Danula Wickramaarachchi

Danula Wickramaarachchi

Society SI ↓ 163 episodes

Interviews, Discussions & Documentaries

Author

Danula Wickramaarachchi

Category

Society

Podcast website

danula.me

Latest episode

Jul 5, 2026

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android 5M+ downloads · 4.8 rating iOS soon

Episodes

වංසත්තප්පකාසිනියට හැඳින්වීමක් 24.03.2024

සාහිත්‍ය මූලාශ්‍ර යටතේ එන අට්ඨ කතාවල තියෙන සමහරක් නොතේරෙන, අපැහැදිලි තැන් විස්තර කරන්න ටීකාකරණයක් අවශ්‍යයි. ටීකාවක අරමුණ වෙන්නේ අදාළ අට්ඨ කතාවේ තියෙන අපැහැදිලි සහ ගැටළු සහිත තැන් හඳුනාගෙන, ඒවා පැහැදිලිව සහ විස්තරාත්මකව සටහන් කිරීමක්. අපේ රටේ ටීකාවන් අතරින් තියෙන ප්‍රධානතම ටීකාවක් වන "වංසත්තප්පකාසිනිය" ගැන තමයි අද පොඩි කතාව.

ලංකාව ගැන පිටරට්ටු කියපු කතා 17.03.2024

අපේ රටේ ඓතිහාසික තොරතුරු අධ්‍යනය කරන්න පුලුවන් වෙන මූලාශ්‍ර වර්ගයක් තමයි විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියන්නෙ. ඒ අතරේ සමහර විදේශිකයින් අපේ රටට ඇවිත් අපේ රටේ සංචාරය කරන ගමන් අපේ රට ගැන ලියලා තියෙනවා. සමහරු අපේ රටට නෑවිත්, අපේ රට ගැන දන්න සහ යන එන අයගෙන් අහගත්ත තොරතුරු ඔස්සේ අපේ රට ගැන ලියලා තියෙනවා. ඉතින් මේ කොයි විදිහට එයාලා අපි ගැන ලිව්වත්, ඒ ලියලා තියෙන කරුණු ඒ විදිහටම භාර නොගෙන, තර්කානුකූලව, බොහොම...

සිංහලයාගේ තාක්ෂණය 10.03.2024

2013 අප්‍රේල් 30 වන දින කොළඹ ආනන්ද විද්‍යාලයීය හෙළ සිසු හවුල විසින් සංවිධානය කරනු ලැබූ හෙළ දින දසුන එළිදැක්වීමේ වැඩසටහනේදී පූජ්‍ය වේපතඉර හේමාලෝක හිමියන්, වරලත් ඉංජිනේරු ඊලියන් ද සිල්වා මහතා, මහාචාර්ය පණ්ඩුල ඇදගම මහතා සහ ආචාර්ය සූරිය ගුණසේකර මහතා විසින් ඉදිරිපත් කළ දේශන...

පැරණි බෞද්ධ ආරාමවල අංග 09.03.2024

අද පොඩි කතාවෙන් අපි, පැරණි බෞද්ධ ආරාමයක දකින්න ලැබෙන විහාර අංග ගැන කතා කරමු.

මෝහනයෙන් කෝට්ටේ යුගයට 18.02.2024

අද වැඩසටහන, අපිට ඉතිහාසය සොයාගන්න උදව් වෙන මූලාශ්‍රවල සම්මත ලැයිස්තුවට අයත් නොවෙන, ඒත් වක්‍රාකාරයෙන් උදව් කරගන්න පුලුවන් දෙයක් ගැනයි. ඒ තමයි මෝහන විද්‍යාව ඔස්සේ හෙළිවන කරුණු. මේ වැඩසටහනේදී වෛද්‍ය එස්.බී.ජයසිංහ මහතා රචනා කරපු "මෝහන ප්‍රතිගමන ප්‍රතිකාර තුළින් තහවුරු වන කර්මය සහ පුනර්භවය" කෘතියේ සඳහන් වෙන ඒ වගේ තොරතුරු රාශියක් අතරින් අපි කෝට්ටේ යුගයේ කතාවක් තෝරගත්තා.

කෝට්ටේ රාජධානියේ ග්‍රාමීය නාමයන් 18.02.2024

අද අපේ මාතෘකාව, කෝට්ටේ රාජධානියේ සමහරක් ගම්මානවලට නම් හැදුණු විදිහ ගැනයි. මෙහෙම ග්‍රාමීය නාම පටබැඳීමේදී ඒ ඒ ගම්මානවලින් රාජධානියට සැපයුණු සේවාවන් වගේම ප්‍රදේශයේ පාරිසරික සාධක සහ ජනශ්‍රැතිත් බලපාලා තියෙනවා.

අභයගිරි බෝධිඝර බුද්ධ ප්‍රතිමා 10.02.2024

අද පොඩි කතාවෙන් අපි, අනුරාධපුර අභයගිරි ආරාම සංකීර්ණයේ තියෙන බෝධිඝර ආශ්‍රයෙන් හමුවුණු බුද්ධ ප්‍රතිමා කිහිපයක් ගැන සංක්ෂිප්තව විස්තර ටිකක් කතා කරමු.

බටතොට දිවාගුහාව 27.01.2024

සොළොස්මස්ථාන වඳින ගාථාවේ, බුදුන් වහන්සේ වැඩ සිටි ස්ථාන අතරින් ඉහළින්ම තිබෙන ස්ථානයක් තමයි දිවාගුහාව කියන්නෙ. ඇත්තටම බුදුන් වහන්සේ වැඩම කළ සැබෑ දිවාගුහාව තියෙන්නෙ කොහෙද කියන එක අතීතයේ සිට වර්තමානය වන තුරුම ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන අය තුළ තියෙන ප්‍රශ්නයක්. අද වැඩසටහන, අන්න එහෙම සැක කරන ස්ථානවලින් ප්‍රධානතම ස්ථානය වන රත්නපුර බටතොට දිවාගුහාව ගැනයි.

18 වන සියවසේ අත් මෝටාර් තුවක්කු 08.01.2024

අද පොඩි කතාව, 18 වන සියවසේ යුද්ධවලදි ඔටෝමන් අධිරාජ්‍යය සහ රුසියාව බහුලව භාවිතා කරපු අතිවිශේෂිත තුවක්කු වර්ගයක් ගැනයි.

දෙවන ලෝක යුධ නායකයින්ගේ පළමු ලෝක යුධ ඉතිහාසය- 01 කොටස 07.01.2024

අද පොඩි කතාව දෙවන ලෝක යුධයේ ප්‍රසිද්ධ දේශපාලනික චරිත, පළමු ලෝක යුද්ධයේදී කළ කී දේවල් ගැනයි...

මෙන්න ගෙනාවා උත්තර : 03 වන කොටස 02.12.2023

2023 ජූනි සිට 2023 දෙසැම්බර් වෙනකං ඔයාලා අහපු හැම ප්‍රශ්නයකටම....... උත්තර !

ශ්‍රී ලංකාවේ සෙල්ලිපි වර්ගීකරණය 02.12.2023

අද පොඩි කතාවෙන් අපි ශ්‍රී ලංකාවේ සෙල්ලිපි වර්ග ගැන ඉගෙනගමු.

දානෙ හොරා 20.11.2023

අද පොඩි කතාව, කෝට්ටේ 6 වෙනි පරාක්‍රමබාහු රජතුමාගේ ඔටුනු නොපලන් පුත් කුමාරයා සහ වීදාගම මෛත්‍රී හාමුදුරුවන් අතරේ වුණු රහස් පණිවිඩ හුවමාරුවක් ගැනයි.

මාධ්‍ය ජීවිතයේ තිරය පිටුපස - හසිනි ඒකනායක 18.11.2023

අපේ මන්ත්‍රණ වැඩසටහන් මාලාවේ, අද වැඩසටහනට අපිත් එක්ක එකතුවෙන්නෙ මාධ්‍යවේදිනී හසිනි ඒකනායක මෙනවියයි. ඇයගේ මාධ්‍ය ජීවිතයේ තිරය පිටුපස සිදුවීම් හාරා ඇවිස්සීම වගේම මාධ්‍ය වෘත්තියට සම්බන්ධ වෙන්න ඉන්න අයට සහ අලුතින්ම සම්බන්ධ වුණු අයටත් අවශ්‍ය කරන දැනුම ලබා දීමත් අද වැඩසටහනේ අරමුණක්.

කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා හින්දු සිරිත් අතෑරීම 10.11.2023

අද පොඩි කතාව, අපේ රටේ බුදු සසුන වෙනුවෙන් අමිල මෙහෙවරක් කරපු මහනුවර රාජධානියේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා, නළලේ අළු ගාන පුරුද්ද නතර කරපු හැටි ගැනයි.

බර්මියුඩා ත්‍රිකෝණයේ අතුරුදහන් වුණු තවත් ගුවන් යානයක් 24.09.2023

අද පොඩි කතාව, බලා සිටියදීම බර්මියුඩා ත්‍රිකෝණයේදී අතුරුදහන් වෙලා ගියපු ගුවන් යානයක් ගැනයි...

බෙල්ලන්විල රජමහා විහාරයේ සුවිශේෂ සිතුවම් 21.08.2023

කොළඹ යුගයේ සිත්තම් කරපු විශිෂ්ඨ විහාර බිතුසිතුවම් දකින්න ලැබෙන ස්ථාන ගැන කතා කරද්දි බෙල්ලන්විල රජමහා විහාර සිතුවම් ගැන මතක් වෙන්නෙ බොහොම අතලොස්සකට විතරයි. ඉතින් ඒ නිසා අද වැඩසටහනෙන් මම හිතුවා, බෙල්ලන්විල රජමහා විහාරස්ථ බිතු සිතුවම් ගැන විචාරයක් කරන්න!

රාජ්‍ය සේවය එදා සහ අද 04.08.2023

1947දී වැඩවර්ජකයෙක්ගේ මරණයට හේතු වුණු පොලීසියේ වෙඩිල්ල, ආචාර්ය එන්.එම්.පෙරේරාට තියපු එකක්ද? ටී.බී.ඉලංගරත්න මහතා, අගමැති බණ්ඩාරනායක එක්ක අත්වැල් බැඳගත්තෙ ඇයි? 1956 වර්ෂය රාජ්‍ය සේවයේ ස්වර්ණමය යුගයද? අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක සාර්ථක නායිකාවක්ද? ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන 1980 ජූලි වැඩවර්ජනය මර්ධනය කළේ කොහොමද? අපේ රටේ රාජ්‍ය සේවය අපිරිසිදු වුණේ කවදා සිටද? මේ සියලු ප්‍රශ්න වලට උත්තර සමගින් 1945 සිට 19...

බොරලැස්ගමුවේ ඉතිහාසය - 02 වන කොටස 01.08.2023

අද අපි අරගෙන එන්නේ අපි පසුගිය කාලයක විකාශය කරපු "ඓතිහාසික බොරලැස්ගමුව්" වැඩසටහනේ දෙවෙනි කොටසයි. ඒ ඔස්සේ අපි පැපිලියාන සුනෙත්‍රාදේවි විහාර සෙල්ලිපිය මූලාශ්‍ර කරගෙන, කෝට්ටේ 6 වෙනි පරාක්‍රමබාහු යුගයේ බොරලැස්ගමුවේ තිබ්බ ආගමික, සාමාජීය සහ ආර්ථික අංශ ගැන සවිස්තරාත්මකව කතා කරනවා.

ලංකා ඉතිහාසය ඉගෙනගන්න අමාරු ඇයි? 27.07.2023

හුග දෙනෙක් කියන කතාවක් තමයි ලංකාවේ ඉතිහාසය ඉගෙනගන්න හරිම අමාරුයි කියන එක. ඒ වගේම එකම නමින් රජවරු ඉන්න එකත් හුග දෙනෙක්ට හිසරදයක්. ඇත්තටම මේක අපේ රටට විතරක් තියෙන දෙයක්ද? ඇයි අපිට අපේ ඉතිහාසය ඉගෙනගන්න අමාරු? කොච්චර උත්සාහ කළත් ඇයි මතක හිටින්නෙම නැත්තෙ? මේ සත දෙක, අන්න ඒ ගැනයි.

අනතුරු වළක්වන රතු, කොළ, සුදු 15.07.2023

රාත්‍රී අහසේදී පියාසර කරන ගුවන් යානාවල රතු, කොළ, සුදු බල්බ් සවි කරලා තියෙනවා ඔයාලා දැකලා ඇති. දන්නවද ඒකට හේතුව මොකක්ද කියලා? අද පොඩි කතාව ඒ ගැනයි.

කොළඹ නගරයේ මර බිය පැතිරුණු විදිහ 09.07.2023

මේ උත්සාහය ඒ කටුක අතීතය යලි හාරා ඇවිස්සීමට නොව, මෙවන් කාලයක්ද තිබූ බව හය හතර නොතේරෙන වයසේ සිටි හා පසුව ඉපදුන අපේම සහෝදර සහෝදරියන්, දරු දැරියන් සහ ඉපදෙන්නට සිටින අනාගත පරපුර දැනුවත් කිරීම සඳහාම පමණි.

මෙන්න ගෙනාවා උත්තර : 02 වන කොටස 09.07.2023

2023 ජනවාරි සිට 2023 ජූනි වෙනකං ඔයාලා අහපු හැම ප්‍රශ්නයකටම....... උත්තර !

මනස Reprogram කරලා ජීවිතය පහසු කරගමු 09.07.2023

අද අපේ වැඩසටහන... අලුත් විදිහට හිතන්න කැමති, ලෝකය දිහා අමුතුම විදිහට බලන්න කැමති, ලෝකයේ සාර්ථකත්වය සොයාගෙන ගිහින් ජයගත්ත අයගෙ ලැයිස්තුවට එකතු වෙන්න උත්සාහ කරන, වයස අවුරුදු 13ත් 20ත් අතර පසුවෙන දුවලා පුතාලා වෙනුවෙනුයි.

දළදා මාළිගාවට ගිලන්පස දෙකක් ඇයි? 09.07.2023

දන්නවද? අනිත් විහාරස්ථාන වල බුදුන් වහන්සේ වෙනුවෙන් බුද්ධ පූජාව තැන්පත් කළත්, දළදා මාළිගාවේ තැන්පත් කරන්නෙ මුළුතැන් පූජාවයි. අනිත් විහාරස්ථාන වල හවසට එක ගිලන්පස පූජාවක් තැන්පත් කළත්, දළදා මාළිගාවේ ගිලන්පස පූජාවල් දෙකක් තැන්පත් කරනවා. අද වැඩසටහනෙන් අපි මේ විශේෂත්වයන් වලට හේතුව හොයමු.

Listen to the Danula Wickramaarachchi podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.