fr

SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

N'hésitez pas à visiter le site du podcast et à soutenir son créateur : www.sbs.com.au

Auteur

SBS

Catégorie

News

Site du podcast

www.sbs.com.au

Dernier épisode

20 oct. 2026

Où écouter ?

Les podcasts dans l'appli Replaio Radio Bientôt disponible

Les podcasts arrivent très bientôt dans l'appli. Installe-la dès maintenant et découvre en avant-première une toute nouvelle façon de vivre les podcasts

Télécharger sur Google Play Installe-la gratuitement Android près de 10 M de téléchargements · note de 4,8 iOS bientôt

Épisodes

සමාජ සඹඳතා තිබෙන්නේ ඕස්ට්‍රේලියානුවන්ගෙන් 21% කට පමණයි, අලුත්ම සමීක්ෂණයක් හෙළිකරයි 20.10.2026

මානසික සෞඛ්‍යය පිළිබඳව වන ඔක්තෝබර් මාසය තුල, මානසික යහපැවැත්ම සඳහා සමාජ සබඳතාවල ඇති වැදගත්කම කෙරෙහි අවධානය යොමු කෙරෙමින් පවතී. නමුත් ඕස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 21 ක් පමණක් අන් අය සමඟ සම්බන්ධ වී ඇති බව නව සමීක්‍ෂණයකින් හෙළිව තිබේ. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.

‘ලංකාවේ තරුණ අරගලය එක්ක බලද්දී ප්‍රංශ තරුණ විරෝධතා වල කැපී පෙනෙන වෙනසක් තියෙනවා’ - ප්‍රවීණ මාධ්‍යවේදී දිල්ශාන් කීර්තිසර 20.10.2026

ප්‍රංශයේ තරුණ පාසල් දරුවන් ඔවුන් මුහුණ දෙන විවිධ දුෂ්කරතා ගැන සඳහන් කරමින් ආරම්භ කල විරෝධතාවට පසුගිය සතිය වන විට තවත් ප්‍රජා කණ්ඩායම් වල එකතු වීමත් සමඟ දැඩි ප්‍රචණ්ඩකාරී විරෝධතාවක ස්වභාවයකට පත් වුනා. මේ ඒ පිළිබඳ ප්‍රංශයේ පැරිස් නුවර සිට SBS සිංහල සේවය හා අදහස් දැක්වූ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී දිල්ශාන් කීර්තිසර මහතා. #sbsaudiopodcast

ඕස්ට්‍රේලියානුවන්ට ඩොලර් මිලියන 716ක් අමතක වෙලා, ඔබේ සල්ලිත් තියෙනවද කියල දැන්මම හොයල බලන්න 20.10.2026

ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 716ක මුදලක් සඳහා හිමිකරුවන් නොමැති බවත් ඒවා බෙදා දීම සඳහා නිසි හිමිකරුවන් සෙවීමත් මේ වනවිට සිදු වෙමින් පවතී. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ විශාල පිරිසක් මේ සඳහා හිමිකම් කීම සිදු වන අතර ඇතැම් පිරිසක් වෙනත් ප්‍රාන්ත සහ ටෙරිටරි වල මේ වනවිට ජිවත් වන බවත් බලධාරීන් පවසයි. කෙසේ නමුත් මේ මුදල් අතර තමාගේ මුදල් තිබේද යන්න පිළිබඳව සොයා බලන ලෙසත් ඔවුන් සඳහන් කරයි. මේ කෙටි විශේෂාංගය...

SBS සිංහල පුවත්: මන්ත්‍රී හෙලන් හේන්ස් අනතුරකට ලක්වීම හිතාමතා සිදු කළ ක්‍රියාවක්දැයි සොයා පුළුල් විමර්ශන 19.10.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 20වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast

ඔස්ට්‍රේලියාවේ වැඩිහිටියන් 78,000කට පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණය අත්හැරීමට සිදුවෙයිද? රජයේ අලුත් යෝජනාව ගැන විවාදය 19.10.2026

වයස අවුරුදු 65ට වැඩි ඕස්ට්‍රේලියානුවන්ට පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණය සඳහා ලබාදෙන අමතර රජයේ සහනය ඉවත් කිරීමට යෝජනා වී තිබෙනවා. එමගින් ඉතිරි වන මුදල්, වැඩිහිටි සත්කාර සේවා තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා යොදාගැනීමට රජය අපේක්ෂා කරනවා. කෙසේවෙතත්, මෙම වෙනස හේතුවෙන් රක්ෂණ වියදම් දරාගැනීමට අපහසු වී, 2030 වසර වනවිට වැඩිහිටියන් 78,000කට ආසන්න පිරිසක් තම පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණය අත්හැරිය හැකි බව සෞඛ්‍ය දෙපාර්තමේන්තු...

How laws change, and why it takes time | How Australia Works - පවතින නීතියක් වෙනස් වන අයුරු | How Australia Works 19.10.2026

How do laws change in Australia? Through Rodney Croome’s campaigns for human rights and marriage equality, learn how personal stories, community action, courts and parliament can help change the law, and why the process can take time. - ඕස්ට්‍රේලියාවේ නීති වෙනස් වීමේ ක්‍රියාවලිය සිදු වන්නේ කෙසේ ද? මානව අයිතීන් සහ විවාහ සමානාත්මතාව වෙනුවෙන් රොඩ්නි කෲම් ආ ගමන් මග ඒ පැනයට පිළිතුරක්. නීතියක් වෙනස් කිර...

ඕස්ට්‍රේලියාවට Student visa එකෙන් එද්දී ඇත්තටම dependant කෙනෙක් එක්ක එන්නම බැරිද - ඕස්ට්‍රේලියාවේ වීසා 19.10.2026

2026 ඔක්තෝබර් සිට ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා වල සිද්ධ වූ වෙනස්කම්, ඒවා ක්‍රියාත්මක වන අකාරය සහ අදාළ පිර්සට ඒවා බලපාන්න ආකාරය පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න

පර්ත් නුවරුන් මුසපත් කරන්නට සැරසෙන ‘ආලකමන්දාවේ ආදර උයන’ සිංහල ඔපෙරාව 19.10.2026

පර්ත් නුවර දී එළැඹෙන ඔක්තෝබර් 25 වෙනිදා ප්‍රදර්ශන කිරීමට සූදානම් වන පළමු ජාත්‍යන්තර සිංහල ඔපෙරාව “ආලකමන්දාවේ ආදර උයන” පිළිබඳ එහි රචක සහ පර්ත් සිංහල පාසලේ ගුරුදෙගුරු කමිටු සභාපති සේනක ද සිල්වා මහතා සමඟ කළ කතාබහ. මෙම වැඩසටහන SBS සිංහල සේවයේ බටහිර ඔස්ට්‍රේලියා වාර්තාකාරිණී දුලාංජලී විජේතිලක ‘පර්ත් තතු මංජරී’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්. #sbsaudiopodcast

SBS සිංහල WorldWatch: ප්‍රංශය දවාලන ජන විරෝධයේ ලැව්ගිනි 19.10.2026

සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch. #sbsaudiopodcast

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය 5%කට ආසන්න මට්ටමකට ඉහළ යයි 19.10.2026

හොඳ රැකියාවක් සොයාගෙන, ජීවිතය ගොඩනගාගන්න පුළුවන් රටක් විදියට තමයි බොහෝ දෙනා ඕස්ට්‍රේලියාව දකින්නේ. නමුත් රැකියාවක් හොයාගන්න එක අමාරු වෙනවා නම්, ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයින්ගේ පැමිණීම අඩුවෙයිද? ඔස්ට්‍රේලියාවට ඉදිරියේදී පැමිණෙන නිපුනතා සහිත සංක්‍රමණිකයින්ගේ ප්‍රමාණය අඩු වෙයිද? මේ පිළිබඳව අප ගෙන එන කෙටි විශේෂාංගයට සවන් දෙන්න #sbsaudiopodcast

SBS සිංහල පුවත්: කොවිඩ්-19 එන්නතට ඩොලර් 180 දක්වා ගාස්තුවක් 19.10.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 19වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast

කාලීන විග්‍රහය: කාන්තා සෞඛ්‍යය පිළිබඳ ලොව ප්‍රමුඛතම අධ්‍යයනයක් වන Australian Longitudinal Study on Women's Health වසර 30ක මෙහෙවර සමරයි 18.10.2026

කාන්තාවන්ගේ සෞඛ්‍යය, මානසික තත්ත්වය සහ ජීවන අත්දැකීම් පිළිබඳ වසර 30ක් මුළුල්ලේ සිදු වෙමින් පවතින ඕස්ට්‍රේලියානු අධ්‍යයනක් පසුගිය දා සිය සංවත්සරය සැමරුවා. ගෘහස්ත ප්‍රචණ්ඩත්වය කාන්තාවන්ගේ ජීවිතවලට දිගුකාලීනව ඇති කරන බලපෑම පිළිබඳ වඩාත් ගැඹුරු අවබෝධයක් සහ පෙර හඳුනාගෙන තිබූ ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වයෙන් පෙළෙන බව අනාවරණය වීමත් එහි නවතම සොයාගැනීම් අතරේ. මෙවර කාලීන විග්‍රහය ඒ පි...

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය ඔක් 12 - ඔක් 16 16.10.2026

ඔක්තෝබර් 12වන දා සිට ඔක්තෝබර් 16වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න. #sbsaudiopodcast

පර්ත් තතු මංජරී: පළමු ජාත්‍යන්තර සිංහල ඔපෙරාවේ සූදානම, සාර්ථක ව්‍යවසායකත්වයේ Colombo Express සලකුණ, ගැයුමට ඉගැනුමට හපන් සෙසඳි මෙවර විශේෂාංගයෙන් 16.10.2026

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් දුලාංජලී වි‌ජේතිලක ගෙන එන ‘පර්ත් තතු මංජරී’ මාසික වාර්තාමය විශේෂාංගය. #sbsaudiopodcast

තරුෂි එක්ක තරු කතා: මගේ හිතට බයක් දුකක් හරි කරදරයක් දැනුනාම මං කරන්නේ ඔරසන් කියන එක - ශේෂාද්‍රි ප්‍රියසාද් 16.10.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. #sbsaudiopodcast

ක්‍රීඩා විග්‍රහය: ‘ශ්‍රී ලංකා ක්‍රිකට් ආගමික බලවේගයකට නතු වෙලා’ - හිටපු ඇමති දයාසිරි / ‘දේශපාලනයෙන් ක්‍රිකට් බේරගන්න තමයි අලුත් පනත ගෙනාවේ’ - ක්‍රීඩා ඇමති සුනිල් / ශ්‍රී ලංකා යෞවනියෝ අද අවසන් මහා තරගයට 16.10.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. #sbsaudiopodcast

'Hack' කරන්න අමාරු ශක්තිමත් Password එකක් හදාගන්නේ කොහොමද? 16.10.2026

අලුත් පාස්වර්ඩ් එකක් හදන්න ගියාම, කැපිටල් අකුරක් යොදන්න, අංකයක් යොදන්න, විශේෂ සංකේතයක් භාවිතාකරන්න, කියලා ඔබටත් කියනවා නේද? නමුත් මේ නීති ප්‍රකාශකළ ආයතනයම දැන් කියන්නේ, සංකීර්ණකමට වඩා පාස්වර්ඩ් එකේ දිග වැදගත් කියලයි. එහෙනම් වර්තමානයේ ඔබේ ගිණුම් ආරක්ෂා කරගන්න හොඳ පාස්වර්ඩ් එකකට ඇත්තටම වැදගත් දේවල් මොනවාද? ඒ පිලිබඳ තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

SBS සිංහල පුවත්: සංක්‍රමණික කාන්තාවන් තුන්ලක්ෂ පනස් දහසකට ආසන්න සංඛ්‍යාවක් සිය කුසලතා මට්ටමට වඩා පහළ රැකියා වල නිරත වන බවට අගමැතිගෙන් හෙළිදරව්වක් 15.10.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 16 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. #sbsaudiopodcast

එගොඩ මෙගොඩ නෑකම් අලුත් කරන්න සැරසෙන Spirit of Tasmania 15.10.2026

ටස්මේනියා දූපතත් වික්ටෝරියා ප්‍රන්තයත් බාස් සමුද්‍ර සන්දිය හරහා සම්බන්ධ කරන මගී ප්‍රවාහන විශාල නෞකා සේවයක් වන Spirit of Tasmania හි නවතම සේවා යාවත්කාලීන කිරීමක් පිළිබඳ මේ කෙටි වැඩසටහන SBS සිංහල සේවයේ ටස්මේනියා ප්‍රාන්තයේ වාර්තාකාරිණී නුමායා බුලත්සිංහල ‘Tassie මංසල’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්. #sbsaudiopodcast

ලංකාවෙන් එන දක්ෂ සංක්‍රමණිකයින්ට කෙටි කාලයකින් ‘Company Sponsorship’ ලැබුණත්, මේ වගේ වැරදි නිසා 'PR' ගමන අසීරු වෙන්න පුළුවන් 15.10.2026

‘The Road to Australia – ඔස්ට්‍රේලියාවට මග’ Facebook ප්‍රජාවේ නිර්මාතෘ සහ වර්තමානයේ ඇඩ්මින්වරුන් ලෙස කටයුතු කරන වන වරුණ සෙනෙවිරත්න සහ සුරංග ප්‍රසාද් සමඟ SBS සිංහල සේවය ඉදිරිපත් කරන 'ඔස්ට්‍රේලියාවට හරි පාරෙන්' මේ විශේෂ සාකච්ඡා මාලාවේ දෙවන කොටසයි මේ. ලංකාවෙන් එන දක්ෂ නිපුනතා සංක්‍රමණිකයින් අතින් සිදුවන ඇතැම් අතපසුවීම් හේතුවෙන් ඔවුනට පහසුවෙන් ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට ඇති අවස්තාව අහිමි...

පළමු නිවස මිල දී ගන්න ඉන්න අයට ඔස්ට්‍රේලියාවේ කැන්බරා අගනුවරින් ලැබෙන මේ වාසි ගැන දන්නවා ද? 15.10.2026

නිවාස සිහිනය සැබෑ කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට කැන්බරා අගනුවරින් ලැබෙන මේ වාසි ගැන පැහැදිලි කරන්නේ ලියාපදිංචි ණය තැරැව්කරු ෆයිසාල් දේවා මහතා. මේ වැඩසටහන ඕස්ට්‍රේලියානු අගනුවර භූමියේ SBS සිංහල වාර්තාකරු තිළිණ බණ්ඩාර ‘කැන්බරා අඬහැරේ’ මාසික විශේෂාංගය වෙනුවෙන් සම්පාදනය කරන ලද්දක්. #sbsaudiopodcast #sbssinhala

අපේ වහරේ කතා අහුරක්: ලොකු හාමුගේ කෝප්පෙ 15.10.2026

අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ වලව්වකට ගොඩවැදුනු හිඟන මනුස්සයෙක් ගැන රස කතාවක්. #sbsaudiopodcast

ඥානසාර හිමිගේ සිවුර ගැන ඇතිවූ කතාබහෙන් පසු ශ්‍රී ලංකාවේ බන්ධනාගාර නීතිවල වෙනසක් 15.10.2026

සිරදඬුවමක් විඳින ස්වාමින් වහන්සේ නමක් උසාවියට රැගෙන යද්දී, සිවුරෙන්ද රැගෙන යන්න ඕනෑ? නැත්නම් බන්ධනාගාර ඇඳුමෙන්ද? පහුගිය දවස්වල ශ්‍රී ලංකාවේ මේ ගැන ලොකු කතාබහක් ඇතිවුණා. දැන් ඒ සම්බන්ධ බන්ධනාගාර නියෝග වෙනස් කරන්න පියවර ගෙන තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන්

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවට ස්මාර්ට් කන්නාඩි ආනයනය වසරකට තහනම් කරන්න, Greens පක්ෂය කියයි 14.10.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 15 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

ඉහළ ම ඉතුරුම් පොලී අනුපාතය සියයට 6ක් දක්වා, නිවාස මිල පහළ යාම නුදුරේ දී නතර විය හැකි බවට අනාවැකි 14.10.2026

ඕස්ට්‍රේලියාවේ සමහර බැංකු ගිණුම්වල සාමන්‍ය ඉතුරුම් පොලී අනුපාතය සියයට හයක මට්ටමට ළඟා වී තිබේ. එම මට්ටමේ පොලී අනුපාතයක් දක්නට ලැබී ඇත්තේ දශකයකටත් වැඩි කාලයකට පසුව බව Canstar ආයතනයේ පර්යේෂණයක් හෙළි කරයි. realestate.com.au වෙබ් අඩවියේ නව නිවාස දැන්වීම්වල ප්‍රමුඛස්ථානය සිඩ්නි මෙල්බර්න් වෙත. වැඩිදුර විස්තර සඳහා සවන් දෙන්න. #sbsaudiopodcast

Écoute le podcast SBS Sinhala - SBS සිංහල වැඩසටහන sur Replaio

La radio et les podcasts dans une seule appli - gratuite, sans inscription. Installe-la dès aujourd'hui et ne rate pas le lancement

Télécharger sur Google Play

Replaio n'est pas éditeur de podcasts ; les noms des émissions, les visuels et l'audio appartiennent à leurs auteurs et sont diffusés via des flux RSS publics