SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1847 episodes

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Be sure to visit the podcast's website and support the creator: www.sbs.com.au

Author

SBS

Category

News

Podcast website

www.sbs.com.au

Latest episode

Oct 16, 2026

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android almost 10M downloads · 4.8 rating iOS soon

Episodes

කාලීන විග්‍රහය: බොන්ඩායි ප්‍රහාරයට සතියයි - ජනතාව සතු ගිනි අවි මිල දී ගැනීමට ඕස්ට්‍රේලියානු රජයේ සැරසේ 22.12.2025

බොන්ඩායි වෙරළේ සිදු වූ සමූහ ඝාතන ප්‍රහාරයෙන් පසු, ජනතාව සතු වූ ගිනි අවි රජය විසින් මිල දී ගැනීමේ ජාතික යෝජනා ක්‍රමයක් ස්ථාපිත කරන බව අගමැති ඇන්තනි ඇල්බනීස් පසුගිය සතියේ දී ප්‍රකාශයට පත් කළා. අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙන්නේ මේ පිළිබඳවයි.

‘ඕස්ට්‍රේලියාවේ සිටින සියලුම විදේශීය සිසුන්ගේ ආරක්ෂාව සහතිකයි’ - සහකාර අමාත්‍ය ජුලියන් හිල් SBS සිංහල සේවය සමඟ පැවති සාකච්ඡාව 22.12.2025

මෑතක දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් රජයේ පුරවැසි, රේගු සහ බහු සංස්කෘතික කටයුතු පිළිබඳ සහකාර අමාත්‍ය සහ ජාත්‍යන්තර අධ්‍යාපන සහකාර අමාත්‍ය ජුලියන් හිල් සිය සංචාරය පිළිබඳ හා බොන්ඩායි ප්‍රහාරයෙන් පසු ජාත්‍යන්තර සිසුන් හා බහු සංස්කෘතික සමාජය අත්විඳින තත්ත්වයන් පිළිබඳ SBS සිංහල සේවය වෙත දැක්වූ අදහස්.

මව්බිමෙන් පුවත්: ප්‍රශ්නගත එන්නත නිපද වූ ඉන්දීය සමාගමේ අනෙක් එන්නත් ද අත්හිටුවයි / ඉන්දීය විදේශ ඇමති ශ්‍රී ලංකාවේ සංචාරයක 22.12.2025

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

කාලීන විග්‍රහය: මේ නිවාඩු කාලයේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන අයට ලැව්ගිනි ගැන සැලකිලිමත් වන ලෙසට උපදෙස් 22.12.2025

ලැව්ගිනි බහුල මේ ග්‍රීෂ්ම ඍතුවේ දී තවත් ලැව්ගිනි හානි ඉදිරියේ දී අපේක්ෂා කල හැකි බව විශේෂඥයන් පවසනවා. විශේෂයෙන්ම මේ නිවාඩු කාලයේ සංචාරය කිරීමට ඔබ බලාපොරොත්තු වනවා නම් ලැව්ගිනි අවදානම ගැන සැලකිලිමත් වීම වැදගත් වනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

SBS සිංහල Newsflash දෙසැ 22: බොන්ඩායි ප්‍රහාරයෙන් විපතට පත්වූවන් සිහිපත් කිරීමේ උත්සවයට විශාල පිරිසක් එක්වේ 22.12.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 22 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, දෙසැ 15 - දෙසැ 19 19.12.2025

දෙසැම්බර් 15වන දා සිට දෙසැම්බර් 19වන දා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් SBS සිංහල සේවයේ සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න

තරුෂි එක්ක තරු කතා: සියවස සැපිරූ ආසියාවේ පළමුවැනියා Radio Ceylon 19.12.2025

අද තරු කතාව වෙන්වන්නේ පසුගිය දෙසැම්බර් 16 වෙනි දා ට වසර 100 ක් සැපිරූ ශ්‍රී ලංකා ගුවන් විදුලිය ගැන මතකාවර්ජනයක් වෙනුවෙනුයි.

ක්‍රීඩා විග්‍රහය: ශ්‍රී ලංකා ක්‍රිකට් නව ගෘහස්ථ ක්‍රීඩාගාරය ක්‍රීඩක අයිතියට 19.12.2025

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

මව්බිමෙන් පුවත්: ආණ්ඩුව 2026 ට අතිරේක රුපියල් බිලියන 500 ක් ඉල්ලයි / රන්වල නිසා අනතුරේ වැටුණු පොලිස් නිලධාරීන් 19.12.2025

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

SBS සිංහල Newsflash දෙසැ 19: ඕස්ට්‍රේලියාවේ දළ සංක්‍රමණික අගයන් පහතට 19.12.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 19 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ වෙළඳසැල් වල සිදුවන භාණ්ඩ සොරාගනීම් වාර්තාගත ලෙස ඉහලට 18.12.2025

නත්තල් උත්සව සමය එළැඹීමත් සමග බොහෝ පාරිභෝගිකයින් සාප්පු සවාරි යාමට සහ භාණ්ඩ මිලදී ගැනීමට විශේෂ උනන්දුවක් දක්වනවා. නමුත් මේ අතර මෙම භාණ්ඩ අලෙවිසැල් තුල සිදුවන භාණ්ඩ සොරකම් කිරීම් ද ඉහල යමින් පවතින බව සාප්පු හිමියන් පවසනවා. ඔස්ට්‍රේලියාව තුල වසර 21කින් වාර්තාවන ඉහළතම භාණ්ඩ සොරකම් කිරීම් ප්‍රමාණය මේ වසරේ වාර්තා වෙලා තියෙනවා. මේ ගැන වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

'අද මුළු මුස්ලිම් ප්‍රජාවම දිහා බලන්නේ සැකයෙන්, අපිත් මේ රටට හැඩ නොගැහුණොත් මේ සැකය තව වැඩි වෙනවා' - ශර්ධා ජමීල් 18.12.2025

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකීය මුස්ලිම් ප්‍රජාව බොන්ඩායි ප්‍රහාරය පිළිබඳ දක්වන ප්‍රතිචාර පිළිබඳ මෙල්බර්න් නුවර සමාජ මාධ්‍ය ක්‍රියාධරයෙක් ලෙස කටයුතු කරන ශර්ධා ජමීල් SBS සිංහල සේවයට දැක් වූ අදහස්.

අපේ වහරේ කතා අහුරක්: බෙහෙත් තෙල් කුප්පිය පරිස්සම් කල ගමහාමිනේගේ කතාව 18.12.2025

හිසේ ඇම්මට කොට්ටෙ මාරු කලා වගේ ලෙඩට ගෙනාපු බෙහෙත් තෙල් කුප්පිය පරිස්සම් කරපු ගමහාමිනේ ගේ කතාව අහලා තියෙනවා ද? අපේ වහරේ එන මේ රස කතාවෙන් කියා දෙන ඒ පාඩම සාහිත්‍යවේදී අශෝක පියරත්නගෙන් අහලා දැන ගන්න.

ලොව වටා: ලෝක උරුමයක් වූ ලංකාවේ කිතුල මැදීම / ලයනල් මෙසී නිසා උරණ වූ ඉන්දීය රසිකයෝ 18.12.2025

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

SBS සිංහල Newsflash දෙසැ 18: පලස්තීන හිතවාදී පාගමන් Bondi ප්‍රහාරයට මග පෑදුවා, ඊශ්‍රායල ඩයස්පෝරාවෙන් චෝදනා 17.12.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 18 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

Your first steps to engaging with Indigenous Australians - Australia Explained: ඔබ ඕස්ට්‍රේලියාවේ ස්වදේශික ප්‍රජාව සමඟ සම්බන්ධ වෙන්න පළමු පියවර ගන්නේ මෙහෙමයි 17.12.2025

Connecting with Indigenous Australia can be daunting for a newcomer to the country. So, where do you start? We asked Yawuru woman Shannan Dodson, CEO of the Healing Foundation, about simple ways to engage with First Nations issues and people within your local community. - ඔබ ඕස්ට්‍රේලියාවට අලුත් නම්, "සාම්ප්‍රදායික හිමිකරුවන්", "රට" හෝ "පළමු ජාතීන්" යන්න බොහෝ විට ඔබ අසා තිබෙනවා විය හැකියි. ඕස්ට්‍ර...

ඕස්ට්‍රේලියාවේ රැකියා ස්ථාන වල සියුම් ලෙස හෝ සිදුවන ජාතිවාදී හිංසන ගැන විමර්ශනයක් කිරීමට යෝජනා 17.12.2025

ඔස්ට්‍රේලියාව කියන්නේ බහු සංස්කෘතික සමාජයක් තියෙන රටක්. නමුත් ඇතැම් විට ජාතිවාදී ගැටළු වලට ඇතැම් අයට මුහුණ දෙන්න සිදුවෙනවා. රැකියා ස්ථාන වලදීත් මෙවැනි ගැටළු වලට මුහුණ දෙන්න ඇතැම් අයට සිදුවනවා. ඕස්ට්‍රේලියාවේ රැකියා ස්ථාන වල පවතින ජාතිවාදය සම්බන්ධයෙන් ජාතික මට්ටමේ පරීක්ෂණයක් අවශ්‍ය බව ඕස්ට්‍රේලියාවේ ජාතිවාදී හිංසනයන් පිලිබඳ සොයා බලන කොමසාරිස් වරයා වන ගිරිදරන් සිවරාමන් පවසනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ව...

වැඩිහිටියන්ගේ වෛරී ගොදුරකට ලක් ව අකලට පරවුණු මැටිල්ඩා 17.12.2025

බොන්ඩායි සමූහ ඝාතනයේ ලාබාලතම ගොදුර වූ මැටිල්ඩාගේ ශෝකයට පත් පවුලේ ඥාතීන් අඟහරුවාදා (16) රාත්‍රියේ බොන්ඩායි මහජන මණ්ඩපයේ පැවති සංවේගජනක සැමරුමකදී සිය 10 හැවිරිදි දියණියට උපහාර දක්වමින් පළමු වරට ප්‍රසිද්ධියේ අදහස් පළ කළා.

SBS සිංහල Newsflash දෙසැ 17: ඇඩිලේඩ් හි පැවැත්වෙන ඔස්ට්‍රේලියා එංගලන්ත ටෙස්ට් තරඟයට විශේෂ ආරක්ෂාවක් 17.12.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 17 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

ඔබත් සහකරු හෝ පවුලේ අයෙක් අතින් මානසික, ශාරීරික හෝ ලිංගික හිංසනයට ලක් වෙනවා ද? 16.12.2025

දකුණු ආසියාතික සංක්‍රමණික ප්‍රජාව තුල සැඟව පවතින ගෘහස්ථ හා පවුල් හිංසන පිළිබඳ ශාස්ත්‍රීය පර්යේෂණ ඇසුරෙන් ගෙන එන විග්‍රහාත්මක විශේෂාංගය.

බොන්ඩායි ප්‍රහාරය හෙළා දැකීමට එක් වන විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයින් අතරට ශ්‍රී ලංකා ජනපති, විදේශ ඇමති හා විපක්ෂ නායකවරයාත් එක් වෙයි 16.12.2025

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි හි බොන්ඩායි වෙරළ තීරයේ සිදු වූ සමූහ වෙඩි තැබීමෙන් ජීවිත අහිමිවූවන්ගේ පවුල්වලට සහ ඕස්ට්‍රේලියානු රජයට සහ ජනතාවට ශ්‍රී ලංකාව වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සිය බලවත් ශෝකය පළ කරනවා.

බොන්ඩායි අමිහිරි සිදුවීම තුල සැබෑ ඕස්ට්‍රේලියානු බව ලොවට පෙන්වූ අහමඩ් අල්-අහමඩ් 16.12.2025

ඕස්ට්‍රේලියාවේ සුප්‍රසිද්ධ දැකුම්කළු බොන්ඩායි වෙරළ තීරයේ සිදු වූ අවාසනාවන්ත සමූල ඝාතන අඳුරු සිදු වීමේ එකම වටිනා සිදු වීම සන්නද්ධ තුවක්කරුවෙක් මෙල්ල කර ගැනීමට සිය ජීවිතය පරදුවට තබා ඉදිරිපත් වූ සාමාන්‍ය සිවිල් පුරවැසියාගේ පුවතයි.

කාලීන විග්‍රහය: Bondi ත්‍රස්ත ප්‍රහාරය - ඕස්ට්‍රේලියාවේ තිබෙන ගිනි අවි නීති ඇත්තෙන්ම ප්‍රමාණවත්ද 16.12.2025

බොහෝ කලක පටන් ඔස්ට්‍රේලියාව තුවක්කු පාලනය සම්බන්ධයෙන් ඉතා ඉහල වගකීමකින් කටයුතු කරන බවට දැඩි විශ්වාසයක් පැවතුනා. එමෙන්ම ඕස්ට්‍රේලියාවේ ගිනි අවි නීති ප්‍රාන්ත සහ ටෙරිටරිවල වගකීම වන අතර, 1996 පෝර්ට් ආතර් සංහාරයෙන් පසුව තුවක්කුවක් හිමිකර ගත හැක්කේ කාටද - සහ ඇයි යන්න පිළිබඳ දැඩි නීති පැවතුනා. නමුත් ඕස්ට්‍රේලියාවේ තිබෙන ගිනි අවි නීති ප්‍රමාණවත්ද යන්න පිළිබඳ අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙනවා.

SBS සිංහල Newsflash දෙසැ 16: ඔස්ට්‍රේලියාව තුල ගිනිඅවි භාවිතාව පිලිබඳ නීති දැඩි කිරීමේ තීරණයක් 16.12.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 16 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.

ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන සිංහල දෙමළ ප්‍රජාව එකතු කර ගෙන වැඩ කරන කොට මට විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වුනා - ආචාර්ය ලයනල් බෝපගේ 15.12.2025

Lankan Fest 2025 දී Luminary සම්මානයෙන් පිදුම් ලැබූ ආචාර්ය ලයනල් බෝපගේ SBS සිංහල සේවය සමඟ පැවත්වූ සාකච්ඡාවේ දෙවන කොටස.

Listen to the SBS Sinhala - SBS සිංහල වැඩසටහන podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.