SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1869 episoder

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Husk å besøke podkastens nettsted og støtte skaperen: www.sbs.com.au

Forfatter

SBS

Kategori

News

Podkastens nettsted

www.sbs.com.au

Siste episode

22. okt 2026

Hvor kan du lytte?

Podkaster i appen Replaio Radio Kommer snart

Podkaster kommer snart til appen. Installer nå, og bli den første som ser en helt ny tilnærming til podkaster

Last ned på Google Play Installer gratis Android nesten 10 mill. nedlastinger · 4,8 i vurdering iOS snart

Episoder

1882 දී ඩෙවන්ෂයර් නැවෙන් ඔස්ට්‍රේලියාවට ආපු ලාංකික මුල් සංක්‍රමණික කලු අප්පු, බාමිස් සිංඤෝ, සාරා සොයා ගිය සිදත් චන්ද්‍රසේනගේ ගවේෂණය 16.09.2026

ඔස්ට්‍රේලියාවට මහා පරිමාණයෙන් සංක්‍රමණය වූ මුල් ම ලාංකිකයින් ගැන තොරතුරු ගවේෂණය කළ සිදත් චන්ද්‍රසේන සමග කල පිළිසඳර. මෙම වැඩසටහන SBS සිංහල සේවයේ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ වාර්තාකාරිණී කුමුදිණී සිල්වා ‘ඇසිදිසි ඇඩිලේඩ්’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්. #sbsaudiopodcast

'ඔස්ට්‍රේලියාවේ සාහිත්‍ය කේෂ්ත්‍රයට ලාංකීය සලකුණු සහිත කෘති දායාද කරන්න ලැබීම මම ලබපු ඉහළම ජයග්‍රහණයක්' - අයේෂා ඉනූන් 16.09.2026

ශ්‍රී ලාංකික පසුබිමක් සහිත හිටපු මාධ්‍යවේදිනී අයේෂා ඉනූන් ඔස්ට්‍රේලියාවේ දී නවකතා කතුවරියක් ලෙස සාහිත්‍යකරණයට පිවිසීම සහ එම ගමන්මගේ දුෂ්කරතා, අභියෝග හා ඇගේ නවකතා සම්මානයට පාත්‍ර වීම ආදී අත්දැකීම් පිළිබඳ SBS සිංහල සමඟ ඇය බෙදා ගත් අදහස් වලට සවන් දෙන්න. #sbsaudiopodcast #sbssinhala

ආර්ථික විමසුම: ඕස්ට්‍රේලියාවේ ඉඳලා ලංකාවට මුදල් යවන නිවැරදි විදිය මොකක්ද ? 16.09.2026

ඔස්ට්‍රේලියාවේ ආර්ථික සහ මූල්‍ය කේෂ්ත්‍රයේ තොරතුරු සහ යාවත්කාලීන වීම් පැහැදිලි කරන විග්‍රහාත්මක විශේෂාංගය. මෙම වැඩසටහන ඔස්ට්‍රේලියාවේ සිට මුදල් ප්‍රේෂණ සිදු කිරීමේ නිවැරදි ක්‍රමවේද පිළිබඳවයි. #sbsaudiopodcast #sbssinhala

නිවාස මිල පහළ යාම ඔස්ට්‍රේලියාව ආර්ථික අවපාතයකට ගෙන යයිද? 16.09.2026

ඔස්ට්‍රේලියාවේ නිවාස මිල දැන් පහළ යමින් තිබෙනවා. නිවසක් මිලදී ගන්න බලාගෙන ඉන්න කෙනෙකුට නම් ඒක හොඳ ආරංචියක් වගේ පෙනෙන්නට පුළුවන්. නමුත් මේ මිල පහළ යාම දීර්ඝකාලීනව සිදු උවහොත්, එය නිවාස වෙළෙඳපොළට පමණක් නොව සමස්ථ ඔස්ට්‍රේලියානු ආර්ථිකයටම බලපෑම් කල හැකි බවට පුරෝකථන ඉදිරිපත් වනවා. මේ හේතුවෙන් නිවාස මිල පහළ යාම හරහා ඔස්ට්‍රේලියාව ආර්ථික අවපාතයකට යන්න පුළුවන්ද? මේ විශේෂාංගයෙන් අපි ඒ පිළිබඳව තොරතරු විමසා...

SBS සිංහල පුවත්: මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ඉන්ධන සහ ජීවන වියදම් තවත් ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීම් 16.09.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 16වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න

කාලීන: මෙම වසන්තයේදී සෘතුමය රෝග ගැන ඔබ දැනගත යුතුම දේවල් 15.09.2026

ඕස්ට්‍රේලියාව මේ වනවිට වසන්ත සමයට අවතීර්ණ වෙමින් සිටින අතර මේ නිසා seasonal illnesses හෙවත් සෘතුමය රෝග සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් හා ආරක්ෂාකාරීව සිටින ලෙස විශේෂඥයින් ජනතාවගෙන් ඉල්ලා සිටී. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.

අවුරුදු පතා වැළඳෙන විවිධ influenza රෝග ප්‍රභේද වලින් දරුවන් සහ වැඩිහිටියන්ව ආරක්ෂා කරගන්නේ කොහොමද? 15.09.2026

පසුගිය මාස වල දී ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩිවීමක් ඔස්ට්‍රේලියාව පුරාම වාර්තා වුනා. මේ ඒ පිළිබඳ SBS සිංහල සේවයේ උතුරු භූමි ප්‍රදේශයේ වාර්තාකාරිණී විනී වීරසූරිය ‘සුන්දර ඩාවින්’ මාසික විශේෂාංගය වෙත වෛද්‍ය නිර්මලා ගොඩවිතාරණ සමඟ සිදු කල සාකච්ඡාවක් ඇසුරෙන් සම්පාදනය කල වැඩසටහනක්. #sbsaudiopodcast #sbssinhala

නීති පිළිසරණ: ලංකාවේ රියදුරු බලපත්‍රයෙන් ඔස්ට්‍රේලියාවේ කොතරම් කාලයක් රිය පදවන්න පුළුවන් ද? වාහන modify කරන්න අවසර තියෙනවා ද? මොනවා ද මේ penalty units? 15.09.2026

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ රථවාහන වැරදි පිළිබඳ බලාත්මක නීති සහ ක්‍රමවේද පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ අටවෙනි සහ අවසාන වැඩසටහන. #sbsaudiopodcast #sbssinhala

ලොව ප්‍රධාන පෙළේ තාක්ෂණික බලවතුන් අමනාප කරමින් ඕස්ට්‍රේලියාවේ ATO එකෙන් තීරණයක් 15.09.2026

ඕස්ට්‍රේලියාව ඇපල්, ගූගල්, මයික්‍රොසොෆ්ට් සහ ඇමේසන් වැනි තාක්ෂණික දැවන්තයින්ට බදු අයකිරීම සිද්ධ කරන අතර ඕස්ට්‍රේලියානු බදු දෙපාර්තමේන්තු තීරණ ගැන ප්‍රධාන පෙළේ තාක්ෂණික සමාගම් මේ වනවිට එතරම් කැමැත්තක් නොදක්වන බවට වාර්තා වේ.මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.

දෙමව්පිය සෞඛ්‍ය රක්ෂණාවරණය ආශ්‍රිතව මෙල්බර්න්වලින් ඇසෙන කතාවක්, 'ඕස්ට්‍රේලියාවට මග' සමූහයේ වරුණ සෙනවිරත්න 15.09.2026

ඕස්ට්‍රේලියාවට පැමිණෙන ඔබේ දෙමව්පියන්ගේ සෞඛ්‍ය රක්ෂණාවරණය පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුත්තේ ඇයි? 'ඕස්ට්‍රේලියාවට මග' ෆේස්බුක් සමූහයේ ඇඩ්මින් කෙනෙකු ලෙස කටයුතු කරන වරුණ සෙනවිරත්න ඔහුගේ දෙමව්පියන් මුහුණ දුන් පෞද්ගලික අත්දැකීමක් SBS සිංහල සේවය සමඟ බෙදා ගත්තේ මේ ලෙසින්. #sbsaudiopodcast

SBS සිංහල පුවත්: යෝජිත 'One Nation' පක්ෂ ශිෂ්‍ය වීසා කප්පාදුවෙන් ඔස්ට්‍රේලියාවට ඩොලර් බිලියන 53ක ආර්ථික පාඩුවක් සිදුවිය හැකි බවට අනතුරු ඇඟවීමක් 15.09.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 15වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

ඔස්ට්‍රේලියාවේ 'Social Media' නීති තද වෙයිද? ඒවා ජනතා නිදහස සීමා කරයිද? 14.09.2026

ඔබ 'Facebook', 'Instagram' හෝ 'TikTok' හරහා වැඩසටහන් නැරඹීමේදී ඒ සමාජ මාධ්‍ය ජාලා ඔබට පෙන්වන්නේ මොනවාද කියලා තීරණය කරන්නේ ඇත්තටම ඔබද? නැත්නම් ඒ අදාළ සමාජමාධ්‍ය ජාලයේ ඇති 'algorithm' එකද? දැන් ඔස්ට්‍රේලියානු රජය ගෙන එන්න සූදානම් වන 'Digital Duty of Care' නව නීති යෝජනාවෙන්, social media සමාගම් අපට පෙන්වන වැඩසටහන් 'content' සම්බන්ධයෙන් විශාල වෙනසක් කරන්න යෝජනා කර තිබෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් විපක්ෂය...

අපේ ඇස් ගැන මේ දේවල් නොසලකා හැරියොත්, පැය කීපයකින් පවා අපේ පෙනීම අහිමි වෙන්න පුළුවන්, හරිම විස්තරේ මෙන්න 14.09.2026

අපගේ ඇස් සම්බන්ධයෙන් කිසිවිටෙකත් නොසලකා නොහැරිය යුතු අනතුරු ඇඟවීම් සංඥා පිළිබඳව වන සාකච්ඡාවට සවන් දෙන්න

SBS සිංහල WorldWatch: ලෝක දේශපාලනයේ මීළඟ දිශානතිය තීරණය කරන්නේ BRICS ද? 14.09.2026

සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch. #sbsaudiopodcast #sbssinhala

‘Superannuation’ මුදල් කලින් ලබාගැනීමට ඉඩ සැලසීමට One Nation පක්ෂය ගෙනා යෝජනාව ගැන ඔබ දැනුවත්ද? 14.09.2026

ඔබේ නිවාස කුලිය හෝ නිවාස ණය ගෙවාගන්න අමාරු නම්, ඔබේ විශ්‍රාම කාලය වෙනුවෙන් එකතු වන ඔබේ Superannuation මුදල්වලින් කොටසක් දැන්ම ලබාගන්න කැමතිද? One Nation පක්ෂයෙන් ඉදිරිපත් කර ඇති අලුත් යෝජනාවකින් කියන්නේ, වසර තුනක් දක්වා ඔබේ අනාගත Superannuation මුදල් වලින් කොටසක් කෙළින්ම ඔබේ අතට ලබාදිය යුතු බවයි. මේ යෝජනාව ගැන තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

SBS සිංහල පුවත්: 750,000කට වැඩියෙන් සංක්‍රමණය අඩු කරන වන් නේෂන් සැලැස්ම එළිදකියි 14.09.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 14වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast

කාලීන විග්‍රහය: විශ්වයේ රහස් සොයමින් නැන්සි ග්‍රේස් රෝමන් දුරේක්ෂය අභ්‍යවකාශයට 13.09.2026

අපි මේ විශ්වයේ තනි වෙලා ද? ඒ පැනයට පිළිතුරු සෙවීමේ තවත් පියවරක් නාසා ආයතනය ඉදිරියට තබා අවසන්. ඒ නව අභ්‍යවකාශ දුරේක්ෂයක් දියත් කිරීමත් සමඟින්. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි. #sbsaudiopodcast

ක්වීන්ස්ලන්ත සැරිසර: පළමු වැනි QCE සිංහල විභාගයට සූදානම් වන සිසුන්, Gladstone හි ඔනෙලි, නිකිණි හා නිතිකගේ අත්දැකීම් සහ 'සරලාංග 2026' ගැන මෙවර විශේෂාංගයෙන් 12.09.2026

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් බුද්ධික ගමගේ ගෙන එන ‘ක්වීන්ස්ලන්ත සැරිසර’ මාසික වාර්තාමය විශේෂාංගය. #sbsaudiopodcast

කැන්බරා අඬහැරේ: The Canberra Times හොඳම ණය තැරැව්කරුවන් අතරට තේරුණු දේවා, ස්වතන්ත්‍ර ගීයක මිහිර ගෙනෙන රිතිනි සහ අගනුවර ඉතිහාසය මෙවර විශේෂාංගයෙන් 12.09.2026

ඕස්ට්‍රේලියානු අගනුවර භූමියේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් තිළිණ බණ්ඩාර ගෙන එන ‘කැන්බරා අඬහැරේ’ මාසික වාර්තාමය විශේෂාංගය. #sbsaudiopodcast

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය සැප් 07 - සැප් 11 11.09.2026

සැප්තැම්බර් 07වන දා සිට සැප්තැම්බර් 11වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න. #sbsaudiopodcast

තරුෂි එක්ක තරු කතා: මම විශේෂ විදිහට ජීවත්වෙන කෙනෙක් නෙවෙයි සාමාන්‍ය විදිහට කාලා බීලා හිනාවෙලා ඉන්න කැමති කෙනෙක් - පබෝදා සන්දීපනී 11.09.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. #sbsaudiopodcast

ක්‍රීඩා විග්‍රහය: 'උප නායකත්වය ඉවත් කිරීම ගැන තේරීම් කමිටුවෙන් අහන්න' - කමිදු / තේරීම් ගැන ඇමතිගේ නොසතුට / රුමේෂ් තරංග යුරෝපා කිරුළට අතේ දුරින් 11.09.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. #sbsaudiopodcast

ඕස්ට්‍රේලියාවේ දී ජීවිතය කවිකම් කළ යසසි මල්මීවල, 'Coming of Age' එළිදැක්වීම මේ සතිඅන්තයේ 11.09.2026

ලේඛිකා යසසි මල්මීවලගේ කුළුඳුල් කෘතිය 'Coming of Age', ඕස්ට්‍රේලියාවේ දී එළිදැක්වීම සැප්තැම්බර් 13වන ඉරිදා සිඩ්නි සිංහල සංස්කෘතික කේන්ද්‍ර පරිශ්‍රයේ දී පැවැත්වෙනවා. ඒ පිළිබඳ යසසි දැක් වූ අදහස්වලට ඔබත් සවන් දෙන්න. #sbsaudiopodcast

SBS සිංහල පුවත්: සමාජ මාධ්‍ය ඇල්ගොරිදම් අක්‍රිය කිරීමට පරිශීලකයින්ට ඉඩ සලසන නීති කෙටුම්පත එළිදක්වයි - විපක්ෂයේත් එක්සත් ජනපදයේත් විරෝධය 11.09.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 11 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. #sbsaudiopodcast

ඔස්ට්‍රේලියාවත් යුද්ධයකට ඇද දැමූ ‘9/11’ ප්‍රහාරයට වසර 25යි 10.09.2026

අමෙරිකාවේ සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 3,000කට ආසන්න පිරිසක් මියගොස් මේ වසරට වසර 25ක් සපිරෙනවා. ඇෆ්ගනිස්ථානයේ සහ ඉරාකයේ යුද්ධවලට ඔස්ට්‍රේලියාවත් ඇද දැමූ එම ප්‍රහාරයෙන් පසු ලෝකය ත්‍රස්තවාදයට මුහුණ දුන් ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. නමුත් හිටපු අගමැති ජෝන් හොවාඩ් සහ ආරක්ෂක විශේෂඥයන් පවසන්නේ, අද පවතින තර්ජන එදාටත් වඩා සංකීර්ණ බවයි. මේ පිළිබඳව SBS සිංහල සේවය ගෙන එන විශේෂාංගයට සවන් දෙ...

Hør på podkasten SBS Sinhala - SBS සිංහල වැඩසටහන i Replaio

Radio og podkaster i én app - gratis og uten registrering. Installer i dag, og ikke gå glipp av lanseringen

Last ned på Google Play

Replaio er ikke podkastutgiver; programnavn, omslag og lyd tilhører opphavspersonene og distribueres via offentlige RSS-feeder.