SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Mindenképp látogasd meg a podcast oldalát, és támogasd a készítőjét: www.sbs.com.au
Hol hallgathatod?
Podcastok az alkalmazásban Replaio Radio HamarosanA podcastok hamarosan megérkeznek az alkalmazásba. Telepítsd most, és láss elsőként egy teljesen új megközelítést a podcastokhoz
Epizódok
කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියානුවන් මිලියන 3.7ක් දුප්පත්, රටේ ආර්ථික දුෂ්කරතාත් ඉහලම මට්ටමක 03.11.2026 10:33
ඕස්ට්‍රේලියාව තුළ ආර්ථික දුෂ්කරතා තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී. ඕස්ට්‍රේලියාවේ ආර්ථික සංවර්ධන කමිටුව (CEDA) විසින් සිදු කරන ලද නව විශ්ලේෂණයකට අනුව, මෙම තත්ත්වය නැවතත් කොවිඩ් වසංගතයෙන් පසු පැවති ඉහළම මට්ටම් ආසන්නයටම පැමිණ ඇති බව වාර්තා වේ. මෙවර කාලීන විග්‍රහය මේ පිළිබඳවයි.
සිරිපා යන සමනළ රෑන් සිහිගන්වන සිඩ්නි නුවරුන් දුටු Bogong සළඹ ගමන 03.11.2026 11:58
ඔබ සිඩ්නි නුවර ජීවත් වෙන්නෙකු නම් ඔස්ට්‍රේලියාවට අවේණික Bogong සළඹයන් ඔබේ නිවසෙත් ලැගුම් ගන්නට ඇති. නොසිතූ මොහොතක වූ මේ පැමිණීම පසුපස කතාව, ශ්‍රී ලංකාවේ සමනළ සංක්‍රමණය සමඟ ඇති සමානකම සහ ඕස්ට්‍රේලියාවේ සළඹ විශේෂයක් පිළිබඳ නව මානයක අධ්‍යනයක් ගැනයි මේ විශේෂාංගය.
නීති පිළිසරණ: ඔස්ට්‍රේලියාවේ දී අන්තිම කැමති පත්‍රයක් සකස් කරන්නේ කොහොම ද? 03.11.2026 8:30
ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ වැඩසටහන ඔස්ට්‍රේලියාව තුල අවසන් කැමති පත්‍රය (Last Will and Testament) සකස් කිරීමේ දී බලපැවැත්වෙන නීති සහ ක්‍රමවේද පිළිබඳවයි. #sbsaudiopodcast
ළඟදීම ඕස්ට්‍රේලියානුවන් ලක්ෂ ගණනක් බඩගින්නේ, අලුත් වාර්තාවක් හෙළිකරයි 03.11.2026 3:55
Foodbank ආයතනයේ 2026 වාර්තාවකින් හෙළි වී ඇත්තේ, ආහාර සුරක්ෂිතතාව නොමැති පවුල් දහයෙන් හතකට ආසන්න සංඛ්‍යාවක් පසුගිය වසර තුළ පළමු වරට එම තත්ත්වයට මුහුණ දී ඇති බවයි. එමෙන්ම, පසුගිය මාස 12 තුළ තවත් ඕස්ට්‍රේලියානු පවුල් 100,000ක් ආහාර අනාරක්ෂිත තත්ත්වයට මුහුණ දී ඇති බව ද එම වාර්තාවෙන් අනාවරණය වේ. මේ කෙටි විශේෂාංගය ඒ පිළබඳව
SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියානු මහ බැංකුව අද යළිත් පොලී අනුපාතය ඉහළ නංවනු ඇතැයි පුරෝකථන පළ වේ 02.11.2026 5:00
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, නොවැම්බර් මස 03 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. #sbsaudiopodcast
ඕස්ට්‍රේලියානු මහ බැංකුව තව වතාවක් මුදල් අනුපාත ඉහළ දැම්මොත් වඩාත් පීඩාවට පත් වෙන්නේ කවුද? 02.11.2026 3:56
පවතින ඉහළ උද්ධමන අගය හේතුවෙන් ඔස්ට්‍රේලියානු මහ බැංකුව යළිත් වරක් මුදල් අනුපාත ඉහළ නංවනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පුරෝකථනය කරනවා. #sbsaudiopodcast
මගේ ජීවිතයේ පළවෙනිම පුහුණුකරුවා මගේ තාත්තා, ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික පිහිනුම් ශුරයා අකලංක එක්ක කතා බහක් 02.11.2026 20:36
ලොව සුපිරිම පිහිනුම් ශුරයින් 25 දෙනා අතර සිටින ශ්‍රී ලාංකික පිහිනුම් ශුර අකලංක පීරිස් සමග SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාව.
‘කැන්බරා අගනුවර දී පැවැත්වෙන Sri Lanka Festival ශ්‍රී ලංකා උළෙල සඳහා සියල්ල සූදානම්’ - කොමදෝරු සාගර උදයංග 02.11.2026 3:05
ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන Sri Lanka Festival 2026 එළඹෙන නොවැම්බර් 07 වෙනි සෙනසුරාදා මහ කොමසාරිස් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි. #sbsaudiopodcast
SBS සිංහල WorldWatch: මාවෝට නිග්‍රහ කලැයි චීනෙන් චෝදනා ලැබූ ම්බාප්පේ සහ පාස්පෝට් එක නිසා නිග්‍රහ සැලකුම් ලැබුණැයි Ryanair වෙත චෝදනා කල සංගා 02.11.2026 18:08
සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch. #sbsaudiopodcast
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වලින් දැන් ගෙයක් ගන්න පුලුවන්ද, හරිම තොරතුරු මෙන්න 01.11.2026 3:39
ඕස්ට්‍රේලියාවේ නිවාස වෙළෙඳපොළේ මිල ගණන් අඛණ්ඩව පහළ යමින් තිබේ. මේ අතර සිඩ්නි නගරයේ නිවාස මිල ගණන් වසර පහකට පෙර පැවති මට්ටමටත් වඩා පහළ ගොස් තිබෙන බව නවතම දත්ත පෙන්වා දෙයි. මේ කෙටි විශේෂාංගය ඒ පිළබඳව
SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ ජීවන වියදම් මැද අගමැති ඇල්බනීසි විදෙස් සංචාරයේ, විපක්ෂයෙන් විවේචන 01.11.2026 5:42
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, නොවැම්බර් මස 02 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
ලේබර් පක්ෂයේ වසර 12ක පාලනයෙන් පසු වික්ටෝරියා ප්‍රාන්තය දේශපාලනිකව දක්ෂිණාංශය දෙසට නැඹුරු විය හැකිද? 01.11.2026 9:35
වික්ටෝරියා ප්‍රාන්තය සාම්ප්‍රදායිකව ප්‍රගතිශීලී දේශපාලන නැඹුරුවක් ඇති ප්‍රාන්තයක් ලෙසයි සැලකෙන්නේ.නමුත් මේ නොවැම්බරයේ පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයත් සමඟ එම තත්ත්වයේ වෙනසක් ඇතිවිය හැකි බවට දැන් ඉඟි පළවෙමින් තිබෙනවා. මත විමසුම්වලින් පෙනී යන්නේ One Nation පක්ෂයට ලැබෙන ජනප්‍රියත්වය සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බවයි. ඒ සමඟ වික්ටෝරියා ප්‍රාන්තයේ දේශපාලනය ජනතාවාදී දක්ෂිණාංශය දෙසට නැඹුරු වීමේ හැකියාවක්...
මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය ඔක් 26 - ඔක් 30 30.10.2026 9:15
ඔක්තෝබර් 26 වන දා සිට ඔක්තෝබර් 30වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.
තරුෂි එක්ක තරු කතා: මගේ හැකියාවන් පුංචි තිරයටම දිය කරලා හරින්න වෙන එක අපරාධයක් - හිමාලි සයුරංගි 30.10.2026 9:14
ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. #sbsaudiopodcast
ක්‍රීඩා විග්‍රහය: මේ ලැබුණු අවස්ථාව මට සුවිශේෂීයි - ශෂිකලා / මීළඟ ඉලක්කය ලෝක ශූරතා පැරා පදක්කම් - ජනනි සහ ප්‍රදීප් / ලීග් සීමාව ක්‍රීඩකයන්ගේ හොඳටයි කරන්නේ - මහානාම 30.10.2026 8:48
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. #sbsaudiopodcast
ඔස්ට්‍රේලියාවේ ඉන්න ලංකාවේ අපිත් Halloween සමරන්න ඕනෑද? 30.10.2026 6:08
ඔක්තෝබර් 31 වැනිදා කියන්නේ ලොව පුරා බොහෝ රටවල පුංචි දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා කාගේත් අවධානය දිනාගන්නා විශේෂ දිනයක්. ඒ තමයි Halloween! අපි ශ්‍රී ලංකාවේ හැදී වැඩුණු කාලයේ Halloween කියන්නේ බොහෝ දෙනෙකුට චිත්‍රපටවලින් හෝ විදේශීය රූපවාහිනී වැඩසටහන්වලින් දැකපු දෙයක් වෙන්න ඇති. නමුත් අද ඕස්ට්‍රේලියාවේ ජීවත් වන අපේ දරුවන්ට නම් Halloween අලුත් අත්දැකීම් ලබන විශේෂ අවස්ථාවක්. ඉතින්, Halloween කියන්නේ ඇත...
SBS සිංහල පුවත්: ව්‍යාපාර සඳහා ඔස්ට්‍රේලියාව තුල ඉතාමත් අහිතකර ප්‍රාන්තය වික්ටෝරියා 29.10.2026 4:27
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 30 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. #sbsaudiopodcast
ඕස්ට්‍රේලියාවේ ගෙවල් කුලී ඉහළ දැමීමට සීමාවක් පැනවිය යුතුද? නව සමීක්ෂණයකින් හෙළි වූ තොරතුරු මෙන්න 29.10.2026 7:42
ඕස්ට්‍රේලියාවේ ඉහළ යන නිවාස කුලිය හේතුවෙන් බොහෝ පවුල් දැඩි ආර්ථික පීඩනයකට මුහුණ දෙනවා. මේ අතර, ගෙවල් කුලී වැඩි කිරීමට සීමා පැනවිය යුතු බවට නව සමීක්ෂණයකින් ජනතා සහාය පළ වී තිබෙනවා. නමුත් එවැනි සීමා පැනවීමෙන් කුලී නිවැසියන්ට සහනයක් ලැබෙයිද? නැත්නම් නිවාස වෙළෙඳපොළට තවත් ගැටලු ඇති වෙයිද? Australia Institute ආයතනයේ නව සමීක්ෂණය සහ මේ සම්බන්ධයෙන් පළවන විවිධ අදහස් ඇසුරින් සකස් කළ SBS සිංහල කාලීන විග්‍රහයට...
'එක් සමාගමකට ඩොලර් මිලියන 2කට වැඩි බදු මුදලක් ඉතිරි කර දෙන්න අපට හැකි වුණා' – චාගා රත්නවීර 29.10.2026 14:44
ඕස්ට්‍රේලියාවේ ව්‍යාපාර පවත්වාගෙන යන බොහෝ දෙනෙකු බදු සම්බන්ධයෙන් සිදුකරන වැරදි හේතුවෙන් අනවශ්‍ය ලෙස වැඩිපුර බදු ගෙවීමටත්, ඕස්ට්‍රේලියානු බදු කාර්යාලයට (ATO) දඩ මුදල් ගෙවීමටත් සිදුවනවා. ව්‍යාපාරිකයන් බහුලව සිදුකරන බදු සම්බන්ධ වැරදි මොනවාද? ඒවා වළක්වාගෙන නිසි බදු සැලසුම්කරණයක් සිදුකරන්නේ කොහොමද? මේ පිළිබඳව බදු උපදේශිකා චාගා රත්නවීර සමඟ SBS සිංහල සේවය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න. #sbsaudiopodcast
අපේ වහරේ කතා අහුරක්: යන යකා ඇයි කොරහාත් බිඳ ගෙන යන්නෙ කියලා දන්නවා ද? 29.10.2026 4:33
අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ වලව්වක වංශක්කාර පුතෙකුට වැහුණු යකෙක් නිසා වුනු අලකලංචියක් ගැන රස කතාවක්. #sbsaudiopodcast
ක්‍රිකට් පුහුණුකාරිනියක ලෙස නව ඉනිමක් අරඹන ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායිකා ශෂිකලා සිරිවර්ධන 29.10.2026 3:58
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන, දැන් මෙල්බර්න් නුවර ක්‍රිකට් පුහුණුකාරිනියක ලෙස නව ගමනක් ආරම්භ කර තිබෙනවා. ක්‍රීඩිකාවක ලෙස ලැබූ අත්දැකීම් නව පරපුරට ලබාදෙමින් ඇය මෙල්බර්න් නුවර 'Plenty Valley' ක්‍රිකට් සමාජයේ කාන්තා කණ්ඩායම් පුහුණු කිරීමේ කටයුතුවල නිරත වෙනවා.මේ කෙටි විශේෂාංගය ඇය පිළිබඳවයි. #sbsaudiopodcast
SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ උද්ධමනය තවත් දිගු කලක් ඉහල මට්ටමක, මහා බැංකු අධිපතිනිය ස්ථිර කරයි 28.10.2026 5:06
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 29 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
Toowoomba මල් සැණකෙළියේ අසිරිය 28.10.2026 6:33
ක්වීන්ස්ලන්තයේ Toowoomba නගරය කේන්ද්‍ර කර ගෙන පැවැත් වුන මල් සැණකෙළිය ගැන ආචාර්ය සන්ධ්‍යා ගුණසේකර මහත්මිය ගෙන එන සටහන. මෙම වැඩසටහන ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ SBS සිංහල වාර්තාකරු බුද්ධික ගමගේ ‘ක්වීන්ස්ලන්ත සැරිසර’ මාසික විශේෂාංගයට සම්පාදනය කරන ලද්දක්. #sbsaudiopodcast
2026 Royal Adelaide Show රාජකීය දැක්මේ කේක් නිර්මාණයෙන් දස්කම් පෑ මලීෂා ඔකඳපොළ 28.10.2026 7:23
2026 රාජකීය ඇඩිලේඩ් දැක්මේ කේක් නිර්මාණ ශිල්පිනියක ලෙස පළමු ස්ථාන දෙකකුත් එක් අංශයක සාර්ථකම කේක් සැරසිලිවලට හිමි ජයග්‍රහණයත් ලැබූ මලීෂා ඔකඳපොළගේ අදහස් රැගත් මේ විශේෂාංගයට ඔබත් සවන් දෙන්න. #sbsaudiopodcast
සුව දිවිය: මේ ලිංගික සෞඛ්‍ය ගැටළු ඔබටත් තියෙනවා ද? ඒවා වෙනත් සැඟවුණු ආබාධයක පෙර ලකුණු වෙන්න පුළුවන් 28.10.2026 9:39
යහපත් නිරෝගී දිවිපෙවෙතකට වැදගත් වන සෞඛ්‍ය උපදෙස් හා තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන ලිංගික සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ දෙවැනි කොටස. #sbsaudiopodcast
Hasonló podcastok
A Replaio nem podcastkiadó; a műsorok nevei, borítóképei és hanganyagai a szerzőiket illetik, és nyilvános RSS-csatornákon keresztül terjednek.