SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1451 episodes

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Author

SBS

Category

News

Podcast website

www.sbs.com.au

Latest episode

Jul 11, 2026

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android 5M+ downloads · 4.8 rating iOS soon

Episodes

බංගලාදේශය එක්ක අපිට ලොකු අභියෝග තිබ්බත් හොඳින් ලකුණු රැස් කරන්න බලනවා', නායක ධනංජය කියයි: ක්‍රීඩා විග්‍රහය 27.06.2025

මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයට" සවන්දෙන්න

'ලංකාවේ වැඩිවෙන ඝාතන සංස්කෘතිය නවත්තන්න අපිට රජයෙන් විසඳුමක් අවශ්‍යයි', සජිත් කියයි: මවුබිමෙන් පුවත් ජූනි 27 27.06.2025

අද - ජූනි මස 27 වන සිකුරාදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

SBS සිංහල Newsflash ජූනි 27: ඔස්ට්‍රේලියාව තම ආරක්ෂක වියදම් ඉහල දැමිය යුතු බව ෆෙඩරල් විපක්ෂය පවසයි 27.06.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 27වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

මූලික ගෙවීම් කිරීමෙන් පසු ඕස්ට්‍රේලියාවේ අවම වැටුප් ලබන්නෙකුට ඉතිරි වන්නේ ඩොලර් 33ක් පමණයි, වාර්තාවක් පවසයි 26.06.2025

ඉහළ යන විදුලි බිල්පත් නිසා දහස් ගණනක් ඕස්ට්‍රේලියානුවන් බලශක්ති ආශ්‍රිත ණය බරකට තල්ලු වෙමින් පවතින බවත්, අවම වැටුප් ලබන සේවකයන්ට සතිපතා මූලික වියදම් පියවා ගැනීමෙන් පසු මුදල් ඉතිරි නොවන බවත් නව Anglicare Australia වාර්තාවක් පවසනවා. අද මේ විශේෂාංගය ඒ පිළිබඳවයි.

SBS සිංහල Newsflash ජූනි 26: ඕස්ට්‍රේලියාවේ උද්ධමනය මැයි මාසයේ දී 2.1% දක්වා පහතට 26.06.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 26වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

ඇමරිකාවේ ප්‍රහාර නිසා ඉරාන න්‍යෂ්ටික වැඩසටහන විනාශ වී නැතැයි ඇමරිකානු අලුත් බුද්ධි තොරතුරු කියයි: 'ලොව වටා' 26.06.2025

මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ධ වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.

ඉරාන ඊශ්‍රායල ගැටුමට සිරව සිටි ඕස්ට්‍රේලියානුවන් සියගණනක් ඊශ්‍රායලයෙන් ඉවත් කර ගනී: කාලීන විග්‍රහය ජූනි 26 26.06.2025

මැදපෙරදිග ගැටුමෙන් බේරීමට උත්සාහ කල ඕස්ට්‍රේලියානුවන් 119 දෙනෙකු රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදා ජෙට් යානයක් මගින් ඊශ්‍රායලයෙන් ඉවත්කරගෙන තිබෙනවා. නමුත් ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය Penny Wong පැවසුවේ ඉරානයෙන් සහය සහිතව මේ ආකාරයේ ඕස්ට්‍රේලියානුවන් ඉවත්කරගැනීමක් තවමත් සිදු කළ නොහැකි බවයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

ඔබේ නිවසේ අමතර කාමරයක් කුලියට දෙන්න හිතනවානම් මේ කරුණු දැනගැනීම වැදගත් 25.06.2025

ඔබ ජිවත් වෙන නිවසේ අමතර කාමරයක් කුලියට දෙන විට සහ එලෙස කාමර කුලියට ගන්නා අය විසින් සැලකිලිමත් විය යුත්තේ මොනවාද යන්න පිලිබදව තොරතුරු මෙම සාකච්චාවෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

ඕස්ට්‍රේලියාවේ 'partner visa' ලබාගැනීමට ගතවන කාල වකවානු ගැන තොරතුරු මෙන්න 25.06.2025

තම සහකරුවා හෝ සහකාරිය ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට ඔබ අයදුම්කළ යුතු වීස කාණ්ඩයක් තමයි partner visa කාණ්ඩය. ඉතින් මේ partner visa සඳහා අයදුම් කිරීමේදී බොහෝ දෙනෙක්ට තිබෙන ගැටළුවක් තමයි මේ සඳහා ගතවන කාලය. 2025 වසරේ ජුනි මාසයේදී මේ සඳහා ගතවන කාලසීමාවන් පිළිබඳව තොරතුරු අපි ඔබ වෙත ගෙන එන්න මේ විශේෂාංගයෙන් බලාපොරොත්තු වනවා

2026 දී ඕස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් ඉහළ යන්නේ මෙහෙමයි 25.06.2025

ඕස්ට්‍රේලියාවේ තවත් නගරයක නිවාස මිල ගණන්වල සාමාන්‍ය අගය ඩොලර් මිලියනය ඉක්මවීමට ආසන්න වී තිබෙනවා. එමෙන්ම පහළ වැටීමකට ලක් වී තිබු තවත් නගරයක නිවාස මිල නැවත ඉහළ යමින් පවතිනවා. ඒ පිළිබඳ සහ ඔස්ට්‍රේලියාව පුරා නිවාස මිල ගණන් පිළිබඳ මේ විශේෂාංගයෙන් අපි කතා කරනවා.

SBS සිංහල Newsflash ජූනි 25: යුද්ධය නිසා ඊශ්‍රායලයේ සිරවී සිටි ඕස්ට්‍රේලියානුවන් 119ක් බදාදා අළුයම මුදවා ගැනේ 25.06.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 25 වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

ඔස්ට්‍රේලියාවට අලුතින් එන අයට ස්වේච්ඡා සේවයේ යෙදීමේ ඇති වැදගත්කම ගැන තොරතුරු මෙන්න 24.06.2025

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වන නව සංක්‍රමණිකයින්ට ඕස්ට්‍රේලියාව තුලදී ස්වේච්ඡා සේවයේ යෙදීමේ ඇති වැදගත් කම ගැන SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන් දෙන්න

How home and contents insurance works in Australia - ඕස්ට්‍රේලියාවේ නිවාස රක්ෂණ ක්‍රියාත්මක වන්නේ කෙසේද: Australia Explained 24.06.2025

Home and contents insurance is a safety net many households expect to rely on during difficult times. But it’s also a financial product that even experts can find challenging to navigate. Whether you own or rent your home, understanding your level of cover, knowing what fine print to look out for, and learning how to manage rising premiums can help you make more informed choices as a consumer. - ඔ...

ඇමරිකානු ආධාර කපා හැරීම නිසා ඕස්ට්‍රේලියාවේ මිලියන ගණනක වැඩසටහන් වැසේ: කාලීන විග්‍රහය ජූනි 24 24.06.2025

ඇමරිකාවේ ආධාර කපා හැරීම ඕස්ට්‍රේලියානු ආයතන විසින් පවත්වාගෙන යනු ලබන මිලියනයකට අධික ජනතාවක් ළඟා වන වැඩසටහන් 100 කට වඩා සෘජුවම බලපා ඇති බව නව වාර්තාවකින් සොයාගෙන තිබෙනවා. මේ පිළිබඳ මේ විශේෂාංගයෙන් අවධානය යොමු කරනවා.

SBS සිංහල Newsflash ජූනි 24: ඊශ්‍රායලය සහ ඉරානය සටන් විරාමයකට එකඟ වූ බව ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් පවසයි 24.06.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 24වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

Alfred and Clinton are unlikely friends. Their friendship can teach migrant communities about reconciliation - SBS Examines: බහුසංස්කෘතික ප්‍රජාව සංහිඳියාවේ කොටස්කරුවන් වීමේ වැදගත්කම 24.06.2025

Alfred is an Indonesian migrant, and Clinton is an Aboriginal man from Western Australia. Their friendship changed the way Alfred understood his identity as a migrant Australian. - ඕස්ට්‍රේලියාවේ ජාතික සංහිඳියා සතිය මැයි 27 සිට ජූනි 3වන දා දක්වා යෙදී තිබුණා. ආදිවාසී සහ ටොරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්, ඔවුන්ගේ සංස්කෘතීන්, සහ ප්‍රජාව පිළිබඳ ස්වදේශික නොවන ජනතාවට ඉගෙනීමට, අවබෝධය ලබා ගැනීමට සහ ඇහුම්ක...

වීසා බලපත්‍රයේ කොන්දේසි උල්ලංඝනය කළොත් ලැබෙන 'Notice of intention to consider cancellation' ගැන දැනුවත් වෙමු 23.06.2025

ඕස්ට්‍රේලියාවේ වීසා බලපත්‍රයක් ඇති ඕනෑම කෙනෙකු දැනුවත්ව සිටිය යුතු Notice of intention to consider cancellation යනු පුද්ගලයෙකුගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමට සලකා බැලීමක් සිදු කෙරෙන බව ලිඛිතව දැනුම්දීමයි. මෙවැනි ලිපියක් ලැබීමට හේතු සහ ගත යුතු පියවර පිළිබඳ SBS සිංහල සේවය කළ සාකච්ඡාවට සවන් දෙන්න.

ශිෂ්‍ය වීසා ක්‍රමවේදයේ වෙනස්කම් නිසා වෘත්තීය අධ්‍යාපන ආයතන වැනි ස්වාධීන අංශ අර්බුදයක: කාලීන විග්‍රහය ජූනි 23 23.06.2025

ෆෙඩරල් රජය විසින් 2024 සිට ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව සීමා කිරීම උදෙසා වීසා අයදුම්පත් ගාස්තු වැඩි කිරීම සහ වීසා සැකසීම මන්දගාමී කිරීම වැනි ප්‍රතිපත්ති හඳුන්වා දී තිබෙනවා. ඉංග්‍රීසි භාෂාව සහ වෘත්තීය අධ්‍යාපන ආයතන වැනි ස්වාධීන අධ්‍යාපන අංශවලට මෙම වෙනස්කම් දැඩි ලෙස බලපා ඇති අතර සමහර ඒවා වැසී යාමට ද හේතු කාරණා වී තිබෙනවා. ඒ පිළිබඳ මේ විශේෂාංගයෙන් අපි කතා කරනවා.

SBS සිංහල Newsflash ජූනි 23: ඇමරිකාවේ ඉරාන ප්‍රහාරය ගැන ඕස්ට්‍රේලියානු රජයේ ප්‍රතිචාරයට විපක්ෂයෙන් විරෝධය 23.06.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 23වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

'කෙහෙළිය ලෙඩ්ඩුයි වෛද්‍යවරුනුයි දෙගොල්ලම රවට්ටලා', සෞඛ්‍ය ඇමති නලින්ද කියයි: මවුබිමෙන් පුවත් ජූනි 23 22.06.2025

අද - ජූනි මස 23 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයිි

ඕස්ට්‍රේලියාවේ දෙවැනි වැඩිම පිළිකාව වන බඩවැල් පිළිකාවෙන් ආරක්ෂා වෙන්න මේ ගැනත් දැනගන්න 22.06.2025

මේ ගෙවීගෙන යන ජුනි මාසය වන Bowel Cancer Awareness Month හෙවත් "බඩවැල් පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසයට" සමගාමීව, බඩවැල් පිළිකා පිළිබඳව සහ එමගින් ආරක්ෂා වීමට දැන සිටිය යුතු කරුණු සම්බන්ධයන් වන සාකච්චාවට සවන්දෙන්න

'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, ජුනි 16 - ජුනි 20 20.06.2025

ජුනි 16 වනදා සිට ජුනි 20 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන සුවිශේෂී පුවත් ඇතුලත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න

ඉදිරියේදී හොඳ නවක ක්‍රීඩකයෝ ලංකා කණ්ඩායමට එයි, ටෙස්ට් පිටියට සමුදෙමින් මැතිව්ස් කියයි: ක්‍රීඩා විග්‍රහය 20.06.2025

මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයට" සවන්දෙන්න

'පැරණි දේශපාලනය පරිවර්තනය කරන අභියෝගෙට අපි හොඳින් මුහුණ දෙනවා', ජනපති අනුර කියයි: මවුබිමෙන් පුවත් ජූනි 20 20.06.2025

අද - ජූනි මස 20 වන සිකුරාදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

සරණාගතයන් සහ රැකවරණ පතන්නන් අතර අනෙකුත් ප්‍රජාවට වඩා මානසික සෞඛ්‍ය ගැටලු ඉහළයි, පර්යේෂණ පවසයි: කාලීන විග්‍රහය 20.06.2025

ඕස්ට්‍රේලියාවේ සිටින සරණාගත ප්‍රජාව සහ රැකවරණ පතන්නන් අතර සියදිවි නසාගැනීම්, පසු කම්පන ආතති තත්ත්වයන් සහ මානසික සෞඛ්‍ය ගැටළු අනෙකුත් ප්‍රජා කණ්ඩායම්වලට වඩා බෙහෙවින් වැඩි බව පර්යේෂණවලින් පෙන්නුම් කරනවා. ඔවුන්ගේ සංස්කෘතියට හෝ භාෂාවට ගැළපෙන පරිදි මානසික සේවා සත්කාර හෝ තොරතුරු වෙත ප්‍රවේශ විය නොහැකි නිසා මානසික සෞඛ්‍ය ගැටලු බොහෝ විට නරක අතට හැරෙනවා. Wesley LifeForce යනු මෙම තත්ත්වය මග හැරවීම සඳහා ක්‍ර...

Listen to the SBS Sinhala - SBS සිංහල වැඩසටහන podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.