SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1875 Folgen

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Besuch unbedingt die Website des Podcasts und unterstütze die Macher: www.sbs.com.au

Autor

SBS

Kategorie

News

Podcast-Website

www.sbs.com.au

Neueste Folge

23. Okt 2026

Wo hören?

Podcasts in der App Replaio Radio Bald verfügbar

Podcasts kommen bald in die App. Installiere sie jetzt und erlebe als Erster einen ganz neuen Blick auf Podcasts

Bei Google Play herunterladen Kostenlos installieren Android fast 10 Mio. Downloads · Bewertung 4,8 iOS bald

Folgen

SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාව සහ වියට්නාමය අතර ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට එකඟතාවක් 12.08.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 12වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: නව NDIS ප්‍රතිසංස්කරණ නිසා ප්‍රතිලාභීන්ට බලපෑම් විය හැකි බවට අනතුරු ඇඟවීම් 11.08.2026

ඕස්ට්‍රේලියාවේ NDIS හෙවත් "ජාතික ආබාධිත රක්ෂණ ක්‍රමයේ" සිදු කිරීමට යෝජිත වෙනස්කම් නැවත සලකා බලන ලෙස ආබාධිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නන් රජයෙන් ඉල්ලා සිටී. මෙම යෝජිත ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතව ඇති පසුබිමක මෙය සිදු වේ. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.

'පළපුරුදු ව්‍යාපාරිකයෙක් වුවත්, ඔස්ට්‍රේලියාවේ අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කරන කෙනෙක් වුවත් මේ වේදිකාව ඔබට විවෘතයි' – Australia Sri Lanka Business Forum හි සෑම් වීරවර්ණ 11.08.2026

Australia–Sri Lanka Business Forum සංවිධානය හරහා ඔස්ට්‍රේලියාවේ ව්‍යවසායකයින්ට විවිධ අවස්ථා උදාකර දීමට අරමුණු කරගෙන සිටිනවා. ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් අතර සම්බන්ධතා ගොඩනගා ගැනීම, නව ව්‍යාපාරික අවස්ථා හඳුනාගැනීම වගේම ශ්‍රී ලංකාවත් ඔස්ට්‍රේලියාවත් අතර ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීම මෙහි අරමුණු අතරට ඇතුළත් බව තමයි මෙහි සංවිධායකයින් පවසන්නේ. මේ කර්තව්‍යය ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න A...

නීති පිළිසරණ: ඔස්ට්‍රේලියාවේ දී බරපතළ රථවාහන වැරැද්දකට ලැබෙන දඬුවම් මොනවා ද? 11.08.2026

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ රථවාහන වැරදි පිළිබඳ බලාත්මක නීති සහ ක්‍රමවේද පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ තෙවෙන වැඩසටහන. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thur...

ඔස්ට්‍රේලියාවේ තරුණ දරුවන් සිය දෙමව්පියන්ගේ නිවසින් පිටව තනිව ජීවිතය අරඹන්න සුදුසුම වයස කීයේ දී ද? 11.08.2026

ඔස්ට්‍රේලියානුවන් තම දෙමාපියන් සමඟ ඔවුන්ගේ නිවසේ ජීවත් වීමට 'තමාට වයස වැඩියි' යැයි සිතන වයස ගැන දැන ගන්න මේ විශේෂාංගයට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital rad...

SBS සිංහල පුවත්: පොලී අනුපාත පිළිබඳ ඔස්ට්‍රේලියානු මහ බැංකුවේ තීරණය අද 11.08.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 11වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

ජන සංගණනයේදී ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ප්‍රජාව නිවැරදි තොරතුරු ලබාදීම කෙතරම් වැදගත්ද? 10.08.2026

ජන සංගණනය කියන්නේ රජය ජනගහනය ගණන් කිරීමක් බව ඇතැම් අය අතර මතයක් තිබෙනවා. නමුත් ඇත්තටම එය ඊට වඩා ගොඩක් වැදගත්. සෑම අවුරුදු පහකට වරක්ම පැවැත්වෙන ජන සංගණනය හරහා, ඕස්ට්‍රේලියාවේ ජීවත් වන මිනිසුන්ගේ ජීවන රටාව, භාෂා, සංස්කෘතික පසුබිම, පවුල්, අධ්‍යාපනය, රැකියා සහ ජීවත්වන ප්‍රදේශ පිළිබඳ ජාතික දත්ත එකතු කරනවා. ඒ දත්ත ඉදිරි වසර කිහිපය සඳහා රටේ සැලසුම් ගොඩනැගීමට පදනම කරගන්නවා. ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී ලං...

SBS සිංහල WorldWatch: රටේ නම වෙනස් කරපු නාඕඒරෝ 10.08.2026

සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or...

How to answer the 2026 Census English proficiency question | Bonus episode - 2026 සංගණනය: ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා පැනයට SBS Learn English වෙතින් අත්වැලක් 10.08.2026

How do you choose between "not well", "well" and "very well" when the Census asks about your English? Honorary Professor Lynda Yates explains what these answers mean in everyday life, why perfect grammar isn't the goal, and how to assess your English with confidence. - සෑම වසර 5කට වරක් ම ඕස්ට්‍රේලියාවේ ජාතික ජන සංගණනය පැවැත්වෙනවා. 2026 වසරේ සංගණනය හෙටයි. ඔබට භාෂාව සහ භාෂා ඉගෙනීම පිළිබඳ ප්‍රශ්න දෙක...

ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව අඟහරුවාදා පොලී අනුපාත ඉහල නොදමනු ඇති බවට විශේෂඥයින්ගෙන් පුරෝකථනයක් 10.08.2026

ඔබ නිවාස ණයක් ගෙවනවා නම්, මේ අඟහරුවාදා එන තීරණය ඔබේ පවුලේ මාසික වියදමට සෘජුවම බලපාන්න පුළුවන්. මොකද, ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව නැවතත් පොලී අනුපාත වැඩි කරනවාද, එහෙමත් නැත්නම් දැනට තිබෙන මට්ටමේම තබනවාද කියලා තීරණය කරන්නේ මේ සතියේ. දැනට ඔස්ට්‍රේලියාවේ නිල මුදල් පොලී අනුපාතය සියයට 4.35යි. සංචිත බැංකුවේ පාලක මණ්ඩලය සඳුදා සහ අඟහරුවාදා රැස්වෙනවා. ඔවුන්ගේ අවසන් තීරණය අඟහරුවාදා ප්‍රකාශයට පත් කිරීමට නියමි...

SBS සිංහල පුවත්: ජාත්‍යන්තර සිසු සංඛ්‍යාව අවම කරමින් ශ්‍රමිකයන් වෙත සංක්‍රමණ අවධානය ලබා දිය යුතු බව නැෂනල්ස් මන්ත්‍රී ලිට්ල්ප්‍රවුඩ් කියයි 10.08.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 10වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ඇල්සයිමර් කල් තියා හඳුනා ගත හැකි රුධිර පරීක්ෂණයක් 09.08.2026

ඇල්සයිමර් රෝග ලක්ෂණ ඇති වීමට පෙර කල් තියා එය හඳුනා ගැනීමේ වෛද්‍ය විද්‍යාත්මක පෙරළියක් පිළිබඳව පර්යේෂකයන් පවසනවා. ඒ අනුව රුධිර පරීක්ෂණයකින් ඇල්සයිමර් වැළඳීමේ ඉහළ අවදානමක් ඇති සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන් හඳුනාගැනීමටත්, රෝගය කොතරම් දුරට වර්ධනය වී ඇත්දැයි දැනගැනීමටත් හැකි බව අධ්‍යයනයක් පෙන්නුම් කරනවා. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.

Census මුවාවෙන් ඔබව සූරාකන වංචාකරුවන්ගෙන් ආරක්ෂා වෙන්න, මේ දේවල් ගැන හොඳින්ම දැනුවත් වෙන්න 08.08.2026

2026 ජන සංගණනය හා සමගාමීව ඕස්ට්‍රේලියාවේ සිදු වන වංචා සහ පුද්ගලික තොරතුරැ ලබා නොදෙමින් ඒවායින් බේරීමට දැනගතයුතු දේ ගැන SBS සිංහල සේවය සිදු කල දෙවැනි සාකච්චාවට සවන් දෙන්න

ඇසිදිසි ඇඩිලේඩ්: සංගණන සූදානම, ඇඩිලේඩ් වලට ආවේනික රේල්ලු බස්, මුල් සංක්‍රමණික ලාංකිකයන් සොයා ගිය සිදත් සහ මුතුහර දරුවන්ගේ ප්‍රාර්ථනා ගී මෙවර විශේෂාංගයෙන් 08.08.2026

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවයේ කුමුදිණි සිල්වා ගෙන එන ‘ඇසිදිසි ඇඩිලේඩ්’ මාසික වාර්තාමය විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SB...

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය අගෝස්තු 03 - අගෝස්තු 07 07.08.2026

අගෝස්තු 03වන දා සිට අගෝස්තු 07වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.

තරුෂි එක්ක තරු කතා: මම එයා වෙනුවෙන් මගේ හඬ නිහඬ කලා - නිරංජලා සරෝජිනී 07.08.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your televi...

ක්‍රීඩා විග්‍රහය: රුමේෂ් තරංග ලෝකයෙන්ම එකට / වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා පැතුම්, ක්‍රීඩිකාව චමරි / ටයිකොන්ඩෝ හරඹයෙන් ලංකාවට පදක්කම් 26 ක් 07.08.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday,...

ඕස්ට්‍රේලියාවේ වැඩිහිටි රැකවරණ සේවා (Aged Care) ක්ෂේත්‍රයේ දිගු ගමනක් ආ ලකී කරුණාරත්න 07.08.2026

ඕස්ට්‍රේලියාවේ ජාතික වැඩිහිටි රැකවරණ සේවා සපයන්නන්ගේ (Aged Care Employee Day) දිනය අදයි. ඒ හා සමගාමිව ක්ෂේත්‍රයේ දිගු දුරක් යමින් සිය සේවයට ඇපකැප වූ කළමනාකාරවරයෙකු SBS සිංහල සේවය සමඟ සිය අදහස් බෙදාගත් මේ විශේෂාංගයට ඔබත් සවන් දෙන්න.

ජාතික වැඩිහිටි රැකවරණ සේවා සපයන්නන්ගේ දිනය අදයි, 'Thanks for Caring' 07.08.2026

අගෝස්තු 07වන දා ඕස්ට්‍රේලියාවේ ජාතික වැඩිහිටි රැකවරණ සේවා සපයන්නන්ගේ දිනයයි (Aged Care Employee Day). Ageing Australia දත්ත වාර්තාවලට අනුව 450,000කට වැඩි ශ්‍රම බලකායක් දෛනිකව මිලියන 1.3ක් පමණ වූ වයස්ගත ඕස්ට්‍රේලියානුවන්ට අවශ්‍ය රැකවරණය ලබා දෙනවා. මෙවර ඔවුන් සමරන දිනයේ තේමාව 'Thanks for Caring'.

SBS සිංහල පුවත්: නිවාස සහ නවාතැන්වල ධාරිතාව ඉක්මවා රැඳී සිටින්නන්ට කිසිදු පැකිළීමකින් තොරව නිවැරදි දත්ත ලබා දෙමින් සංගණනයට සහභාගී වන ලෙස දිරිගැන්වේ 07.08.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 07 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your tel...

වසර 5කට පසු පැවැත්වෙන 2026 ඔස්ට්‍රේලියානු ජන සංගණනය පිළිබඳව ඔබ දැන සිටිය යුතු දේ මෙන්න 06.08.2026

ඔබ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවෙක් නොවුණත්, ජාත්‍යන්තර ශිෂ්‍යයෙක් හෝ තාවකාලික වීසා හිමියෙක් වුණත්, අගෝස්තු 11 වැනිදා ඔස්ට්‍රේලියාව තුළ සිටිනවා නම් ඕස්ට්‍රේලියාවේ ජන සංගණනය පිළිබඳව වන මේ කතාව ඔබටත් අදාළයි. නිවැරදි දත්ත ලබාදෙමින් මෙම පෝරමය ඔබ සම්පූර්ණ කිරීමේ ඇති වැදගත්කම මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

‘සංගණනයට ඇත්ත තොරතුරු දෙන්න බය වෙන්න එපා’ - සිනුවර කතු එකමුතුව සභාපති නිහාල් එම්. රූපසිංහ 06.08.2026

පස් වසරකට වරක් පැවැත්වෙන ඔස්ට්‍රේලියාවේ ජාතික සංගණනය සඳහා ශ්‍රී ලාංකික ප්‍රජාවේ ඔබ නිවැරදි දත්ත ලබා දීම කල යුත්තේ ඇයි දැයි නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිංහල සංස්කෘති හමුවේ ලේඛක සංසදයේ (සිනුවර කතු එකමුතුව) සභාපති නිහාල් එම්. රූපසිංහ මහතා SBS සිංහල සේවය සමඟ දැක්වූ අදහස්. 2026 ඔස්ට්‍රේලියා ජාතික සංගණනය අගෝස්තු මස 11 වෙනිදා රාත්‍රියේ පැවැත්වෙනවා. Find our podcasts in the SBS Sinhala podcast collection...

අපේ වහරේ කතා අහුරක්: ගමහාමිනේ කැන්දන් දඩයමේ ගිය ගමරාලගේ කන් දෙකෙන්ම ගිනි පිට වුනේ මෙහෙමයි 06.08.2026

අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ ගමහාමිනේ එක්ක දඩයමේ ගිය ගමරාලට සිද්ධ වුන අකරතැබ්බයක් ගැන රස කතාවක්. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital rad...

ප්‍රජා නිවේදන: NSW ප්‍රාන්තයේ කටූම්බා බෞද්ධ විහාරයේ බෝධීන් වහන්සේ රැකගන්න ශ්‍රී ලාංකික ප්‍රජාවට ආරාධනයක් 06.08.2026

අපගේ ආගමික හා සංස්කෘතික උරුමයේ අතිශය වටිනා සංකේතයක් වන ඕස්ට්‍රේලියාවේ පැරණිම බෞද්ධ විහාරස්ථානයක් ලෙස සැලකෙන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කටූම්බා බෞද්ධ විහාරයට සහාය සඳහා සංවිධානය කරන අහාර සල්පිල පිළිබඳව කටුම්බා විහාරස්ථාන සංවිධායක කමිටුවේ ජිනෙත් රාජසූරිය සමග සිදු කල සාකච්චාවට සවන් දෙන්න

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ වාහන අලෙවිය වාර්තාගත ලෙස ඉහළට 06.08.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 06වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

Höre den Podcast SBS Sinhala - SBS සිංහල වැඩසටහන in Replaio

Radio und Podcasts in einer App - kostenlos und ohne Anmeldung. Installiere sie noch heute und verpasse den Start nicht

Bei Google Play herunterladen

Replaio ist kein Herausgeber von Podcasts; die Namen der Sendungen, Cover und Audioinhalte gehören ihren Autoren und werden über öffentliche RSS-Feeds verbreitet