SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ Epizody: 1876

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Určitě navštivte web podcastu a podpořte jeho tvůrce: www.sbs.com.au

Autor

SBS

Kategorie

News

Web podcastu

www.sbs.com.au

Nejnovější epizoda

23. říj 2026

Kde poslouchat?

Podcasty v aplikaci Replaio Radio Už brzy

Podcasty míří do aplikace už brzy. Nainstaluj si ji teď a jako první uvidíš úplně nový pohled na podcasty

Stáhnout z Google Play Nainstaluj zdarma Android téměř 10 mil. stažení · hodnocení 4,8 iOS už brzy

Epizody

කැන්බරා අඬහැරේ: The Canberra Times හොඳම ණය තැරැව්කරුවන් අතරට තේරුණු දේවා, ස්වතන්ත්‍ර ගීයක මිහිර ගෙනෙන රිතිනි සහ අගනුවර ඉතිහාසය මෙවර විශේෂාංගයෙන් 12.09.2026

ඕස්ට්‍රේලියානු අගනුවර භූමියේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් තිළිණ බණ්ඩාර ගෙන එන ‘කැන්බරා අඬහැරේ’ මාසික වාර්තාමය විශේෂාංගය. #sbsaudiopodcast

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය සැප් 07 - සැප් 11 11.09.2026

සැප්තැම්බර් 07වන දා සිට සැප්තැම්බර් 11වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න. #sbsaudiopodcast

තරුෂි එක්ක තරු කතා: මම විශේෂ විදිහට ජීවත්වෙන කෙනෙක් නෙවෙයි සාමාන්‍ය විදිහට කාලා බීලා හිනාවෙලා ඉන්න කැමති කෙනෙක් - පබෝදා සන්දීපනී 11.09.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. #sbsaudiopodcast

ක්‍රීඩා විග්‍රහය: 'උප නායකත්වය ඉවත් කිරීම ගැන තේරීම් කමිටුවෙන් අහන්න' - කමිදු / තේරීම් ගැන ඇමතිගේ නොසතුට / රුමේෂ් තරංග යුරෝපා කිරුළට අතේ දුරින් 11.09.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. #sbsaudiopodcast

ඕස්ට්‍රේලියාවේ දී ජීවිතය කවිකම් කළ යසසි මල්මීවල, 'Coming of Age' එළිදැක්වීම මේ සතිඅන්තයේ 11.09.2026

ලේඛිකා යසසි මල්මීවලගේ කුළුඳුල් කෘතිය 'Coming of Age', ඕස්ට්‍රේලියාවේ දී එළිදැක්වීම සැප්තැම්බර් 13වන ඉරිදා සිඩ්නි සිංහල සංස්කෘතික කේන්ද්‍ර පරිශ්‍රයේ දී පැවැත්වෙනවා. ඒ පිළිබඳ යසසි දැක් වූ අදහස්වලට ඔබත් සවන් දෙන්න. #sbsaudiopodcast

SBS සිංහල පුවත්: සමාජ මාධ්‍ය ඇල්ගොරිදම් අක්‍රිය කිරීමට පරිශීලකයින්ට ඉඩ සලසන නීති කෙටුම්පත එළිදක්වයි - විපක්ෂයේත් එක්සත් ජනපදයේත් විරෝධය 11.09.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 11 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. #sbsaudiopodcast

ඔස්ට්‍රේලියාවත් යුද්ධයකට ඇද දැමූ ‘9/11’ ප්‍රහාරයට වසර 25යි 10.09.2026

අමෙරිකාවේ සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 3,000කට ආසන්න පිරිසක් මියගොස් මේ වසරට වසර 25ක් සපිරෙනවා. ඇෆ්ගනිස්ථානයේ සහ ඉරාකයේ යුද්ධවලට ඔස්ට්‍රේලියාවත් ඇද දැමූ එම ප්‍රහාරයෙන් පසු ලෝකය ත්‍රස්තවාදයට මුහුණ දුන් ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. නමුත් හිටපු අගමැති ජෝන් හොවාඩ් සහ ආරක්ෂක විශේෂඥයන් පවසන්නේ, අද පවතින තර්ජන එදාටත් වඩා සංකීර්ණ බවයි. මේ පිළිබඳව SBS සිංහල සේවය ගෙන එන විශේෂාංගයට සවන් දෙ...

නිවාස මිල පහළ ගියොත් ඔබේ 'Home Loan' එකට මොකද වෙන්නේ? ‘Negative Equity’ ගැන දැනගත යුතු දේ 10.09.2026

ඔස්ට්‍රේලියාවේ නිවාස මිල පහළ යාම ගැන මේ දිනවල වැඩි කතාබහක් තිබෙනවා. මෙම තත්ත්වය අඩු තැන්පතුවකින් නිවසක් මිලදී ගත් කෙනෙකුට කුමන ආකාරයකට බලපාන්න පුළුවන්ද? 'Negative Equity' තත්ත්වයක් ඇති වුණොත් 'home loan' එක 'refinance' කිරීම හෝ නිවස විකිණීම වැනි දෑ සඳහා අවස්තාවක් නොමැතිද? #sbsaudiopodcast

අපේ වහරේ කතා අහුරක්: කොටි වලිගේ අල්ලා ගත්තා වගේ කියන කතාව හැදුණේ මෙන්න මෙහෙමයි 10.09.2026

අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ යාළුවෝ දෙන්නෙකුයි කොටියෙකුයි පැටලුණු රස කතාවක්. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302...

SBS සිංහල පුවත්: සැප්තැම්බර් 11 සිට ඔක්තෝබර් 6 දක්වා Sydney Ferries ජාලයේ Opal යන්ත්‍ර අක්‍රිය කෙරේ 10.09.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 10වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast

ඕස්ට්‍රේලියාවේ පෙට්‍රල් හොරු වැඩි වෙලා, අධික ජීවන වියදම ලොකුම හේතුවක් 09.09.2026

ඕස්ට්‍රේලියාවේ ඉහළ යන ජීවන වියදම සහ පහත වැටෙන වැටුප් හේතුවෙන් පෙට්‍රල් සොරකම් කිරීමේ සිදුවීම් ඉහල ගොස් තිබේ. මේ සම්බන්ධයෙන් සිදු කල නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ ඉහළ යන ඉන්ධන මිලට වඩා ජීවන වියදම් පීඩනය සහ වැටුප් වර්ධනය නොවීම මෙම සොරකම් සඳහා හේතු වී ඇති බවයි. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.

Prostate cancer in Australia: Testing, treatment and support - ඔස්ට්‍රේලියාවේ පිරිමින් අතර බහුල පුරස්ථි ග්‍රන්ථි පිළිකාව කල්තියා කොහොමද? පරීක්ෂණ, ප්‍රතිකාර සහ ඔස්ට්‍රේලියාවේදී ලැබෙන සේවා ගැන දැනුවත් වෙමු 09.09.2026

About one in five Australian men will be diagnosed with prostate cancer in their lifetime. Understanding the prostate, your risk and the options for testing can help with early detection and treatment. In this episode of Australia Explained, learn about prostate cancer, PSA testing, treatment and support. - ඔස්ට්‍රේලියාවේ සෑම පිරිමින් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට ජීවිත කාලය තුළ පුරස්ථි ග්‍රන්ථි පිළික...

හෘදයාබාධයකට ලක් වූ පියෙකු පිළිබඳ පර්ත්වලින් ඇසෙන කතාව, සෞඛ්‍ය රක්ෂණාවරණය ආශ්‍රිත ජීවන අත්දැකීමක් 09.09.2026

උපාධි උත්සවයක්, දරු උපතක්, ඕස්ට්‍රේලියාවේ සංචාරයක්; මේ ඔබේ දෙමව්පියන්ගේ ඕස්ට්‍රේලියානු ගමන ගැන ඔබ දකින සිහින අතරින් කිහිපයක්. සතුටින් පිරි කාලයක් උදෙසා වීසා 600 කාණ්ඩය යටතේ ඕස්ට්‍රේලියාවට පැමිණෙන ඔබේ දෙමව්පියන්ට සෞඛ්‍ය රක්ෂණාවරණයක් අත්‍යවශ්‍ය ද? සිය දියණියගේ දරු උපතට පැමිණි පියෙකු අනපේක්ෂිත හෘදයාබාධයකට ලක් වනවා. මාමණ්ඩියගේ රෝහල්ගත කිරීම සහ ඉන් පසු මුහුණ දීමට සිදු වූ තත්ත්වය පිළිබඳ අත්දැකීම මෙලෙස අ...

සුව දිවිය: මෙනින්ජයිටිස් නැතිනම් මොළේ උණ රෝගයෙන් ආරක්ෂා වෙන්නේ කොහොම ද? 09.09.2026

යහපත් නිරෝගී දිවිපෙවෙතකට වැදගත් වන සෞඛ්‍ය උපදෙස් හා තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන මෙනින්ජයිටිස් රෝගය හා ඉන් ආරක්ෂා වීම සඳහා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත් පිළිබඳවයි. #sbsaudiopodcast

ඕස්ට්‍රේලියාවේ ජාතික ධජයට ගිනි තැබීම ෆෙඩරල් වරදක් කිරීමේ ලිබරල් සන්ධාන යෝජනාව 09.09.2026

ඕස්ට්‍රේලියාවේ ජාතික ධජය පිළිස්සීම ෆෙඩරල් වරදක් කිරීමේ නව යෝජනා මාලාවක් ලිබරල් සන්ධානය යෝජනා කරනවා. එය ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කෙරෙනු ඇති. ජාතික ධජය මෙන් ම යුද ස්මාරක ඇතුළු ඕස්ට්‍රේලියාවේ ඉතිහාසය විද්‍යමාන කරන සැමරුම්වලට හානි පැමිණවීමට එරෙහි නීති ද මෙම යෝජනාවට ඇතුළත්.

SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ 'regional' ප්‍රදේශ වලට සංක්‍රමණිකයින් ගැනීම ඉහල දමන්නැයි ඉල්ලීම් 09.09.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 09වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. #sbsaudiopodcast

කාලීන: ආයු කාලය කෙටි කරන Motor Neurone Disease වැළඳීමේ අවදානම, ජීවත් වන ප්‍රදේශය අනුව වෙනස් වන බව හෙළි වෙයි 08.09.2026

ඕස්ට්‍රේලියාව තුළ සිදුවන රිය අනතුරු මරණ සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට සමාන වාර්ෂික මරණ සංඛ්‍යාවක් වාර්තා කරන Motor Neurone Disease හෙවත් MND තත්වය පිළිබඳවයි මෙවර කාලීන විග්‍රහය.

සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් සිඩ්නි නුවර දී එළිදකින පොත් තුනක් 08.09.2026

සාහිත්‍ය මාසය වෙනුවෙන් නිව්සවුත් වේල්ස් ප්‍රාන්ත සිංහල සංස්කෘතික හමුව යටතේ ක්‍රියාත්මක සිංහල ලේඛක සංසදයේ සහයෝගයෙන් සිඩ්නි නුවර දී එළිදැක්වෙන ග්‍රන්ථ තුනක් පිළිබඳ එම සංසදයේ සභාපති නිහාල් එම් රූපසිංහ මහතා SBS සිංහල සේවය වෙත දැක් වූ අදහස්. #sbsaudiopodcast

නීති පිළිසරණ: ඔස්ට්‍රේලියාවේ දී ලියාපදිංචි නොකල වාහනයක් පදවන්න පුළුවන් ද? රියදුරු බලපත්‍රයක් දරන්න පුළුවන් උපරිම වයසක් තියෙනවා ද? 08.09.2026

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ රථවාහන වැරදි පිළිබඳ බලාත්මක නීති සහ ක්‍රමවේද පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ හත්වැනි වැඩසටහන. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Th...

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි කාන්තාවක් හතු මිනී පෙට්ටියක අවසන් ගමන් යයි 08.09.2026

ඕස්ට්‍රේලියානු කාන්තාවක් ඉතිහාසයේ පළමු වරට හතු වලින් සෑදූ මිනී පෙට්ටියක අවසන් ගමන් ගොස් තිබේ. මෙම මිනී පෙට්ටි, දිලීර ජාල සහ හෙම්ප් භාවිතයෙන් දින හතක් වැනි ඉතා කෙටි කාලයකින් නිර්මාණය කෙරෙන අතර මෙය සම්පුර්ණයෙන්ම පස් බවට පත් වීමට ගත වන්නේ දින 45ක් වැනි කාලයක්. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.

SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ පළපුරුදු වෘත්තීය කාර්මිකයන් සඳහා නොමිලේ වෘත්තීය සුදුසුකම් වැඩසටහනක් 08.09.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 08වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

මත්ද්‍රව්‍ය භාවිතයට පෙර ඒවා පරීක්ෂා කරන ‘Pill Testing’ සේවාව පුළුල් කිරීමට NSW රජය සූදානම් 07.09.2026

'Pill testing' හෙවත් මත් පෙතිවල අඩංගු දේ පරීක්ෂා කර එහි තිබෙන ද්‍රව්‍ය මොනවාද කියලා සොයා බලා, ඒ පිළිබඳ තොරතුරු ලබා දීම ඕස්ට්‍රේලියාව තුල සිදු වනවා. සංගීත සැණකෙළි සඳහා ඇතැම් පිරිස් නීත්‍යානුකූල නොවන විවිධ මත්ද්‍රව්‍ය රැගෙන ඒමටත් ඒවා භාවිතා කිරීමටත් කටයුතු කරනවා. මේ මත්ද්‍රව්‍ය වල අඩංගු දෑ පිළිබඳව මේවා භාවිතා කරන අයට ඇති අවබෝධය අඩු වීම ප්‍රධාන ගැටළුවක් ලෙස හඳුන්වන්නට පුළුවන්. මෙවැනි අවස්ථා අවම කිරීම...

හදිසියේම මාස ගණනකට අපේ ජීවිතය කෙටි කරන MND රෝගය ගැන නොදන්න තොරතුරු මෙන්න 07.09.2026

මොළයේ සහ සුෂුම්නාවේ ස්නායු වලට හානි සිදු කරන Motor neurons disease හෙවත් MND තත්වය සම්බන්ධයන් වන සාකච්ඡාවට සවන් දෙන්න

මෙතෙක් නොමිලේ ලබාදුන් COVID එන්නත අවසන්, ඔක්තෝබර් 1 සිට ඕස්ට්‍රේලියානුවන්ට තවත් අලුත් වියදමක් 07.09.2026

ඕස්ට්‍රේලියානුවන්ට ළඟදීම, මේ දක්වා නොමිලයේ ලබාදුන් COVID-19 එන්නතට මුදලක් ගෙවීමට සිදු වන බව වාර්තා වේ. මේ අනුව ඔක්තෝබර් 1 වන දින සිට ක්‍රියාත්මක වීමට නියමිත වෙනස්කම් හේතුවෙන් ඇතැම් ඕස්ට්‍රේලියානුවන්ට නව සෞඛ්‍ය වියදමකට මුහුණ දීමට සිදුවේ. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.

ඕස්ට්‍රේලියාවේ රථවාහන වෙළෙඳපොළෙන් නව වාර්තාවක් 07.09.2026

අගෝස්තු මාසයේ ඕස්ට්‍රේලියාවේ රථවාහන අලෙවියේ වාර්තාගත වෙනසක් දක්නට ලැබෙනවා. මේ කෙටි විස්තරය ඒ පිළිබඳවයි.

Poslouchej podcast SBS Sinhala - SBS සිංහල වැඩසටහන v Replaio

Rádio a podcasty v jedné aplikaci - zdarma a bez registrace. Nainstaluj si ji ještě dnes a nepropásni premiéru

Stáhnout z Google Play

Replaio není vydavatelem podcastů; názvy pořadů, obálky a audio patří jejich autorům a šíří se přes veřejné RSS kanály