුවන් සමූහයක් ලෙස එකට එක්ව නෛතික ක්‍රියාමාර්ගයක් ගැනීමට අදහස් පළ කර තිබෙනවා. පෞද්ගලිකත්වය පිළිබඳ ඔස්ට්‍රේලියාව හඳුන්වා දුන් නව නීති මෙලෙස ක්‍රියාවට නැංවෙනු ලැබෙන පළමු අවස්ථාව මෙය විය හැකි වනවා. අද කාලීන විග්‍රහයේ අවධානය ඒ පිළිබඳව...

ක්‍රීඩා විග්‍රහය: 'පිට්ටනිය පිරෙන්න අපේ තරඟ බලන්න එන්න' - චමරි අතපත්තු 26.09.2025

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

SBS සිංහල Newsflash සැප් 26: සංක්‍රමණ විරෝධී ප්‍රකාශයක් නිසා ලිබරල් පක්ෂ මන්ත්‍රීවරයකුට විවේචන එල්ල වේ 26.09.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 26වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

'Triple zero' හදිසි ඇමතුම් සේවා බිඳවැටීම ගැන Optus ආයතනයට දෝෂාරෝපණ එල්ලවේ: කාලීන විග්‍රහය 25.09.2025

Optus සමාගමේ පාරිභෝගිකයින්ට ඔස්ට්‍රේලියාවේ හදිසි සේවා ඇමතුම් අංකය වන '000' ඇමතීමේ හැකියාව යම් කාලයකට අහිමි වී ගොස් තිබෙනවා. සේවා බිඳවැටීමක් හේතුවෙන් මෙම තත්වය ඇතිවී තිබෙනවා. සේවා බිඳ වැටීම් සිදුවූ මෙම කාලය තුල හදිසි ඇමතුම් 600ක් පමණ ලබා ගැනීමට නොහැකිවී තිබෙනවා. පැය 13ක් පමණ මෙම සේවා බිඳවැටීම පැවතී ඇති බව වාර්තා වනවා

'ලොව වටා': ගුවන් යානක රෝද තුල සැඟවී දිල්ලි ආ ඇෆ්ගන් දරුවා 25.09.2025

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

SBS සිංහල Newsflash සැප් 25: ඔප්ටස් ආයතනයට ඩොලර් මිලියන 100ක දඩ මුදලක් නියම වේ 25.09.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 25වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ ඡන්ද අයිතිය වෙනුවෙන් සිඩ්නි නුවර නීතිඥයකුගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් 24.09.2025

විදෙස් රටවල ජීවත් වන ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබා දෙන ලෙස ඉල්ලමින් ගොනු කරනු ලබන මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් තොරතුරු මේ සාකච්ඡාවෙන් අපි ඔබ වෙත ගෙන එනවා. මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර නීතිඥවරයෙක්. ඉතින් මේ ගැන වැඩිදුර තොරතුරු මේ සාකච්ඡාවෙන් ඔබ වෙත ගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා.

SBS සිංහල Newsflash සැප් 24: NSW පාසල් සිසුන්ට ගෙදරවැඩ කරන්න AI යොදාගන්න අවසර 24.09.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 24 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

Bandi Chhor Diwas explained: How do Australia's 210,000 Sikhs celebrate the festival? - ඕස්ට්‍රේලියාවේ 210,000 ක් පමණ වන සික් ජාතිකයින් සමරන බන්ඩි චෝර් දිවාස් ගැන දන්නවා ද? 23.09.2025

Coinciding with Diwali, Bandi Chhor Diwas is a day when Sikhs celebrate freedom and enlightenment through many social and cultural traditions. Here's everything you need to know. - දීපවාලි උත්සවයට සමගාමීව පැවැත්වෙන බන්ඩි චෝර් දිවාස් යනු සික් ජාතිකයින් විවිධ සමාජ හා සංස්කෘතික සම්ප්‍රදායන් මගින් නිදහස සහ ඥානාලෝකය සමරන දිනයකි. ඒ පිළිබඳ ඔබ දැනගත යුතු සියල්ල මෙන්න.

SBS සිංහල Newsflash සැප් 23: 'නිවාස සැපයුම් අර්බුදයට විසඳුම් තවමත් දුරස්ථයි' ඕස්ට්‍රේලියානු මහබැංකු අධිපතිනිය 23.09.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 23 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස ඕස්ට්‍රේලියාව පිලිගද්දී, ඊශ්‍රායල අගමැති අනතුරු අඟවයි : කාලීන විග්‍රහය 23.09.2025

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී පලස්තීන රාජ්‍යයක් නිල වශයෙන් පිළිගැනීම සඳහා ඕස්ට්‍රේලියාව - කැනඩාව, පෘතුගාලය සහ එක්සත් රාජධානිය සමඟ එක්වී තිබේ. ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි සහ විදේශ අමාත්‍ය පෙනී වොන්ග් මෙම ප්‍රකාශය සිදු කරන ලද අතර, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එම රටවලට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.

How do you legally change your name in Australia? - ඕස්ට්‍රේලියාවේදී ඔබේ නම නීත්‍යානුකූලව වෙනස් කරන්නේ කෙසේද: Australia Explained 23.09.2025

Choosing to legally change your name is a significant life decision that reflects your personal circumstances. Each year, tens of thousands of Australians lodge an application through the Registry of Births, Deaths & Marriages. If you’re considering a change of name, this episode takes you through the process. - ඔබේ නම නීත්‍යානුකූලව වෙනස් කිරීමට තෝරා ගැනීම ඔබේ ජිවිතයේ ගන්නා වැදගත් තීරණයක් වශයෙන් ද...

දරුවන් වෙනුවෙන් සාමය රැක ගනිමු - ජාත්‍යන්තර සාම දින විශේෂාංගය 22.09.2025

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර ඇති ජාත්‍යන්තර සාම දිනය සෑම වසරකම සැප්තැම්බර් 21 වෙනිදා ට යෙදෙනවා. ඒ වෙනුවෙන් SBS සිංහල ගෙන එන විශේෂාංගයට සවන්දෙන්න.

80 වෙනි වරට පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසිය ගැන තොරතුරු මෙන්න: කාලීන විග්‍රහය 22.09.2025

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල වාර්ෂික සැසිවාරය සඳහා ලෝක නායකයින් එළඹෙන සතියේදී නිව්යෝර්ක් නුවරදී හමුවනවා. ලෝක සාමය, සංහිදියාව මෙන්ම දේශගුණික විපර්යාස සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඇති කිරීම වැනි කාරනා සඳහා මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානයක් යොමුවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් Antonio Guterres පවසනවා. මීට අමතරව මේ වසරෙදී මෙම සමුළුවේ 80වැනි සංවත්සරයද සමරනවා. එකසත්ජාතීන්ගේ මහා මණ්ඩල වාර්ෂික සැසිවාරය...

මව්බිමෙන් පුවත් - සැප් 22: විදුලිබලය අත්‍යවශ්‍ය සේවයක් බවට ගැසට් නිවේදනයක් 22.09.2025

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

SBS සිංහල Newsflash සැප් 22: ඕස්ට්‍රේලියාව පලස්තීන රාජ්‍යය නිල වශයෙන් පිළිගනී 22.09.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 22 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, සැප් 15 - සැප් 19 19.09.2025

සැප්තැම්බර් 15 සිට සැප්තැම්බර් 19 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන පුවත් ඇතුලත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න

ක්‍රීඩා විග්‍රහය: කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග පාලන කටයුතු සියල්ල කාන්තාවන් අතින් 19.09.2025

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

මව්බිමෙන් පුවත් - සැප් 19: මෙවර අයවැයේ වැඩිම වෙන්කිරීම මුදල් අමාත්‍යංශයට, දෙක පළාත් පාලනයට 19.09.2025

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගයට සවන් දෙන්න.

'ඕස්ට්‍රේලියානුවෙකු ලෙස මගේ පළමු කාර්යය ඡන්දය පළ කිරීමට ලියාපදිංචියයි', නව පුරවැසියෙකු කියයි: කාලීන විග්‍රහය 19.09.2025

සැප්තැම්බර් 17වන දින යෙදුණු ඕස්ට්‍රේලියානු පුරවැසි දිනයේ දී පුරවැසිභාවය ලද දහස් ගණනක් නව ඕස්ට්‍රේලියානුවන් සිය සතුට සැමරුවා. පුරවැසිභාවය පිරිනැමීමේ උත්සව රට පුරා ප්‍රාන්ත පාලන ආයතනවල ද පැවැත්වුණා. නව පුරවැසියන් කිහිප දෙනෙකු SBS සමඟ සිය අදහස් බෙදාගත්තා. අද කාලීන විග්‍රහයේ අවධානය ඒ පිළිබඳවයි.

SBS සිංහල Newsflash සැප් 19: Kmart ආයතනය නීතිවිරෝධී ලෙස පාරිභෝගිකයින්ගේ මුහුණු ස්කෑන් කර ඇතිබව හෙළිවේ 19.09.2025

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 19 වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

ඕස්ට්‍රේලියාවේ හොඳම පේස්ට්‍රි සූපවේදි වශයෙන් කිරුළු පැළඳි සෙබෙස්තියන් වීරසිංහ සිය වෘත්තීය ගමන පිළිබඳ කියූ දේ 18.09.2025

ඕස්ට්‍රේලියාව වාර්ෂිකව සිදු කරන Fine Food Australia ප්‍රදර්ශනය මෙවර සිඩ්නි නුවර දී පැවැත්වුණා. එහි දී ඕස්ට්‍රේලියාවේ හොඳම පේස්ට්‍රි නිෂ්පාදන සිදු කරන සූපවේදියා (Most Outstanding Pastry Chef) ලෙස කිරුළ හිමි කරගත් ශ්‍රී ලාංකිකයා සිය වෘත්තීය චාරිකාව මෙනෙහි කරමින් SBS සිංහල සේවය සමඟ කළ පිළිසඳරට සවන් දෙන්න.

Listen to the SBS Sinhala - SBS සිංහල වැඩසටහන podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.