fr

SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

N'hésitez pas à visiter le site du podcast et à soutenir son créateur : www.sbs.com.au

Auteur

SBS

Catégorie

News

Site du podcast

www.sbs.com.au

Dernier épisode

30 oct. 2026

Où écouter ?

Les podcasts dans l'appli Replaio Radio Bientôt disponible

Les podcasts arrivent très bientôt dans l'appli. Installe-la dès maintenant et découvre en avant-première une toute nouvelle façon de vivre les podcasts

Télécharger sur Google Play Installe-la gratuitement Android près de 10 M de téléchargements · note de 4,8 iOS bientôt

Épisodes

තරුෂි එක්ක තරු කතා: සමාජයේ අපිට වඩා වැරදි කරන කට්ටිය සද්ද නැතිව ඉද්දි අපේ පොඩි වැරැද්දත් ලොකු කරලා පෙන්නනවා -‌ දිල්හානි ඒකනායක 08.05.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.

ක්‍රීඩා විග්‍රහය: අපි ජාතිය, ආගම, පක්ෂය සලකන්නෙ නෑ - ක්‍රීඩා ඇමති / හෙල්ල විසි කර රිදියෙන් දිනූ සුමේධ සහ නදීෂා / ඔස්ට්‍රේලියාවේ දී ස්කොෂ් පිටිය ජයගත් සිතුම්ලි 08.05.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

මව්බිමෙන් පුවත්: වියට්නාම ජනපති ලංකා පාර්ලිමේන්තුවට / මුදල් ලේකම් ලංකාවේ පුරවැසියෙක් නොවන කල්ලතෝනියෙක් ද? - දයාසිරි 08.05.2026

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: සිරියාවේ සිට ඔස්ට්‍රේලියාවට ළඟා වූ පිරිසෙන් කාන්තාවන් තිදෙනෙක් ෆෙඩරල් පොලිස් අත්අඩංගුවට 08.05.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 08 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: මෙවර ඉදිරිපත් කරන්නට සැරසෙන ඔස්ට්‍රේලියානු අය වැය පිලිබඳව භාණ්ඩාගාරිකවරයාගෙන් ප්‍රකාශයක් 07.05.2026

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජයේ මෙවර අය වැය පිළිබඳව විශේෂ අවධානයක් වී තිබෙනවා. වඩා වගකීම් සහගත අයවැයක් මෙවර තමන් ඉදිරිපත් කරන බවට භාණ්ඩාගාරික ජිම් චාමර්ස් පවසනවා. රාජ්‍ය වියදම් කපාහරිමින් අස්ථාවර ගෝලීය ආර්ථිකයට මුහුණදීම සඳහා වගකීම් සහගතව පිළියෙළ කරන ලද අයවැයක් මෙවර ඉදිරිපත් කරන බව භාණ්ඩාගාරික ජිම් චාමර්ස් පවසනවා. මේ පිලිබඳව ඔහු සහ විපක්ෂ මන්ත්‍රී වරුන් දැක්වූ අදහස් අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එ...

Negative gearing වෙනස්කම් ඕස්ට්‍රේලියාවේ කුලී නිවාස හිඟය තවත් වැඩි කරයිද, විස්තරේ මෙන්න 07.05.2026

Negative gearing යනු කුමක්ද සහ මේ සඳහා වන වෙනස්කම් ඕස්ට්‍රේලියාවේ දේපල වෙළඳපොළට බලපාන්නේ කෙසේද යන්න ගැන SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවට සවන්දෙන්න.

මව්බිමේ ගැමි සුවඳ යළිත් සිඩ්නි හදවත් වල අවදි කරන ඕස්ට්‍රේලියාවේ තිළිණි, ‘අපේ ගම් ගොඩේ’ ගැන අපට කියූ දේ 07.05.2026

සාම්ප්‍රදායික ගැමි ජීවිතයේ චමත්කාරය, ගැමි ජීවිතයේ අභාෂය ලබමින් මවුබිමෙන් බොහෝ දුරින් ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ව යළිත් සංස්කෘතිය, උරුමය සහ ප්‍රජාව සමඟ එක් කරන Sri Lanka Dance Academy Sydney සංවිධානය කරන "අපේ ගම් ගොඩේ 2026" උත්සවය පිලිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවට සවන්දෙන්න.

ලොව වටා: බොරු ප්‍රචාර කල ඇපල් සමාගම නඩුව ගොඩින් බේරා ගනී, කොවිඩ් වැනි වෛරසයක් පැතිර යාමක් ගැන බියක් 07.05.2026

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

අපේ වහරේ කතා අහුරක්: උපාසකයා සහ ගැරඬියා 07.05.2026

අපේ වහරේ එන රස කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ උපාසක ඇත්තෙක් බණකට ගිහින් හිටිය වෙලාවෙ ගැරඬියෙක් දැකලා වුණු අපූරු කතාවක්.

SBS සිංහල පුවත්: ජාතික සංක්‍රමණික ස්මාරකයට අලුත් නම් එකතුවක්, මීළඟ වසර සඳහා නම් කැඳවීම දැන් විවෘතයි 07.05.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 07වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

The overlooked story: Aboriginal and Torres Strait Islander service on Anzac Day - ඔස්ට්‍රේලියාව වෙනුවෙන් සටන්බිමට ගිය ඔස්ට්‍රේලියානු ස්වදේශික හමුදා සෙබළුන්ගේ අමිහිරි අත්දැකීම් ගැන තොරතුරැ මෙන්න 06.05.2026

Each year Australians gather on Anzac Day to remember those who served in wars, conflicts and peacekeeping missions. But whose stories are we remembering? Are there stories we don’t always hear? In this episode we explore an important part of Australia’s history that has often been overlooked—the service of Aboriginal and Torres Strait Islander peoples. - ඔස්ට්‍රේලියානු ආදිවාසි ජනතාව ඔස්ට්‍රේලියාන...

'අපි ලෝකේ කොහේ හිටියත් හදවතින්ම ලාංකිකයි' - කැන්බරා අගනුවර සිංහල දෙමළ අලුත් අවුරුදු සැමරුමට එක්වූවන් දැක්වූ අදහස් 06.05.2026

ඔස්ට්‍රේලියා අගනුවර භූමි ප්‍රදේශයේ (Australian Capital Territory ACT) කැන්බරා අගනුවර ශ්‍රී ලංකා සංවිධානය ප්‍රමුඛව තවත් ප්‍රජා සහ ක්‍රීඩා සංගම් රැසකගේ දායකත්වයෙන් අප්‍රේල් 18 වෙනි දා පැවැත්වුණු සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවයට SBS සිංහල සේවයත් එක් වුණා. මේ එහිදී අප සමග අදහස් බෙදා ගත් කැන්බරා නුවර ශ්‍රී ලාංකිකයින්.

ඔස්ට්‍රේලියාවේ ඉහළ යන බැංකුව පොලී අනුපාතය ඔබේ නිවාස ණය වාරිකයට බලපාන්නෙ කොහොම ද? 06.05.2026

ඔස්ට්‍රේලියානු මහ බැංකුව පොලී අනුපාත යළිත් වරක් ඉහළ දැමුවා. ඒ අනුව සියයට 4.1 ලෙස පැවති අනුපාතය දැන් සියයට 4.35 ක් ලෙස ඉහළ යනවා. මේ වැඩි වීම ඔබේ නිවාස ණය වාරික සඳහා බලපාන ආකාරය පිළිබඳ මූල්‍ය විශ්ලේෂණ ආයතන පල කරන පුරෝකථන පිළිබඳ දැනුවත් වන්න.

SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ ළමුන් සඳහා ප්‍රථම වරට නාසය හරහා ලබා දිය හැකි ඉන්ෆ්ලුවෙන්සා එන්නතක් 06.05.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 06වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: වික්ටෝරියා ප්‍රාන්තයේ Bushmaster හදන්න, ඕස්ට්‍රේලියානු රජය ඩොලර් මිලියන ගණනක් වෙන් කරයි 05.05.2026

ඕස්ට්‍රේලියානු රජය ආරක්ෂක වියදම් සඳහා ඩොලර් බිලියන 1.2 ක් ලබාදෙන බව පවසයි. මේ ඔස්සේ වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හි නව Bushmaster ආරක්ෂිත වාහන 268 ක් නිෂ්පාදනය කිරීම සඳහා ඩොලර් මිලියන 750 ක් යොදවා තිබේ. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

'BTS නව ගීත ඇල්බමය සංස්කෘතික මූලයන් සොයා යනවා', ඕස්ට්‍රේලියාවේ සිට දකුණු කොරියාව බලා ගිය රසික ගමනක් 05.05.2026

කොරියානු පොප් සංගීතය (K-Pop) ලොව පුරා රසික උන්මාදයක් ඇති කළ ගීත කලාවක්. මේ කොරියානු ගායක ගායිකාවන් අතරේ මේ වන විට ජනප්‍රියත්වයේ ඉහළින් ම වැජඹෙන්නේ BTS සංගීත කණ්ඩායමයි. ඔවුන්ගේ නව ගීත ඇල්බමය Arirang. දකුණු කොරියාවේ සිය හමුදා සේවය නිම කිරීමෙන් අනතුරුව මේ කණ්ඩායම් සාමාජිකයන් සත් දෙනා පළමු වරට නිකුත් කළ ගීත එකතුවයි මේ. ඒත් සමඟ ම ඔවුන් ලොව වටා සිදු කරන සංගීත ප්‍රසංග මාලාව දැන් අරඹා තිබෙනවා. මේ ගීතමය සං...

තමිල්නාඩු මහ ඇමති පුටුවට එන ‘තලපති විජේ’ කච්චතිව් ආපහු ඉන්දියාවට පවරා ගනීවි ද? 05.05.2026

ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් දෙමළ සිනමාවේ ජනකාන්ත නළු සී. ජෝසප් විජේ නැතහොත් තලපති විජේ විශිෂ්ට ජයක් ලබා ගෙන තිබෙනවා. විජේගේ මැතිවරණ පොරොන්දුවල ඉහළින්ම තිබූ කරුණක් වූයේ කච්චතිව් දූපත යළි ඉන්දියාවට පවරා ගැනිමයි. මේ මැතිවරණ ප්‍රතිඵල පිළිබඳ SBS සිංහල ගෙන එන කෙටි විශේෂාංගයක්.

SBS සිංහල පුවත්: පොලී අනුපාත ඉහල දැමීම පිළිබඳව සාකච්ඡා කිරීමට ඔස්ට්‍රේලියානු මහබැංකුව අද රැස්වේ 05.05.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 05වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ඔස්ට්‍රේලියාවේ සමාජ සහජීවනත්වයේ ගැටළු සොයාබැලීමට පත්කළ කමිටුවෙන් නිර්දේශ 14ක් යෝජනා කරයි 04.05.2026

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිදුවූ බෝන්ඩායි වෙඩිතැබීමේ සිදුවීමෙන් යුදෙව් ජනතාව පමණක් නොව සමස්ත ඔස්ට්‍රේලියාවම දැඩි කම්පනයකට පත් වුනා. මේ සිදුවීමෙන් අනතුරුව සමාජ සහජීවනය සහ යුදෙව් විරෝධය පිළිබඳව සොයා බැලීමට පත්කළ 'Royal Commission' කමිටුවේ ප්‍රථම වාර්තාව ඉදිරිපත් වී තිබෙනවා. සමාජ සහජීවනයට විශාල තර්ජනයක් හෝ හදිසි ක්‍රියාමාර්ග ගැනීමට තරම් අවශ්‍යතාවයක් ඇතිබවට තමන්ට පෙනෙන්නට නොමැති බව මෙම කමිටුවේ ප්‍රධ...

ඉන්ධන අර්බුදයෙන් පස්සෙ ඔස්ට්‍රේලියාවට ආහාර අර්බුදයකුත් ඒවිද? - ආචාර්ය තිලක් මල්ලවාරච්චි සිදු කරන පැහැදිලි කිරීම 04.05.2026

පවතින ගෝලීය ප්‍රවණතා හමුවේ ඔස්ට්‍රේලියාව තුල ආහාර සුරක්ෂිතතාව කොතරම් දුරට සහතික ද? SBS සිංහල සේවය මේ පිළිබඳ කෘෂි ආර්ථිකය හා ප්‍රතිපත්ති සැකසුම් පිළිබඳ විශේෂඥ, ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්ය තිලක් මල්ලවාරච්චි මහතාගෙන් විමසා සිටියා.

ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වීමේ ලැයිස්තුවේ හතර වෙනි තැන ශ්‍රී ලංකාවට 04.05.2026

ඕස්ට්‍රේලියාවට අයැදුම් කරන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වීම වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ අතර වීසා අයැදුම් පත් ප්‍රතික්ෂේප වීමේ ලැයිස්තුවේ හතර වෙනි තැනට ශ්‍රී ලාංකීය අයැදුම්කරුවන් පත්ව සිටිනවා. මේ SBS සිංහල ඒ පිළිබඳ ගෙන එන කෙටි විශේෂාංගයක්.

මව්බිමෙන් පුවත්: මහින්ද රාජපක්ෂගෙන් කටඋත්තර ගන්න කෙනෙක්ව බය කරලා ප්‍රකාශ ලියවා ගන්න තැනට වැටිලා - නාමල් / අපිට ඕන මෙවැනි හැකර් සිදුවීම් යළි ඇති නොවන තැනට වැඩ කරන්න - ඇමති නලින්ද 04.05.2026

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: ඉන්ධන සැපයුම් අතින් ඕස්ට්‍රේලියාව ශක්තිමත් ස්ථාවරයක පසු වන බව බලශක්ති ඇමති කියයි 04.05.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 04වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

ඕස්ට්‍රේලියාවේ News Bargaining Code අලුත්ම වෙනස, 'ජනමාධ්‍ය යනු ඕස්ට්‍රේලියානු සමාජය නිර්වචනය කරන්නක්' -අගමැති 03.05.2026

ඔබ අද දවසේ ප්‍රවෘත්ති ගැන දැනුවත් වෙන්නේ කොහොමද? රූපවාහිනී, ගුවන්විදුලි, සහ පුවත්පත් වැනි සාම්ප්‍රදායික මාධ්‍යයන් ඔස්සේ ද? නැත්නම් ඇඟිලි තුඩක දුරින් තිබෙන සමාජ මාධ්‍ය ඔස්සේ ද? ඕස්ට්‍රේලියාවේ අගමැතිවරයා මේ සම්බන්ධයෙන් නව නීති කෙටුම්පතක් පිළිබඳව නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ඕස්ට්‍රේලියානු පුවත් සමාජ මාධ්‍යයන්ගේ පළ වනවා නම් ඒ වෙනුවෙන් වැඩි මුදලක් ගෙවන්න සමාජ මාධ්‍ය ආයතනවලට සිදු වේවි. නමුත් ජනමාධ්‍ය ආයත...

ඕස්ට්‍රේලියාවේ අනිත් Rental application වලට වඩා හොඳ අයදුම්පතක් හදල, ගේ ඉක්මනට ගන්න මේ දේවල් දැනගන්න 03.05.2026

ඕස්ට්‍රේලියාවේ කුලී නිවැසියන් තමාට කුලී නිවසක් සෙවීමේදී සලකා බැලිය යුතු දෑ සහ ඔවුන් කුලී නිවසකට අයදුම් කිරීමේදී තරඟකාරීව කටයුතු කලයුතු අයුරු පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවට සවන්දෙන්න.

Écoute le podcast SBS Sinhala - SBS සිංහල වැඩසටහන sur Replaio

La radio et les podcasts dans une seule appli - gratuite, sans inscription. Installe-la dès aujourd'hui et ne rate pas le lancement

Télécharger sur Google Play

Replaio n'est pas éditeur de podcasts ; les noms des émissions, les visuels et l'audio appartiennent à leurs auteurs et sont diffusés via des flux RSS publics