SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Besuch unbedingt die Website des Podcasts und unterstütze die Macher: www.sbs.com.au
Wo hören?
Podcasts in der App Replaio Radio Bald verfügbarPodcasts kommen bald in die App. Installiere sie jetzt und erlebe als Erster einen ganz neuen Blick auf Podcasts
Folgen
ලොව වටා: ඇමරිකා සහ චීන බලවතුන් අතර හමුවක් , ඉන්ධන භාවිතය අඩු කරන ලෙස ඉන්දීය අගමැති ඉල්ලයි 14.05.2026 10:00
මාධ්යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්රහය ‘ලොව වටා’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: 'වෙනස්කම් යටතේ සංක්රමණික ප්රජාවට ව්යාපාර ඇරඹීම පහසු වනවා' - කුඩා ව්යාපාර කටයුතු ඇමතිනි 14.05.2026 5:17
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 14වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
අපේ වහරේ කතා අහුරක්: ඈ මුදලාලි! එතකොට මං සියඹලා ගෙනල්ලාම නැද්ද? 13.05.2026 3:46
අපේ වහරේ එන රස කතා අහුරෙන් සාහිත්යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ සියඹලා විකුණා ගන්න ගිහිං අමාරුවෙ වැටුණ ගැමියාගේ කතාව.
● ස්ථිර පදිංචි ලකුණු ක්රමයට වෙනස්කම් ● මෙඩිකෙයාර් සීමා ඉහළට ● නිවාස දේපළ බදු සංශෝධනයට - මෙන්න අයවැයෙන් සහන ලබන හා පාඩු ලබන අය 13.05.2026 11:10
ඔස්ට්රේලියාවේ පාලක කම්කරු පක්ෂයේ පස්වන අයවැයෙන් යෝජනා කර ඇති බදු සහ ප්රතිපත්ති වෙනස්කම් මොනවා ද? SBS සිංහල සේවය ඔස්ට්රේලියාවේ ඉදිරි මූල්ය වර්ෂය සඳහා ගෙන ආ අයවැය යෝජනා පිළිබඳ ගෙන එන මේ විග්රහයට සවන් දෙන්න.
SBS සිංහල පුවත්: නිපුණතා සහිත කාර්මික අංශයේ සංක්රමණික සේවකයින්ට මෙවර අයවැයෙන් වැඩි අවස්ථාවක් 13.05.2026 5:28
ඔස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 13වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
කාලීන විග්රහය: ඕස්ට්රේලියාවේ 400,000ක් පමණ සීලියැක් රෝගයෙන් පෙළුනත් රෝග විනිශ්චයක් ලබන්නේ සියයට 20යි 12.05.2026 6:53
සියයට 70ක් පමණ ඕස්ට්රේලියානුවන් සීලියැක් රෝගී තත්ත්වයෙන් පෙළෙන බව වෙස්ලි රිසර්ච් ආයතනය හෙළි කරනවා. ලෙබනන් සම්භවයක් ඇති තරුණ ඔස්ට්රේලියානු කාන්තාවක් අමුතු වැඩක් අරඹා තිබෙනවා. සීලියැක් රෝගයේ ඇගේ අත්දැකීමත් සමඟ අනෙක් අයව දැනුවත් කරන්න ඇය පෙළඹිලා. ඒ නිර්මාණශීලී අයුරින්. සීලියැක් රෝගය පිළිබඳව වැඩි අවබෝධයකින් යුත් ප්රජාවක් දැකීමයි ඇගේ බලාපොරොත්තුව. අද කාලීන විග්රහය ඒ පිළිබඳවයි.
ඔස්ට්රේලියානු ආර්ථිකය නැවත ගොඩනැගීමේ දුෂ්කර මාර්ගය තෝරාගත් අයවැයක් ලෙස හඳුන්වාදෙමින් භාණ්ඩාගාරික ජිම් චාමර්ස් අයවැය යෝජනා ඉදිරිපත් කරයි 12.05.2026 9:05
ඔස්ට්රේලියානු ෆෙඩරල් රජයේ භාණ්ඩාගාරික ජිම් චාමර්ස් අය වැය ඉදිරිපත් කිරීම අද සිදුකලා. දුෂ්කරවූ ආර්ථික ප්රතිසංස්කරණ වලට වැඩි අවධානයක් යොමුකරන අයවැයක් ලෙස මේ අයවැය ඔහු හඳුන්වා දුන්නා. රාජ්ය විදම් අවම කිරීමට මේ අයවැයේදී කටයුතු කර ඇති බව ලේබර් රජය පවසනවා. විශේෂයෙන්ම ඔස්ට්රේලියානු මහබැංකු ප්රධානි මිෂෙල් බුලොක් සහ ආර්ථික විශේෂඥයින් රාජ්ය වියදම් අවම කිරීම ඉතා වැදගත් බවත් එසේ නොවුනහොත් උද්ධමනය තවදුරට...
අද ඉදිරිපත් කරන ඔස්ට්රේලියාවේ අයවැයෙන් සහන ලැබෙයි ද නැත්නම් බදු වැඩි වෙයි ද? - ආචාර්ය බුද්ධික ගමගේ ගෙනෙන විග්රහයක් 12.05.2026 8:38
ඔස්ට්රේලියාවේ ෆෙඩරල් රජය අද සිය ඉදිරි මූල්ය වර්ෂයට අදාළ වන අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ පිළිබඳ SBS සිංහල සේවය සමග ඔස්ට්රේලියාවේ ආර්ථික උපායමාර්ග සහ සේවා පිළිබඳ සහතික ලත් සංවර්ධක ක්වීන්ස්ලන්ත ප්රාන්තයේ ආචාර්ය බුද්ධික ගමගේ මහතා සිදු කල පූර්ව විශ්ලේශණයට සවන් දෙන්න.
SBS සිංහල පුවත්: මගී නෞකාවකදී හන්ටා වයිරස පැතිරීමේ තත්වයකට මුහුණ දුන් ඔස්ට්රේලියානුවන් පිරිස පර්ත් නුවරට ගෙන්වා ගනී 12.05.2026 5:21
ඔස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 12වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
කාලීන විග්රහය: ලිබරල් පක්ෂය අභිබවමින් පෝලින් හැන්සන්ගේ 'One Nation' පක්ෂය ලබන ජයග්රහණ වලට හේතුව කුමක් ද? 11.05.2026 5:35
පෝලින් හැන්සන් මන්ත්රීවරිය නායකත්වය දරන 'One Nation' පක්ෂය වර්තමානය වන විට ඔස්ට්රේලියාවේ ප්රධාන පක්ෂවලට විශාල අභියෝගයක් බවට පත්වෙමින් ඉන්නවා. පසුගියදා පවතී මැතිවරණයකදී ඔවුන් ලිබරල් පක්ෂයේ ප්රබල ආසනයක් වන Farrer ආසනය ජයග්රහණය කරන්නට සමත් වනවා. මේ ලබපු සුවිශේෂී ජයග්රහණය ගැන තොරතුරු අද කාලීන විග්රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
පිරිමින්ට සියදිවි නසා ගැනීමට හිතෙනවා වැඩි ද? 11.05.2026 9:13
පුරුෂ මානසික සෞඛ්යය සහ සියදිවි නසා ගැනීමේ අවදානම් පිළිබඳව මනෝ වෛද්ය රෙජිස්ට්රා චමීර වීරසේකර SBS සිංහල සේවය වෙත දැක්වූ අදහස්.
මව්බිමෙන් පුවත්: මහඇමති විජේට ජනපති අනුරගෙන් සුබ පැතුම් / මහින්ද රාජපක්ෂ හෙට අල්ලස් කොමිසමට 11.05.2026 8:39
ගෙවුණු සතිඅන්තයේ ශ්රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: ෆාරර් බලය වන් නේෂන් පක්ෂයට, වෙස්ටර්න් සිඩ්නි වෙත මීළඟ අවධානය යොමු කරන බවට ප්රකාශයක් 11.05.2026 5:03
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 11වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
කාලීන විග්රහය: ඩිජිටල් සිට ඇනලොග් වෙත යන Gen Z පරපුර ස්මාර්ට් ලෝකය එපා කියමින් පැරණි උපාංග වැළඳ ගන්නා ලකුණු 10.05.2026 7:23
Gen Z, තාක්ෂණික යුගයේ හැදී වැඩෙන පරම්පරාවයි. මේ ඩිජිටල් යුගයේ ඔවුන් ඇනලොග් උපාංග කරා ආපසු ගමන් කරන බවක් ඔබ සිහිනෙකින්වත් සිතුවද? කැසට්පට, VHS පට, පැරණි පොකැට් රේඩියෝ යන්ත්ර සහ බොත්තම් ඇති දුරකතන වැනි දේ ගැන ප්රියතාවක් දක්වන තරුණ පරම්පරාවක් සමහර විට ඔබේ ඇස ගැසී ඇති. ගීතවලට සවන් දෙන්න ස්මාර්ට් දුරකතනයේ යෙදවුමක් වෙනුවට ඔවුන් සොයන්නේ වෙනම උපාංගයක්. මේ නිසාම යුගයකට අයත්ව අමතක කළ උපාංගවලට නව වටිනාකමක්...
මේ සතියේ ඕස්ට්රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්රේලියානු පුවත් සම්පිණ්ඩනය, මැයි 04 - මැයි 08 08.05.2026 6:24
මැයි 04වන දා සිට මැයි 08වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්රේලියාවෙන් වාර්තා වූ ප්රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.
මව්වරුන්ගේ දින විශේෂාංගය: ඔබේ දරුවාගේ සමීපතම විශ්වාසදායක මිතුරා ඔබ ද නැතිනම් ස්මාට් ෆෝන් එක ද? 08.05.2026 9:49
සෑම වසරකම මැයි මස දෙවන ඉරු දිනය මව්වරුන්ගේ දිනය ලෙස ඔස්ට්රේලියාවේ දීත් ශ්රී ලංකාවේ දීත් සැමරෙනවා. දිනෙන් දින දියුණු වෙන තාක්ෂණය සමග හැදී වැඩෙන දරුවන් සහිත මව්වරුන් මේ අභියෝගයට මුහුණ දෙන්නේ කෙසේ ද? මෙල්බර්න්හි ගුරුවරියක් ලෙස සේවය කරන ස්වේතකී මුණසිංහ මේ සම්බන්ධයෙන් SBS සිංහල සමග කළ කතා බහට සවන් දෙන්න.
වෙසක් සැමරුම් අසිරියෙන් ඇඩිලේඩ් නුවර ඒකාලෝක වෙන්නේ මෙන්න මෙහෙමයි 08.05.2026 3:32
දකුණු ඔස්ට්රේලියා ප්රාන්තයේ ඇඩිලේඩ් නුවර පැවැත්වෙන වෙසක් සැමරුම් පිළිබඳ SBS සිංහල සේවයේ දකුණු ඔස්ට්රේලියා වාර්තාකාරිය කුමුදිණි සිල්වා ගෙනෙන මේ විශේෂාංගයට සවන් දෙන්න.
තරුෂි එක්ක තරු කතා: සමාජයේ අපිට වඩා වැරදි කරන කට්ටිය සද්ද නැතිව ඉද්දි අපේ පොඩි වැරැද්දත් ලොකු කරලා පෙන්නනවා - දිල්හානි ඒකනායක 08.05.2026 8:21
ශ්රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.
ක්රීඩා විග්රහය: අපි ජාතිය, ආගම, පක්ෂය සලකන්නෙ නෑ - ක්රීඩා ඇමති / හෙල්ල විසි කර රිදියෙන් දිනූ සුමේධ සහ නදීෂා / ඔස්ට්රේලියාවේ දී ස්කොෂ් පිටිය ජයගත් සිතුම්ලි 08.05.2026 8:48
මේ සතියේ ශ්රී ලංකාවේ සහ ඕස්ට්රේලියාවේ ක්රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්රීඩා විග්රහය’. මාධ්යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
මව්බිමෙන් පුවත්: වියට්නාම ජනපති ලංකා පාර්ලිමේන්තුවට / මුදල් ලේකම් ලංකාවේ පුරවැසියෙක් නොවන කල්ලතෝනියෙක් ද? - දයාසිරි 08.05.2026 7:47
මේ සතියේ ශ්රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: සිරියාවේ සිට ඔස්ට්රේලියාවට ළඟා වූ පිරිසෙන් කාන්තාවන් තිදෙනෙක් ෆෙඩරල් පොලිස් අත්අඩංගුවට 08.05.2026 5:04
ඔස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 08 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
කාලීන විග්රහය: මෙවර ඉදිරිපත් කරන්නට සැරසෙන ඔස්ට්රේලියානු අය වැය පිලිබඳව භාණ්ඩාගාරිකවරයාගෙන් ප්රකාශයක් 07.05.2026 7:00
ඔස්ට්රේලියානු ෆෙඩරල් රජයේ මෙවර අය වැය පිළිබඳව විශේෂ අවධානයක් වී තිබෙනවා. වඩා වගකීම් සහගත අයවැයක් මෙවර තමන් ඉදිරිපත් කරන බවට භාණ්ඩාගාරික ජිම් චාමර්ස් පවසනවා. රාජ්ය වියදම් කපාහරිමින් අස්ථාවර ගෝලීය ආර්ථිකයට මුහුණදීම සඳහා වගකීම් සහගතව පිළියෙළ කරන ලද අයවැයක් මෙවර ඉදිරිපත් කරන බව භාණ්ඩාගාරික ජිම් චාමර්ස් පවසනවා. මේ පිලිබඳව ඔහු සහ විපක්ෂ මන්ත්රී වරුන් දැක්වූ අදහස් අද කාලීන විග්රහයෙන් අපි ඔබ වෙත ගෙන එ...
Negative gearing වෙනස්කම් ඕස්ට්රේලියාවේ කුලී නිවාස හිඟය තවත් වැඩි කරයිද, විස්තරේ මෙන්න 07.05.2026 7:36
Negative gearing යනු කුමක්ද සහ මේ සඳහා වන වෙනස්කම් ඕස්ට්රේලියාවේ දේපල වෙළඳපොළට බලපාන්නේ කෙසේද යන්න ගැන SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවට සවන්දෙන්න.
මව්බිමේ ගැමි සුවඳ යළිත් සිඩ්නි හදවත් වල අවදි කරන ඕස්ට්රේලියාවේ තිළිණි, ‘අපේ ගම් ගොඩේ’ ගැන අපට කියූ දේ 07.05.2026 10:01
සාම්ප්රදායික ගැමි ජීවිතයේ චමත්කාරය, ගැමි ජීවිතයේ අභාෂය ලබමින් මවුබිමෙන් බොහෝ දුරින් ජීවත් වන ශ්රී ලාංකිකයන්ව යළිත් සංස්කෘතිය, උරුමය සහ ප්රජාව සමඟ එක් කරන Sri Lanka Dance Academy Sydney සංවිධානය කරන "අපේ ගම් ගොඩේ 2026" උත්සවය පිලිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවට සවන්දෙන්න.
ලොව වටා: බොරු ප්රචාර කල ඇපල් සමාගම නඩුව ගොඩින් බේරා ගනී, කොවිඩ් වැනි වෛරසයක් පැතිර යාමක් ගැන බියක් 07.05.2026 8:30
මාධ්යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්රහය ‘ලොව වටා’ විශේෂාංගය.
Ähnliche Podcasts
Replaio ist kein Herausgeber von Podcasts; die Namen der Sendungen, Cover und Audioinhalte gehören ihren Autoren und werden über öffentliche RSS-Feeds verbreitet