SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Určitě navštivte web podcastu a podpořte jeho tvůrce: www.sbs.com.au
Kde poslouchat?
Podcasty v aplikaci Replaio Radio Už brzyPodcasty míří do aplikace už brzy. Nainstaluj si ji teď a jako první uvidíš úplně nový pohled na podcasty
Epizody
ඕස්ට්‍රේලියාවේ රැකියා ස්ථාන වල සියුම් ලෙස හෝ සිදුවන ජාතිවාදී හිංසන ගැන විමර්ශනයක් කිරීමට යෝජනා 17.12.2025 9:49
ඔස්ට්‍රේලියාව කියන්නේ බහු සංස්කෘතික සමාජයක් තියෙන රටක්. නමුත් ඇතැම් විට ජාතිවාදී ගැටළු වලට ඇතැම් අයට මුහුණ දෙන්න සිදුවෙනවා. රැකියා ස්ථාන වලදීත් මෙවැනි ගැටළු වලට මුහුණ දෙන්න ඇතැම් අයට සිදුවනවා. ඕස්ට්‍රේලියාවේ රැකියා ස්ථාන වල පවතින ජාතිවාදය සම්බන්ධයෙන් ජාතික මට්ටමේ පරීක්ෂණයක් අවශ්‍ය බව ඕස්ට්‍රේලියාවේ ජාතිවාදී හිංසනයන් පිලිබඳ සොයා බලන කොමසාරිස් වරයා වන ගිරිදරන් සිවරාමන් පවසනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ව...
වැඩිහිටියන්ගේ වෛරී ගොදුරකට ලක් ව අකලට පරවුණු මැටිල්ඩා 17.12.2025 3:14
බොන්ඩායි සමූහ ඝාතනයේ ලාබාලතම ගොදුර වූ මැටිල්ඩාගේ ශෝකයට පත් පවුලේ ඥාතීන් අඟහරුවාදා (16) රාත්‍රියේ බොන්ඩායි මහජන මණ්ඩපයේ පැවති සංවේගජනක සැමරුමකදී සිය 10 හැවිරිදි දියණියට උපහාර දක්වමින් පළමු වරට ප්‍රසිද්ධියේ අදහස් පළ කළා.
SBS සිංහල Newsflash දෙසැ 17: ඇඩිලේඩ් හි පැවැත්වෙන ඔස්ට්‍රේලියා එංගලන්ත ටෙස්ට් තරඟයට විශේෂ ආරක්ෂාවක් 17.12.2025 4:58
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 17 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
ඔබත් සහකරු හෝ පවුලේ අයෙක් අතින් මානසික, ශාරීරික හෝ ලිංගික හිංසනයට ලක් වෙනවා ද? 16.12.2025 9:31
දකුණු ආසියාතික සංක්‍රමණික ප්‍රජාව තුල සැඟව පවතින ගෘහස්ථ හා පවුල් හිංසන පිළිබඳ ශාස්ත්‍රීය පර්යේෂණ ඇසුරෙන් ගෙන එන විග්‍රහාත්මක විශේෂාංගය.
බොන්ඩායි ප්‍රහාරය හෙළා දැකීමට එක් වන විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයින් අතරට ශ්‍රී ලංකා ජනපති, විදේශ ඇමති හා විපක්ෂ නායකවරයාත් එක් වෙයි 16.12.2025 2:32
ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි හි බොන්ඩායි වෙරළ තීරයේ සිදු වූ සමූහ වෙඩි තැබීමෙන් ජීවිත අහිමිවූවන්ගේ පවුල්වලට සහ ඕස්ට්‍රේලියානු රජයට සහ ජනතාවට ශ්‍රී ලංකාව වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සිය බලවත් ශෝකය පළ කරනවා.
බොන්ඩායි අමිහිරි සිදුවීම තුල සැබෑ ඕස්ට්‍රේලියානු බව ලොවට පෙන්වූ අහමඩ් අල්-අහමඩ් 16.12.2025 2:48
ඕස්ට්‍රේලියාවේ සුප්‍රසිද්ධ දැකුම්කළු බොන්ඩායි වෙරළ තීරයේ සිදු වූ අවාසනාවන්ත සමූල ඝාතන අඳුරු සිදු වීමේ එකම වටිනා සිදු වීම සන්නද්ධ තුවක්කරුවෙක් මෙල්ල කර ගැනීමට සිය ජීවිතය පරදුවට තබා ඉදිරිපත් වූ සාමාන්‍ය සිවිල් පුරවැසියාගේ පුවතයි.
කාලීන විග්‍රහය: Bondi ත්‍රස්ත ප්‍රහාරය - ඕස්ට්‍රේලියාවේ තිබෙන ගිනි අවි නීති ඇත්තෙන්ම ප්‍රමාණවත්ද 16.12.2025 12:17
බොහෝ කලක පටන් ඔස්ට්‍රේලියාව තුවක්කු පාලනය සම්බන්ධයෙන් ඉතා ඉහල වගකීමකින් කටයුතු කරන බවට දැඩි විශ්වාසයක් පැවතුනා. එමෙන්ම ඕස්ට්‍රේලියාවේ ගිනි අවි නීති ප්‍රාන්ත සහ ටෙරිටරිවල වගකීම වන අතර, 1996 පෝර්ට් ආතර් සංහාරයෙන් පසුව තුවක්කුවක් හිමිකර ගත හැක්කේ කාටද - සහ ඇයි යන්න පිළිබඳ දැඩි නීති පැවතුනා. නමුත් ඕස්ට්‍රේලියාවේ තිබෙන ගිනි අවි නීති ප්‍රමාණවත්ද යන්න පිළිබඳ අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙනවා.
SBS සිංහල Newsflash දෙසැ 16: ඔස්ට්‍රේලියාව තුල ගිනිඅවි භාවිතාව පිලිබඳ නීති දැඩි කිරීමේ තීරණයක් 16.12.2025 4:50
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 16 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.
ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන සිංහල දෙමළ ප්‍රජාව එකතු කර ගෙන වැඩ කරන කොට මට විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වුනා - ආචාර්ය ලයනල් බෝපගේ 15.12.2025 9:21
Lankan Fest 2025 දී Luminary සම්මානයෙන් පිදුම් ලැබූ ආචාර්ය ලයනල් බෝපගේ SBS සිංහල සේවය සමඟ පැවත්වූ සාකච්ඡාවේ දෙවන කොටස.
මව්බිමෙන් පුවත්: 'ආණ්ඩුව කරන්න ඕන ජනාධිපතිගේ හිත රිද්දන අය හොයන එක නෙවෙයි' - නාමල් / නිදහස් පක්ෂ නව ජාතික සංවිධායක චාමර සම්පත් 15.12.2025 8:54
ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
ත්‍රස්ත ප්‍රහාර අවදානම ගැන නිරන්තර අධ්‍යයනයක නිරතවන බව ඔස්ට්‍රේලියානු බුද්ධි තොරතුරු ඒකකය කියයි 15.12.2025 7:38
බොන්ඩායි වෙඩිතැබීම හේතුවෙන් මේ වනවිට 16 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වනවා. මෙයට එක ළමයකුද ඇතුලත් වනවා. මේ අතර තුවාල ලැබීම හේතුවෙන් රෝහල් ගත කර ඇති පිරිස 38ක් වන බව වාර්තා වනවා.
බොන්ඩායි වෙරළ තීරයේ සමූහ වෙඩි තැබීම සිදු කල පිය පුතු වෙඩික්කරුවන් 15.12.2025 2:19
සිඩ්නි බොන්ඩායි වෙරළ තීරයේ දී යුදෙව් ප්‍රජාවේ දහසක් පමණ රැස්ව සිටි හනක්කා ආගමික සැමරුම් උත්සවය ඉලක්ක කර සිදු කල වෙඩි තැබීම වයස අවුරුදු 50 සහ 24 යන වයස්වල පසුවන පියෙකු සහ පුතෙකු විසින් සිදු කල බව පොලිසිය පවසනවා.
SBS සිංහල Newsflash දෙසැ 15: සිඩ්නි හි බොන්ඩායි වෙරළ තීරයේ සිදු වූ සමූහ වෙඩි තැබීම ත්‍රස්ත ක්‍රියාවක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ 15.12.2025 4:39
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 15 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.
කාලීන විග්‍රහය: Cronulla riots වලින් පසු ගත වූ වසර 20 තුළදී ඕස්ට්‍රේලියානු බහු සංස්කෘතික සමාජය උගත් පාඩම් තිබේද? 14.12.2025 10:43
නිව් සවුත් වේල්ස් හි Cronulla වෙරළාසන්න නගරයේ මැද පෙරදිග සංක්‍රමණිකයන්ට එරෙහි පැවති ප්‍රචණ්ඩකාරී රැලිය හා ඉන් පසු ඇති වූ කලහකාරී සිදුවීම් දාමයට පසුගිය දෙසැම්බර් 11 වෙනි දා ට වසර විස්සක් සපිරුණා. වර්තමානයේ දී විවිධ ස්වරූපයෙන් හා වඩාත් සංවිධානාත්මක සංක්‍රමණ විරෝධී ව්‍යාපාර ගැන වාර්තා වන පසුබිමක Cronulla සිදුවීමෙන් උගත් දෑ පිළිබඳ අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙනවා.
මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, දෙසැ 08 - දෙසැ 12 12.12.2025 6:30
දෙසැම්බර් 08වන දා සිට දෙසැම්බර් 12වන දා දක්වා සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.
තරුෂි එක්ක තරු කතා: ‘නවසීලන්තයට ආ ගමන මට හුඟක් දෑ අහිමි කළා’ - ප්‍රවීණ සන්නිවේදක වජිර ජයවර්ධන 12.12.2025 9:06
අද තරුව නිවේදකයෙක් ලෙස සුවහසක් හදවත් සිය ආකර්ශනීය හඬ පෞරුෂයෙන් වසඟ කර ගත් සම්මානනීය ‘සන්නද්ධ සන්නිවේදක’ වජිර ජයවර්ධන.
ක්‍රීඩා විග්‍රහය: 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන ඕස්ට්‍රේලියානු සංචිතයට ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත නිතේෂ් සහ නේදන් 12.12.2025 8:51
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
මව්බිමෙන් පුවත්: ආපදාවෙන් මිදීමට මාස 4 ක් තුල ඩොලර් මි. 35 ක් අවශ්‍යයි - UN / ආණ්ඩුවේ පරප්පාඩු 2284 ක් පිරිවීමට කැබිනට් අනුමැතිය 12.12.2025 8:59
මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
SBS සිංහල Newsflash දෙසැ 12: රක්ෂණ හිමිකම් වැරදි ලෙස ප්‍රතික්ෂේප කළ බුපා සමාගමට ඩොලර් මිලියන 35 ක දඩයක් 11.12.2025 5:15
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 12 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.
A parent’s guide to help teens adjust to social media age restrictions - Australia Explained: ඕස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය වයස් සීමා වලට ළමුන්ව හැඩගස්සන්න, දෙමාපියන් දැනගත යුතු දේවල් 11.12.2025 13:40
Australia is restricting access to social media accounts for under-16s, and many families are wondering what it means in practice. While the rules place responsibility on tech platforms rather than young people or their parents, the changes may still create stress for teens who rely on social media to stay connected. Find out how the ban will work, why connection still matters, and how experts sug...
කාලීන විග්‍රහය: පාඨක ප්‍රසාදය දිනෙන් දින ඉහළ යන රොමැන්ටසි කතා කලාව 11.12.2025 6:08
මේ විද්‍යා ප්‍රබන්ධයක් නම් නෙවෙයි, නමුත් එහි සලකුණු පෙන්වනවා. ආදර කතාවකුත් නෙවෙයි. හැබැයි එහි ප්‍රේමණීය බව ඔබට දැනෙනවා. ෆැන්ටසියකුත් නෙවෙයි. ඒත් කතාව අතරමඟ ඔබට අඟුටුමිට්ටේකුව හෝ නර වෘකයෙකුව හමුවෙන්න පුළුවන්. මේ ටික්ටොක් මාධ්‍යය කළඹන කතා පොත් කාණ්ඩයක් පිළිබඳ කතාවයි.
'ගංවතුර පාලනය කරන්න පුළුවන්, නැත්තට නැති කරන්න බෑ. පුළුවන් බවට නොමඟ යැවීම වැරදියි' දිත්වා කුණාටුව විදු ඇසකින් 11.12.2025 10:00
දිත්වා සුළිකුණාටුව ශ්‍රී ලංකාවෙන් ඉවත් වෙලා ගිහින්. නමුත් එලෙස ගියේ විශාල ආපදා තත්ත්වයක්, ජීවිත සහ දේපළ හානි ඇති කරලා. මෙවැනි දැඩි බලපෑමක් ඇති වීමට හේතුව, දේශගුණික විපර්යාස, මිනිස් ක්‍රියාකාරකම්වල සම්බන්ධය සහ ගංවතුර පාලනය පිළිබඳව SBS සිංහල සේවය ගෙන එන සාකච්ඡාවට සවන් දෙන්න.
අපේ වහරේ කතා අහුරක්: මෙන්න මෙහෙමයි අබරා සිල් ගත්තේ! 11.12.2025 6:21
කියන්නං වාලේ කරන්න යන එකයි, කරන්නං වාලේ කියන්න යන එකයි දෙකම ඉවර වෙන්න පුළුවන් අවුලකින් ය කියලා අපේ වහරේ එන මේ රස කතාවෙන් අපේ වැඩිහිටියෝ කියා දුන් හැටි සාහිත්‍යවේදී අශෝක පියරත්නගෙන් අහලා දැන ගන්න.
ලොව වටා: වෝර්නර් බ්‍රදර්ස් මිල දී ගැනීමට නෙට්ෆ්ලික්ස් සහ පැරමවුන්ට් වෙතින් ලංසු 11.12.2025 8:34
මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.
SBS සිංහල Newsflash දෙසැ 11: ඇමෙරිකාවට යන ඕස්ට්‍රේලියානුවන්ට සිය සමාජ මාධ්‍ය ගිණුම් හෙළි කල යුතු රෙගුලාසියක් 10.12.2025 5:20
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 11 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.
Podobné podcasty
Replaio není vydavatelem podcastů; názvy pořadů, obálky a audio patří jejich autorům a šíří se přes veřejné RSS kanály