Danula Wickramaarachchi
Danula Wickramaarachchi
Interviews, Discussions & Documentaries
Dove ascoltare?
I podcast nell'app Replaio Radio In arrivoI podcast stanno per arrivare nell'app. Installala ora e scopri per primo un modo tutto nuovo di vivere i podcast
Episodi
දළදා මාළිගාවේ නාගසිංහම් 18.06.2021 28:38
අද වැඩසටහන මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ නාගසිංහම් වාද්‍ය වෘන්දය ගැනයි.
Responsive Web Developing : Introduction (Sinhala) 18.06.2021 30:20
මෙය, eLearning.lk වෙත Responsive Web Developing විෂය සම්බන්ධව මා විසින් නිර්මාණය කළ පාඩම් මාලාවක හැඳින්වීමකි. මෙහිදී ඕනෑම විෂයක් මුල සිට අගට ඉගෙන ගැනීමේ වැදගත්කම, UI Designersලා සහ UI Developersලා අතර වෙනස, වෙබ් අඩවිවල විකාශය සහ Mobile Websites වල ඉතිහාසය පිළිබඳව සාකච්ඡා කෙරේ.
බෙල්ලන්විල රජමහා විහාරය 17.06.2021 35:15
අද වැඩසටහනෙන් අපි මාතෘකාව විදිහට ගෙන එන්නෙ බස්නාහිර පළාතේ, කොළඹ දිස්ත්‍රික්කයේ, බොරලැස්ගමුව නගරයේ, බෙල්ලන්විල ප්‍රදේශයේ පිහිටලා තිබෙන, අපේ රටේ ගොඩක් බෞද්ධ සැදැහැවතුන්ගේ ගෞරවාදරයට සහ වන්දනාමානයට (වන්දනමානන) පාත්‍ර වුණු පූජනීය ස්ථානයක් වගේම, කාලෙන් කාලෙට විවිධ විදිහෙ ප්‍රවෘත්ති මවපු විහාරස්ථානයක් වන බෙල්ලන්විල රජමහා විහාරය ගැනයි.
සාවින්දි අබේසිංහ (නිවේදිකා) - පූර්ව ප්‍රචාරක පටය 02.05.2021 1:55
රැදී සිටින්න !
සංජය ඇල්විටිගල (මාර්ගගත සහ දුරස්ථ අධ්‍යාපනයේ නව ප්‍රවණතා) - සම්පූර්ණ වැඩසටහන 02.05.2021 51:01
අද අපේ වැඩසටහනට එකතු වෙන්නෙ සංජය ඇල්විටිගල (Sanjaya Elvitigala) මහත්මයා. ඔහු Maya Creations ආයතනයේ නිර්මාතෘ සහ විධායක නිළධාරීවරයා විදිහට කටයුතු කරන අතරෙම, රාජ්‍ය විශ්වවිද්‍යාල කිහිපයකම භාහිර කථිකාචාර්යවරයෙක් විදිහටත්, ඊට අමතරව දේශකයෙක් විදිහටත් කටයුතු කරන කෙනෙක්. සමාජයේ බොහෝ පිරිසක් එකවරම සංජය මහත්මාව අදුරගත්තෙ, සිරස රූපවාහිනී නාලිකාවේ විකාශය වුණු "කෝටියක් වටින අදහසක්" කියන වැඩසටහනෙන්....
සංජය ඇල්විටිගල (මාර්ගගත සහ දුරස්ථ අධ්‍යාපනයේ නව ප්‍රවණතා) - පූර්ව ප්‍රචාරක පටය 02.05.2021 2:23
රැදී සිටින්න !
ප්‍රවීන් හෙට්ටිගේ (බොරලැස්ගමුවේ ඉතිහාසය ) 02.05.2021 37:56
බොරලැස්ගමුව හන්දියද, නාගස් හන්දියද? 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා යුද්ධය දින්නෙ බොරලැස්ගමුව නිසාද? ඇත්තටම පෘතුගීසී ආක්‍රමණය සිද්ධ වුණේ මොන අවුරුද්දෙද? අනුරාධපුර පොළොන්නරුව වගේ කෝට්ටේ පුරවරයේ නටබුන් නැත්තෙ ඇයි? බෙල්ලන්විල නම හැදුනෙ කොහොමද? බෙල්ලන්විල පෙරහැර පටන් ගත්තෙ ගවයෙක් නිසා? පැපිලියාන සුනෙත්‍රාදේවි රජමහා විහාරය දෙකට බෙදුනෙ ඇයි? මහ නුවර චිත්‍ර තියෙන කෝට්ටේ පන්සල්? මොකක්ද මේ පිල්ලෑවෙ පන්සල? බොරලැස...
ටයිටැනික් සහ ඩන්කර්ක් 02.05.2021 9:23
Titanic සහ Dunkirk කියන්නේ ලෝකයේ ගොඩාක් චිත්‍රපට රසිකයන්ගේ ආදරය දිනා ගත්ත චිත්‍රපට දෙකක්. අද වීඩියෝවෙන් අපි හෙළිකරන්න බලාපොරොත්තු වෙන්නේ මේ චිත්‍රපට දෙක අතරේ ඉලක්ක වෙන සිදුවීම් දෙකේ එක්තරා සම්බන්ධයක් ගැනයි.
නත්තලේ විරාමය 02.05.2021 12:25
අද අපි කියන්න යන්නෙ 1914 අවුරුද්දෙ දෙසැම්බර් මාසයේ 25 වෙනිදා, ඒ කියන්නෙ නත්තල් දවසේ වුණු ඓතිහාසික සිදුවීමක් ගැනයි.
පළමු ලෝක යුද්ධය චාටර්ද? 02.05.2021 12:42
“ පළමු ලෝක යුද්ධය ” කියන මාතෘකාව ගත්තොත්, ඒ ගැන හොයලා බලන්නෙ සහ කතා කරන්නෙ කීයෙන් කී දෙනාද…???? අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ “ඇයි දෙවන ලෝක යුද්ධය තරම්, පළමු ලෝක යුද්ධය වර්තමානයේ ප්‍රසිද්ධ නොවෙන්නේ සහ කතා බහට ලක් නොවෙන්නෙ කියලයි.
සුපුන් හේවාගම (ආත්මාරක්ෂක සටන් ශිල්පී) 02.05.2021 28:04
සුපුන් හේවාගම කියන්නේ කුඩා කාලයේ ඉදලම සටන් ශිල්පය ඉගෙන ගන්න බොහොම ආසාවෙන් හිටපු කෙනෙක්. ඒ තිබ්බ ආසාව, උත්සහය, උනන්දුව සහ කැපවීම නිසාම අද එයා හොද තැනකට ඇවිත් තියෙනවා. ඒත් ඉතින් ඒ ආපු ගමන් මග, හරිම දුෂ්කර සහ කටුක ගමන් මගක්. තමන්ට හම්බවෙන සියලුම බාධක, අභියෝගයක් විදිහට භාර අරගෙන තමයි මේ සාර්ථක ගමන ඇවිත් තියෙන්නේ. ඉතින් සුපුන්ගේ ජීවිත කතාවෙන් ගොඩක් අයට ගන්න පුලුවන් ආදර්ශ ගොඩක් අන්තර්ගතයි. අපි දැන් බලමු...
අෂාන් ද කොස්තා (ගායන ශිල්පී) 02.05.2021 51:39
අද අපි හදුන්වා දෙන්න යන්නෙ සංගීත කණ්ඩායමක්. මේ තමයි "චක්‍රායුධ" සංගීත කණ්ඩායම. මේ කණ්ඩායම නියෝජනය කරමින් අපේ කතාබහට අපි එක්කෙනෙක්ව තෝරගත්තා. ඒ තමයි අශාන් රවිදු යුගන්ත .
ෂෙහාන් කොඩිකාර (රංගන ශිල්පී) 01.05.2021 29:35
අද අපේ කතා බහට එක් වෙන්නේ අපේ රටේ වේදිකා සහ ටෙලි නාට්‍ය කලාව වෙනුවෙන් නිහඩ මෙහෙවරක යෙදෙන නවක රංගන ශිල්පියෙක්. ඒ තමයි ෂෙහාන් කොඩිකාර .
Podcast simili
Replaio non è un editore di podcast; i nomi dei programmi, le copertine e l'audio appartengono ai rispettivi autori e vengono distribuiti tramite feed RSS pubblici