SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Be sure to visit the podcast's website and support the creator: www.sbs.com.au
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
මව්බිමෙන් පුවත්: විදෙස්ගත ශ්රී ලාංකිකයින්ගේ දායකත්වය ජනපතිගේ ඇගයුමට / දිස්ත්රික්ක 4 ට තවමත් නාය අනතුරු රතු නිවේදන 08.12.2025 9:08
ගෙවුණු සතිඅන්තයේ ශ්රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
SBS සිංහල Newsflash දෙසැ 08: ලැව්ගිනි ඇති වීමේ ප්රවණතාව මෙම ගිම්හාන ඍතුවේ දී අධික විය හැකි බවට අනතුරු ඇඟවීම් 08.12.2025 5:29
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 08 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.
කාලීන විග්රහය: ඕස්ට්රේලියාවේ අගමැති ඇල්බනිසි සිය සහකාරිනිය ජෝඩි හේඩ්න් සමඟ යුග දිවියට 07.12.2025 4:50
ඕස්ට්රේලියානු අගමැතිවරයා පසුගිය දා සිය සහකාරිනිය ජෝඩි හේඩ්න් සමඟ අතිනත ගත්තා. ඒ කැන්බෙරා අගනුවරදියි. විවාහය පැවැත්වෙන දිනයක් පිළිබඳ ඕස්ට්රේලියානුවන් මාස ගණනක් තිස්සේ අපේක්ෂාවෙන් බලා සිටියා. අද කාලීන විග්රහයේ කතා පුවත ඕස්ට්රේලියානු අගමැති ඇන්තනි ඇල්බනිසි සහ ජෝඩි හේඩ්න්ගේ විවාහය පිළිබඳවයි.
මේ සතියේ ඕස්ට්රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්රේලියානු පුවත් සම්පිණ්ඩනය, දෙසැ 01 - දෙසැ 05 05.12.2025 7:15
දෙසැම්බර් 1වන දා සිට දෙසැම්බර් 5වන දා දක්වා සතියේ ඕස්ට්රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් සතියේ පුවත් ප්රකාශයට සවන් දෙන්න.
තරුෂි එක්ක තරු කතා: යුග යුග සවන් සනසා නිහඩ වූ මියුරු හඬ ස්වර යුගල 05.12.2025 9:15
ශ්රී ලාංකේය කලා ලෝකය සිය හඬ ස්වරයෙන් සනසා මිලින වූ තරු යුගලක් පිළිබඳ මතකානුස්මරණ කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘නොමියෙන තරු’ විශේෂාංගය අහන්න.
ක්රීඩා විග්රහය - ඔලිම්පික් කමිටුවේ මීළඟ නිලවරණය පැවැත්වීම පිළිබඳ මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවට චෝදනා 05.12.2025 8:48
මේ සතියේ ශ්රී ලංකාවේ සහ ඕස්ට්රේලියාවේ ක්රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්රීඩා විග්රහය’. මාධ්යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
මව්බිමෙන් පුවත්: රජයේ අරමුදලට මේ දක්වා රටවල් 33 ක විදෙස්ගත ශ්රී ලාංකිකයින් 30,000 ක ගෙන් රුපියල් කෝටි 70 ක පරිත්යාග 05.12.2025 10:16
දිට්වා සුළි කුණාටුවෙන් පසු සිදු කරන සහන සේවා පිළිබඳ සහ මේ සතියේ ශ්රී ලංකාවෙන් වාර්තා වූ අනෙකුත් උණුසුම් හා වැදගත් පුවත් සමගින් SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
SBS සිංහල Newsflash දෙසැ 05: දකුණු සහ අග්නිදිග ආසියාවේ සංචාරයේ යෙදෙන ඕස්ට්රේලියානුවන්ට අනතුරු ඇඟවීම් 05.12.2025 4:57
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 05 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.
අපේ වහරේ කතා අහුරක්: හෙට්ටු කරන්න ඇවිත් මට්ටු වුන හෙට්ටියාගේ කතාව! 04.12.2025 7:05
ඕනවට වඩා හෙට්ටු කරලා ගොවි මහත්වරුන්ගේ ඵලදාව මිල දී ගන්න හදන වෙළෙන්දෝ ගැනුම්කරුවෝ එදාත් හිටියා අදත් ඉන්නවා. අපේ වහරේ ඒ වගේ අයට කියන මේ අලංකාර කියමන ගැන සාහිත්යවේදී අශෝක පියරත්න ගෙනෙන මේ රස කතා අහුරෙන් අහලා දැන ගන්න.
ශ්රී ලංකාවට අවශ්ය කඩිනම් සහනාධාර ලබාදෙන්න 'Sri Lankan Australians' සංවිධානයත් එක්වේ 04.12.2025 8:25
ශ්රී ලංකාවේ ඇතිවී තිබෙන ගංවතුර බලපෑමෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට විවිධ පාර්ශව මේ අවස්ථාවේ කටයුතු කරනවා. ඉතින් අපේම ශ්රී ලාංකිකයින්ට මේ උදව් අවශ්යම මොහොතේ විවිද පාර්ශව ඉතා යුහුසුළුව ආධාර එකතුකිරීමට සහ බෙදා හැරීමට කටයුතු කරමින් සිටිනවා. ඕස්ට්රේලියාවේ වික්ටෝරියා ප්රාන්තයේ Sri Lankan Australians සංවිධානයත් මේ හදිසි සහනාධාර ලබාදීමේ කටයුත්තට එකතුවෙලා තිබෙනවා. එම සංවිධානයේ සභාපති ආචාර්ය ලයනල් බෝ...
'ලොව වටා': ඉන්දුනීසියාවේ ගංවතුරෙන් බේරුන අය ආධාර නැතුව කලකිරෙද්දී, මැලේසියාව අභිරහසක් වූ MH370 යලි හොයන්න ගනී 04.12.2025 8:24
මාධ්යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්රහය ‘ලොව වටා’ විශේෂාංගය.
SBS සිංහල Newsflash දෙසැ 04: ඕස්ට්රේලියානු රජයෙන් ශ්රී ලංකාවට තවත් ඩොලර් මිලියන 2.5ක ප්රදානයක් 04.12.2025 5:26
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 04වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න.
From black tie to casual: How to decode dress codes - Australia Explained: ඕස්ට්රේලියාවේ විවධ උත්සව වලට යද්දී අඳින ගැලපෙන ඇඳුම් ගැන තොරතුරු 03.12.2025 10:22
You’ve received an invitation that reads “Dress code: Cocktail attire”. What is this ‘code’? And more importantly, what will you wear? In this episode, we demystify the most common dress codes so that you can feel comfortable at any event. - ඔබට ඔස්ට්රේලියාවේදී යම් උත්සවයකට ආරාධනාවක් ලැබෙද්දී “Dress code: Cocktail attire” වශයෙන් තිබෙන්නට හැකියාව තිබෙනවා. මෙම Dress code කියන දේ කුමක්ද යන්න සම්බන්ධ...
සුළි කුණාටුවකට නොනැසුණු ප්රජාවක එකමුතුව - ජීවිත ජීවත් කරවන්න ස්වේච්ඡාවෙන් කැප වුණු විජේරාම ප්රජා මුළුතැන්ගෙය 03.12.2025 9:27
දහස් සංඛ්යාත අවතැන් ජනතාව වෙනුවෙන් පිසූ ආහාර සපයන දිවා රාත්රී ක්රියාත්මක ප්රජා මුළුතැන්ගෙයක් (Community Kitchen) නුගේගොඩ විජේරාම ප්රදේශයේ පසුගිය දින කිහිපය පුරා ක්රියාත්මක වනවා. පුරවැසි කණ්ඩායමකගේ එකමුතුවකින් ස්වේච්ඡාවෙන් ක්රියාත්මක වන මෙම මුළුතැන්ගෙයට මූලිකත්වය ගෙන කටයුතු කරන සිවිල් ක්රියාකාරී සුජිත් අන්නමලේ මේ ඒ පිළිබඳ SBS සිංහල සේවය සමඟ සිදු කල කතාබහයි.
SBS සිංහල Newsflash දෙසැ 03: ශ්රී ලංකාවට බලපෑ දැඩි ගංවතුර තත්වය හේතුවෙන් මියගිය සංඛ්යාව තවදුරටත් ඉහලට 03.12.2025 5:11
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 03 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.
කාලීන විග්රහය: ඕස්ට්රේලියාව මේ සියවසේදී ගත් ලොකුම පාරිසරික ප්රතිසංස්කරණ සම්මත වෙයි 02.12.2025 9:20
වසර පහක සමාලෝචනයකින් පසුව, ඕස්ට්රේලියාවේ පාරිසරික නීති සඳහා වසර 26 ක් තුළ වූ විශාලතම ප්රතිසංස්කරණ සම්මත කිරීම සඳහා ඕස්ට්රේලියානු රජය Greens පක්ෂය සමඟ ගිවිසුමක් ඇති කර ගෙන තිබෙනවා. කෙසේ නමුත් මෙම ගනුදෙනුව පරිසර විශේෂඥයින්ගේ විවේචනයට ලක්ව තිබෙනවා. මේ ගැන වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
පීඩාවට පත්ව සිටින කාන්තාවන්, ගැහැණු දරුවන් හා ආබාධ සහිත වූවන් සඳහා ඕස්ට්රේලියාවෙන් ශ්රී ලංකාවට ප්රමුඛතා ආධාර 02.12.2025 2:53
'දිට්වා' සුළි කුණාටු නිසා විපතට පත් කාන්තාවන් සහ ගැහැණු ළමයින්ගේ ලිංගික හා ප්රජනක සෞඛ්ය සහ ආරක්ෂණ අවශ්යතා සඳහා ක්ෂණිකව සහාය වීමටත් ආබාධ සහිත පුද්ගලයින් ඇතුළු වඩාත් අවදානමට ලක්විය හැකි අයගේ අවශ්යතා සඳහා ප්රමුඛත්වය ලබා දීමට ඕස්ට්රේලියානු රජය කලාපීය ප්රතිචාර අරමුදල් සක්රීය කිරීමට පියවර ගෙන තිබෙනවා.
SBS සිංහල Newsflash දෙසැ 02: ශ්රී ලංකාවේ ගංවතුර තත්වය පහව යාමත් සමග වසංගත රෝග ඇතිවීමේ අවදානමක් 02.12.2025 5:20
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 02 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.
ශ්රී ලංකාවේ ගංවතුර හේතුවෙන් අවතැන්වූවන්ට සහන සැලසීමට ඕස්ට්රේලියාවේ රොටරි සමාජත් එකතුවෙයි 01.12.2025 9:16
ශ්රී ලංකාවේ මේ වනවිට ඇතිවී තිබෙන ව්යසන කාරී තත්වයට ඔස්ට්රේලියාව තුලිනුත් විවිද කණ්ඩායම් එකතුවෙනවා අවශ්ය සහනාදාර ලබාදීමේ කටයුතු සිදුකරන්න. ඉතින් ඕස්ට්රේලියාවේ රොටරි සමාජය මේ වෙලාවේ ලංකාවේ රොටරි සමාජය සමග එකතුවෙලා හදිසි සහනාධාර ලබාදීමේ ව්යාපෘතියක නිරත වෙනවා කියල අපට දැනගන්න ලැබුනා. ඉතින් එහි විස්තර දැනගන්න අපි සම්බන්ධ කර ගත්තා ඕස්ට්රේලියාවේ Greater Sydney රොටරි සමාජයේ හරන් රාමචන්ද්රන් මහතා ස...
සහන සේවා සහ ඉදිරි ක්රියාමාර්ග පිළිබඳ ඕස්ට්රේලියාවේ ශ්රී ලංකා මහ කොමසාරිස්වරිය SBS සිංහල සේවය වෙත දැක් වූ අදහස් 01.12.2025 9:23
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මේ වන විට විපතට පත්ව සිටින්නන් පිළිබඳ තොරතුරු ලබාගැනීමට බලාපොරොත්තු වන ඕස්ට්රේලියාවේ ජීවත් වන ශ්රී ලාංකීය ප්රජාවගේ පහසුව සඳහා ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සම්බන්ධීකරණ හදිසි සේවා දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.
කාලීන විග්රහය: ඉහල කුලී නිවාස මිලගණන් හේතුවෙන් ඕස්ට්රේලියාවේ කුලී නිවැසියන් තවදුරටත් පීඩා විඳී 01.12.2025 8:05
ඕස්ට්රේලියාවේ පොලිඅනුපාත යම් පමණකට ස්ථාවර වීමක් දක්නට ලබුනත් ඕස්ට්රේලියාවේ කුලී නිවාස මිල ගණන් තවදුරටත් ඉහල මට්ටමක පවතින බව අපට දක්නට ලැබෙනවා. ඕස්ට්රේලියාවේ බොහොමයක් ප්රධාන නගර වල ජීවත්වන ජනතාව තම ආදායමෙන් තුනෙන් එකක් පමණ නිවාස කුලී සඳහා වෙන්කරන බවද වාර්තා වනවා. මෙහි බරපතලම තත්වය වාර්තා වෙන්නේ පර්ත් නුවරින්. පවතින මේ තත්වය ගැන වැඩිදුර තොරතුරු අද කාලීන් තොරතුරු විග්රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
මව්බිමෙන් පුවත් දෙසැ 01: අවදානම් තත්ත්වය තවදුරටත් - දිස්ත්රික්ක 7 ට රතු නිවේදන 01.12.2025 10:05
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මේ වන විට උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳ SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්යවේදී මනෝජ් උදටියාවල ගෙන එන විශේෂ ‘මව්බිමෙන් පුවත්’ ප්රකාශය.
SBS සිංහල Newsflash දෙසැ 01: දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මියගිය සංඛ්යාව 334 දක්වා ඉහළට 01.12.2025 4:35
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 01 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.
කාලීන විග්රහය: නළ දරු උපත් උදෙසා ඩිම්බ පරිත්යාග කිරීමට අදාළ ඕස්ට්රේලියානු නීතිරීති වෙනස් කිරීමට යෝජනා 30.11.2025 8:46
ඩිම්බ පරිත්යාගවලට ඇති ඉල්ලුම ඕස්ට්රේලියාවේ ඉහල ගොස් තිබෙනවා. ඒ දරුවෙකු අපේක්ෂාවෙන් සිටින බොහෝ දෙනෙකු සරුභාවය පිළිබඳ ගැටලුවලට මුහුණ දී සිටින නිසා. කෙසේ වෙතත් මේ අවශ්යතාවට සරිලන ප්රමාණවත් ඩිම්බ දායකයන් ඇත්තේ නැහැ. මේ හිඟය නිසා ඔස්ට්රේලියාව ඩිම්බ දානය සම්බන්ධයෙන් ඇති නීතිරීති වෙනස් කළ යුතු යැයි විශේෂඥයන් පවසනවා. අද කාලීන විග්රහයේ අවධායන ඒ පිළිබඳවයි.
මේ සතියේ ඕස්ට්රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්රේලියානු පුවත් සම්පිණ්ඩනය, නොවැ 24 - නොවැ 28 28.11.2025 6:40
නොවැම්බර් 24වන දා සිට නොවැම්බර් 28වන දා දක්වා සතියේ ඕස්ට්රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් සතියේ පුවත් ප්රකාශයට සවන් දෙන්න.
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.