SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1978 episoder

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Husk at besøge podcastens hjemmeside og støtte skaberen: www.sbs.com.au

Forfatter

SBS

Kategori

News

Podcastens hjemmeside

www.sbs.com.au

Seneste episode

18. nov. 2026

Hvor kan du lytte?

Podcasts i appen Replaio Radio Kommer snart

Podcasts kommer snart til appen. Installer nu, og vær den første til at se en helt ny tilgang til podcasts

Hent den på Google Play Installer gratis Android 10 mio.+ downloads · 4,7+ i bedømmelse iOS snart

Episoder

185000 කට මේ මූල්‍ය වර්ෂයේදීද ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාදෙන බවට ෆෙඩරල් රජය තීරණය කරයි 03.09.2025

ඔස්ට්‍රේලියාවේදී සංක්‍රමණ වැඩසටහන ප්‍රශ්න කරමින් විරෝධතා සංවිධානය කිරීමට ඇතැම් පිරිස් අගෝස්තු මස 31 වෙනිදා කටයුතු කර තිබුනා. මෙහිදී ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රමාණය අඩුකළ යුතු බවට ඔවුන් ඉල්ලා සිටියා. කෙසේ උවත් ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ වැඩපිළිවෙලේ සීමාවන් නිර්ණය කිරීම සඳහා ප්‍රාන්ත සහ ටෙරිටරි සමග සාකච්චා කිරීමට ෆෙඩරල් රජය කටයුතු කර තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන්

What is forced marriage and what support is available in Australia? - බලහත්කාරයෙන් සිදු කරන විවාහ ගැන ඕස්ට්‍රේලියාවේ තිබෙන නීති මෙන්න: Australia Explained 03.09.2025

A forced marriage occurs when one or both individuals do not consent freely, often due to threats, coercion, deception, or if they are under 16 or those with mental incapacities. No matter how long you've been living here, it's vital to know: You have the right to choose who you marry.  In this episode, we'll explore the difference between arranged and forced marriage and where you can turn for he...

SBS සිංහල Newsflash සැප් 03: විරෝධතා රැළියකට පහරදීමේ චෝදනා මත 'Neo-Nazi' මත දරන තෝමස් සූල් අත්අඩංගුවට 03.09.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 03වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

ඕස්ට්‍රේලියා‌ව සංක්‍රමණිකයින්ට අහිතකර වෙමින් යනවා ද?, සංක්‍රමණ විරෝධී March for Australia රැලි ගැන පසුවිපරමක් 02.09.2025

පසුගිය අගෝස්තු 31 වෙනි ඉරිදා ඕස්ට්‍රේලියාවේ සෑම ප්‍රධාන නගරයක ම පැවති March for Australia සංක්‍රමණ විරෝධී රැලි පිළිබද SBS සිංහල සේවය ගෙන එන පසුවිපරම් විශේෂාංගය.

ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය ජනතාව අතර ඇති ගිනි අවි ප්‍රමාණය ඉහල ගොස් ඇති බව වාර්තා වේ: කාලීන විග්‍රහය 02.09.2025

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශයක පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමක් වාර්තා වුනා. මේ සිදුවීමත් සමග ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය ජනතාව අතර ගිනි අවි භාවිතාව පිළිබඳව නැවත කතාබහක් ඇති වී තිබෙනවා. දශක තුනකට පමණ පෙර ටස්මේනියා ප්‍රාන්තයේ පොර්ට් අර්තර් හි සිදුවූ ඝාතන සිදුවීමත් සමග ගිනි අවි භාවිතාව සම්බන්ධ දැඩි නීති ගෙන ඒමට ඔස්ට්‍රේලියාව කටයුතු කළා. කෙසේ උවත් මේ වනවිට එවක තිබු ගිනි අවි ප්‍...

SBS සිංහල Newsflash සැප් 02: ප්‍රමාණය කුඩා කළ භාණ්ඩ වැඩි මිලට විකිණීම පිළිබඳ පැමිණිලි කිරීමේ හැකියාව ළඟදීම 02.09.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 02වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

වාර්තා පොත් අලුත් කරමින් 2025 සිඩ්නි මැරතන් ධාවන තරඟය අවසන් වෙයි 01.09.2025

සිඩ්නි මැරතන් ධාවන තරඟය ඊයේ (අගෝස්තු 31) පැවැත්වුණා. ලෝක මැරතන් ඉසව්වක් වන World Marathon Majors තරඟාවලියේ කොටසක් ලෙස එය පැවැත්වුණේ පළමු වරටයි. මේ කෙටි විශේෂාංගයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.

ඔස්ට්‍රේලියානුවන්ගේ ධෛර්යය විදහා දක්වන වොට්ල් ශාකය පිළිබඳ ජාතික වොට්ල් දිනයේ දී දැනුවත් වෙමු 01.09.2025

සැප්තැම්බර් 1වන දා ඕස්ට්‍රේලියාවේ වසන්ත කාලය නිල වශයෙන් ඇරඹෙන දිනයයි. ඒ සුවිශේෂ දිනය National Wattle Day ලෙස නම් කර තිබෙනවා. ගෝල්ඩන් වොට්ල් ඕස්ට්‍රේලියාවේ ජාතික පුෂ්පයයි. ඕස්ට්‍රේලියාවේ වෙසෙන ඔබට මේ හුරුපුරුදු මලක්. SBS සිංහල සේවය විසින් පුරුදු මලක නුපුරුදු පාරිසරික හා සමාජයීය තතු විත්ති ගෙන එන මෙම සාකච්ඡාවට සවන් දෙන්න.

අසාත්මිකතා නිසා පුද්ගලයෙකු අවම වශයෙන් ඩොලර් 2400ක පමණ වියදම් දරන බව වාර්තාවක් කියයි: කාලීන විග්‍රහය 01.09.2025

ගත වූ වසර 20ක කාලය තුළ අසාත්මිකතා හෙවත් ඇලර්ජි තත්ත්වයක් ඇති ඕස්ට්‍රේලියානුවන්ගේ සංඛ්‍යාව දෙගුණ වී ඇති බව නව වාර්තාවක දැක්වෙනවා. මේ තත්ත්වය ජනතාවගේ සෞඛ්‍යයට සහ ඔවුන්ගේ මුදල්වලට බලපාන ආකාරය මේ නව වාර්තාවෙන් සොයා බලනවා. පෙර කවරදාටත් වඩා වැඩි පිරිසකට අසාත්මිකතාවලට අදාළව සේවා අවශ්‍ය වී තිබෙනවා. අසාත්මිකතා සෞඛ්‍යයට පමණක් බලපාන්නේ නැති බවත් ඒවාට මිනිසුන්ගේ ජීවිත වෙනස් කළ හැකි බවත් විශේෂඥයන් කියා සිටිනවා...

පොඩි පොඩි දේවල් කරලා මේ රජය දණගස්සන්න බැහැ, නියෝජ්‍ය ඇමති මහින්ද කියයි: මවුබිමෙන් පුවත් සැප් 01 01.09.2025

අද - සැප්තැම්බර් මස 01 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

SBS සිංහල Newsflash සැප් 01: ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ විරෝධී රැලි වලට පක්ෂ විපක්ෂ දේශපාලඥයින්ගෙන් විරෝධය 01.09.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 01 වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

ලෝකයටම මොළයේ සෞඛ්‍ය ගැන වැදගත් දිනයක් වෙන්කරන්න මුල් වුන, මෙල්බර්න් හි ලාංකිකයා: මහාචාර්ය තිස්ස විජේරත්න 31.08.2025

මිනිස් මොළ සෞඛ්‍යය ගැන දිනයක් වෙන් කිරීම සඳහා එක් පුරෝගාමියෙකු වශයෙන් කටයුතු කල, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි සිටින ශ්‍රී ලාංකිකයකු වන, ලෝක ස්නායු රෝග සංවිධානයේ ලෝක මොළ දිනයේ සම නිර්මාතෘ සහ ලෝක මොළ දින කමිටුවේ සම සභාපති මෙන්ම ඕස්ට්‍රේලියානු Migraine පදනමේ සභාපති මහාචාර්ය තිස්ස විජේරත්න සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න

'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, අගෝ 25 - අගෝ 29 29.08.2025

අගෝස්තු 25 සිට අගෝස්තු 29 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන පුවත් ඇතුලත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න

වෘත්තීය අධ්‍යාපන පුහුණුකරුවන් ගණන ඉහළ නැංවීමට ඩොලර් මිලියන 30ක් වෙන් කෙරේ: කාලීන විග්‍රහය 29.08.2025

වෘත්තිය අධ්‍යාපන පුහුණුකරුවන් ගණන ඉහළ දැමීම සඳහා ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය විසින් මිලියන 30ක ප්‍රතිපාදන වෙන් කෙරෙන නව වැඩසටහනක් පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පවතින කුසලතා හිඟයන් මධ්‍යයේ ඕස්ට්‍රේලියානුවන්ට lifelong learning හෙවත් යාවජීව ඉගෙනුම් අවස්ථා සැපයීම ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් ෆෙඩරල් රජය විසින් දියත් කළ ජාතික කුසලතා සතියේ දී මෙම නිවේදනය කර තිබෙනවා. සංක්‍රමණ සහ සරණාගත ප්‍රජාව හට මෙම කු...

SBS සිංහල Newsflash අගෝ 29: සංක්‍රමණිකයින්ගේ නිපුනතා ඇගයීමේ ක්‍රමවේදයේ ඇති ගැටළු ගැන අධ්‍යයනයකින් හෙළිවේ 29.08.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 29වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

'World cup එකට සුදානම් වෙන එක තමයි අපේ ප්‍රධානම අභියෝගෙ', එක් දින නායක චරිත් කියයි: අගෝ 29: ක්‍රීඩා විග්‍රහය 29.08.2025

මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයට" සවන්දෙන්න

'ලංකා රජයේ නැකත දැන් නරක පැත්තෙන් යන්නේ', පා.ම රංජිත් කියයි: මවුබිමෙන් පුවත් අගෝ 29 29.08.2025

අද - අගෝස්තු මස 29 වන සිකුරාදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

කොන්ටාස් සමාගම ඔස්ට්‍රේලියාවේ සිට අග්නිදිග ආසියාතික රටවල් වලට තම ගුවන් සේවා පුළුල් කිරීමට සූදානම් වේ 28.08.2025

කොන්ටාස් සමාගම පසුගිය මූල්‍ය වර්ෂයේ ඩොලර් බිලියන 1.6ක ලාභයක් වාර්තා කර තිබෙනවා. ඉදිරියේදී අග්නිදිග ආසියාතික රටවල් සඳහා තම ගුවන් සේවා පුළුල් කිරීමට කොන්ටාස් සමාගම බලාපොරොත්තු වන බව වාර්තා වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

රුසියාවෙන් තෙල් ගන්න නිසා ඉන්දියාවේ නිෂ්පාදනවලට ඇමරිකාව බදු වැඩි කරයි: 'ලොව වටා' 28.08.2025

මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ධ වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.

ඔස්ට්‍රේලියාව විසින් ඉරානයේ IRGC සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් බවට නම් කිරීමට පියවර: කාලීන විග්‍රහය 28.08.2025

ඉරානයේ ඇති 'the Iranian Revolutionary Guard Corps' සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම්කිරීම කඩිනම් කරන ලෙසට ඕස්ට්‍රේලියානු රජයෙන් සන්ධාන විපක්ෂය ඉල්ලා සිටිනවා. IRGC ලෙස හැඳින්වෙන මෙම සංවිධානය ඕස්ට්‍රේලියාවේ සිදුවූ යුදෙව් විරෝධී ප්‍රහාර කිහිපයක් පිටුපස සිටින බවට ඕස්ට්‍රේලියානු බුද්ධි තොරතුරු ඒකකය විසින් හෙළිදරවු කිරීමත් සමග මෙම තත්වය උද්ගත වී තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්...

ඕස්ට්‍රේලියාවේ දී බලු සුරතලෙකු ඇති කිරීමට කැමති ඔබ දැනගත යුතු මූලික දේවල් මෙන්න 28.08.2025

අගෝස්තු 26වන දින ඔස්ට්‍රේලියාව විසින් National Dog Day ලෙස නම් කර තිබෙනවා. එයට සමගාමිව ඕස්ට්‍රේලියාවේ සුරතල් බල්ලෙකු ඇතිදැඩි කිරීමේ දී දැනගත යුතු එන්නත්කරණය, පුහුණු කිරීම සහ පශු වෛද්‍ය සේවා වැනි මූලික කරුණු පිළිබඳ SBS සිංහල සේවය කළ සාකච්ඡාවට සවන් දෙන්න.

SBS සිංහල Newsflash අගෝ 28: ජූලි මාසයේ උද්ධමනය අපේක්ෂිත අගය ඉක්මවයි 28.08.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 28වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

සංක්‍රමණ වලට එරෙහිව සංවිධානය කිරීමට යන 'March for Australia' විරෝධතා රැලි ගැන තොරතුරු මෙන්න 27.08.2025

2025 අගෝස්තු 31 වන දින, ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවල 'March for Australia' නමින් විරෝධතා රැලි පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වනවා. ඔස්ට්‍රේලියාවට විශාල වශයෙන් සිදුවන සංක්‍රමණයන් නැවත්වීමට රජය කටයුතු කලයුතු බව ඔවුන් පවසනවා. ඒ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙනෙනවා.

පිරිමි පාර්ශවයට ලේ දන්දීමෙන් ලැබෙන විශේෂ වාසි කිහිපයක් ගැන තොරතුරු මෙන්න 27.08.2025

ලේ දන්දීම කියන්නේ ඉතාම උතුම් ක්‍රියාවක් . ඕස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකික ප්‍රජාව අතරේත් මේ ලේ දන්දීමේ වැඩසටහන් ක්‍රියාත්මක වනවා. ඉතින් මේ ලේ දන්දීමේ ක්‍රියාවලිය පිරිමි පාර්ශවයට වඩාත් වැදගත් වන්නේ ඇයි කියන කාරනාව සම්බන්ධයෙන් සොයා බලන්න SBS සිංහල සේවයේ අපි හිතුවා. ලේ දන්දීම හරහා පිරිමි පාර්ශවයට ලැබෙන විශේෂ සෞඛය ප්‍රතිලාභ පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන් දෙන්න

SBS සිංහල Newsflash අගෝ 27: ඕස්ට්‍රේලියාවේ ඉරාන තානාපතිවරයාට ඕස්ට්‍රේලියාවෙන් පිටවන ලෙස දැනුම් දෙයි 27.08.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 27 වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

Lyt til podcasten SBS Sinhala - SBS සිංහල වැඩසටහන i Replaio

Radio og podcasts i én app - gratis og uden tilmelding. Installer i dag, og gå ikke glip af lanceringen

Hent den på Google Play

Replaio er ikke podcastudgiver; programmernes navne, coverbilleder og lyd tilhører deres ophavsmænd og distribueres via offentlige RSS-feeds.