SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Určitě navštivte web podcastu a podpořte jeho tvůrce: www.sbs.com.au
Kde poslouchat?
Podcasty v aplikaci Replaio Radio Už brzyPodcasty míří do aplikace už brzy. Nainstaluj si ji teď a jako první uvidíš úplně nový pohled na podcasty
Epizody
සුව දිවිය: නිව්මෝනියාව සහ මෙනින්ජයිටිස් වැනි අවදානම් සහගත රෝග වලින් ආරක්ෂා කරන මේ එන්නත ගැන දන්නවා ද? 26.08.2026 7:07
යහපත් නිරෝගී දිවිපෙවෙතකට වැදගත් වන සෞඛ්ය උපදෙස් හා තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන නියුමොකොකල් එන්නත පිළිබඳවයි. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, chan...
ඕස්ට්රේලියාවේ පැතිර යන මාරාන්තික කුරුළු උණ ක්ෂීරපායී සතුන් වෙත සම්ප්රේෂණය වෙමින් අවදානම් අදියරකට 26.08.2026 2:07
කුරුළු ඉන්ෆ්ලුවෙන්සා උණ H5N1 ප්රභේදය ඕස්ට්රේලියාවේ ක්ෂීරපායී සතුන් වෙත ද සම්ප්රේෂණය වීමේ පළමු සිද්ධිය තහවුරු වී තිබෙනවා. මේ හේතුවෙන් ඉදිරියේ දී ඇති විය හැකි අවදානම පිළිබඳ විශේෂඥයින් අනතුරු අඟවනවා. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monda...
සංක්රමණ නියෝජිතයෙකුගේ සහාය පැතීමට පෙර MARN ලියාපදිංචි අංකය පරීක්ෂා කළ යුත්තේ මේ නිසයි 26.08.2026 4:43
Office of the Migration Agents Registration Authority (OMARA) විසින් ලියාපදිංචි සංක්රමණ නියෝජිතයන්ගේ අක්රමිකතා සම්බන්ධයෙන් වන ක්රියාමාර්ග තවදුරටත් දැඩි කර තිබෙනවා. මේ වන විටත් තිදෙනෙකුට එරෙහිව දැඩි පියවර ගෙන අවසන්. මේ එකිනෙකට වෙනස් සිදුවීම් තුනක්. මේ තුන් අවස්ථාවේ ම තම ලියාපදිංචි අංකය වෙනත් පාර්ශ්වයන්ට භාවිත කිරීමට (Front Agent) අවස්ථාව ලබා දී ඇති බවයි සඳහන් වන්නේ. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි...
SBS සිංහල පුවත්: වසර 83 ට පසු ශ්රී ලංකාව වෙත ඍජු ගුවන් ගමන් ආරම්භ කල පළමු ඔස්ට්රේලියානු ගුවන් සමාගම බවට ජෙට්ස්ටාර් පත් වේ 26.08.2026 5:39
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 26 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your tel...
කාලීන විග්රහය: වික්ටෝරියා ප්රාන්තයේ penguin සතුන් දහස් ගණනකට කුරුළු උණ එන්නත් 25.08.2026 7:43
H5 Bird flu හෙවත් කුරුළු උණ ආසාදනය වූ little penguin සතෙකුගේ මරණයක් ඕස්ට්රේලියාවේ වික්ටෝරියා ප්රාන්තයේ පිලිප් දූපතෙන් පළමු වරට තහවුරු වී තිබේ. එම දූපතේ සහ St Kilda හි සිටින දහස් ගණනක් වූ little penguin සතුන් ඉලක්ක කරගනිමින් ඕස්ට්රේලියානු බලධාරීන් විසින් එන්නත්කරණ වැඩසටහනක් ආරම්භ කර ඇති පසුබිමක මෙය සිදුවීම විශේෂත්වයක්. ඒ පිළිබඳවයි මෙවර කාලීන විග්රහය.
මෙල්බර්න් - කොළඹ නව ගුවන් ගමනට මගියෙකු ලෙස එක් වූ ජෙට්ස්ටාර් යානා නඩත්තු ඉංජිනේරු ලලන්ත කඩිගමුව 25.08.2026 9:41
වසර 83කට පසු පළමු වරට ඕස්ට්රේලියාවේ ගුවන් සමාගමකින් ශ්රී ලංකාව බලා සෘජු ගුවන් ගමන් වාරයක් ඇරඹීම අද දින (අගෝස්තු 25) සිදු කළා. මේ මොහොතේ එම ගුවන් යානය සිටින්නේ ශ්රී ලංකාව බලා පියාසර කරමිනුයි. යානයට ගොඩ වීමට මත්තෙන් සුවිශේෂ පුද්ගලයෙකුට SBS සිංහල සේවය කතා කළා. ලලන්ත කඩිගමුව ජෙට්ස්ටාර් ආයතනයේ බලපත්රලාභී ගුවන් යානා නඩත්තු ඉංජිනේරුවරයෙක්. නමුත් ඔහු මේ මංගල ගුවන් ගමනට සහභාගී වූයේ රාජකාරියේ කොටසක් ලෙස...
නීති පිළිසරණ: ඔස්ට්රේලියාවේ දී රථවාහන අනතුරකට මුහුණ දුන්නොත් කල යුතු සහ නොකල යුතු දේවල් මොනවා ද? 25.08.2026 5:45
ඕස්ට්රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ රථවාහන වැරදි පිළිබඳ බලාත්මක නීති සහ ක්රමවේද පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ පස්වැනි වැඩසටහන. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Th...
ඔස්ට්රේලියාවට එන පිරිස අඩුකරන්න සැලසුම් කරන One Nation පක්ෂයේ සංක්රමණ ප්රතිපත්තිය ගැන පක්ෂය ඇතුළෙන්ම පරස්පර අදහස් 25.08.2026 6:35
ඔස්ට්රේලියාවට වසරකට පැමිණෙන සංක්රමණිකයින්ගේ සංඛ්යාව 130,000 දක්වා අඩු කරනවා කියන එක තමයි One Nation පක්ෂය පසුගිය කාලයේ දිගටම කියපු කතාව. නමුත් ඇතැම් සංක්රමණික කණ්ඩායම් ඒ ගණනට ඇතුළත් නොවන අතර මේ නිසා සැබෑවටම ඔස්ට්රේලියාවට පැමිණෙන සංඛ්යාව වසරකට 230,000ක් පමණ විය හැකි බව එම පක්ෂයේම මන්ත්රීවරයෙක් පැවසුවා. එහෙම නම් 'One Nation' පක්ෂයේ සැබෑ සංක්රමණික ඉලක්කය වසරකට 130,000ද? ඒ සම්බන්දයෙන් වැඩිදුර...
SBS සිංහල පුවත්: Australia Post වෙතින් නත්තල් සමයේ රැකියා 3,500ක් 25.08.2026 5:18
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 25වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
ඔස්ට්රේලියාවේ ‘Partner Visa’ සඳහා බලා සිටීමට සිදුවන කාලය තවත් දිගු වෙයිද? 24.08.2026 8:47
'Partner Visa' එකකට ඩොලර් 11,710ක් ගෙවලා අයදුම් කළත්, පවුල් ජීවිතය ආරම්භ කරන්න අවුරුදු දෙකහමාරක් දක්වා බලා සිටීමට ඔස්ට්රේලියාවේ අයදුම්කරුවන්ට සිදුවී තිබෙනවා. මේ අතර, ඔස්ට්රේලියාවෙන් පිටත සිටින සහකරුවන්ගේ අයදුම්පත් අලුත් 'priority' ක්රමය යටතේ තවත් පසුපසට යා හැකියි. එසේනම්, තමන්ගේ සහකරු හෝ සහකාරිය ඔස්ට්රේලියාවට ගෙන්වාගැනීමට බලා සිටින පවුල්වලට ඉදිරියේදී ඇත්තටම සිදුවන්නේ කුමක්ද? මේ පිළිබඳව SBS සිං...
'ඔස්ට්රේලියාවේ වෙළඳපළට අපේ ව්යාපාර හඳුන්වා දෙන්න වගේම මෙහේ ව්යාපාර වලට ලංකා වෙළඳපළ හඳුන්වා දෙන්නත් විදෙස් ගත ලාංකිකයින්ට උදව් කරන්න පුළුවන්' - චන්දන අමරදාස 24.08.2026 9:33
ශ්රී ලංකා වාණිජ මණ්ඩලයේ විශේෂ දූත පිරිසක් වසර 15කට පසු මේ දින වල ඔස්ට්රේලියාවේ සංචාරයක නිරත වනවා. මෙම සංචාරයේ දී දෙරට අතර ව්යාපාරික සහ ආයෝජන අවස්ථා වැඩි දියුණු කර ගැනීමට බලාපොරොත්තු වන කරුණු පිළිබඳ, ශ්රී ලංකා-ඔස්ට්රේලියා-නවසීලන්ත ව්යාපාර සභාවේ (Sri Lanka-Australia-New Zealand Business Council) සභාපති සහ එම දූත පිරිසේ ප්රධානී චන්දන අමරදාස මහතා SBS සිංහල සේවය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් පල කල අ...
SBS සිංහල WorldWatch: උසේන් බෝල්ට්ට වඩා වේගයෙන් දිව්ව චීන රොබෝ බෝල්ට් 24.08.2026 14:56
සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or...
උතුරු ඔස්ට්රේලියා භූමි ප්රදේශයේ ජීවත් වෙන ශ්රී ලාංකික ප්රජාව සතුටින් ද? 24.08.2026 7:32
ඔස්ට්රේලියාවේ වඩාත් සතුටින්ම ජීවත් වන ජනතාව වාසය කරන්නේ උතුරු භූමි ප්රදේශයේ බවට පසුගිය දා පැවති සමීක්ෂණයක දී හෙළි වී තිබුණා. උතුරු භූමි ප්රදේශයේ ජීවත් වන ලාංකිකයින්ටත් මේ තත්ත්වය එහෙම ම ද? මේ ඒ පිළිබඳ SBS සිංහල සේවයේ උතුරු භූමි ප්රදේශයේ වාර්තාකාරිණී විනී වීරසූරිය ‘සුන්දර ඩාවින්’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කල වැඩසටහනක්. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen t...
SBS සිංහල පුවත්: වන් නේෂන් සංක්රමණ ප්රතිපත්තිය පිළිබඳ පෝලීන් හැන්සන්ගෙන් පැහැදිලි කිරීමක් 24.08.2026 6:36
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 24වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
කාලීන විග්රහය: ජාතික විද්යා සතියේ දී ක්ෂේත්රයේ පුද්ගල විවිධත්වය පිළිබඳ කතාවක් 23.08.2026 5:59
ඕස්ට්රේලියාවේ ජාතික විද්යා සතිය අගෝස්තු මස 17වන දා සිට 23 දක්වා පැවැත්වුණා. විද්යා සහ තාක්ෂණවේදයේ අරුමයත් සමඟ ඒ පසුපස සිටින විශේෂ පුද්ගලයන් පිළිබඳවත් ජාතික විද්යා සතිය අවධානය යොමු කරනවා. පරම්පරා ගණනාවක් පුරා විද්යාව සාර්ථකත්වයක් අත්පත් කරගත්තේ විවිධත්වයෙන් යුත් විද්යාඥයන් නිසා. මුල් වැසියන්, LGBTQIA+ ප්රජාව, සංක්රමණිකයන්, කාන්තා නවෝත්පාදිකාවන් මේ විවිධත්වයේ පාර්ශ්වකරුවන්. මේ පිළිබඳවයි මෙවර...
පර්ත් තතු මංජරී: සම්මානනීය ලාංකික සාගර විද්යාඥයා, ගැයුමට වැයුමට නැටුමට හපන් දිනෙත්, වර්ණවත් ඉංජිනේරු රාත්රිය හා සිසු සෞඛ්ය ගැටලු ඇතුළු දෑ මෙවර විශේෂාංගයෙන් 22.08.2026 36:49
බටහිර ඔස්ට්රේලියා ප්රාන්තයේ ශ්රී ලාංකේය ප්රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් දුලාංජලී විජේතිලක ගෙන එන ‘පර්ත් තතු මංජරී’ මාසික වාර්තාමය විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Fr...
මේ සතියේ ඕස්ට්රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්රේලියානු පුවත් සම්පිණ්ඩනය අගෝස්තු 17 - 21 21.08.2026 6:49
අගෝස්තු 17වන දා සිට අගෝස්තු 21වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්රේලියාවෙන් වාර්තා වූ ප්රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.
තරුෂි එක්ක තරු කතා: නිහඬ වූ ජාතියේ යශෝරාවය ආචාර්ය නන්දා මාලිනිය සහ නිවී ගිය ගී මිණි පහන පූජනීය රඹුකන සිද්ධාර්ථ හිමි මතකානුවර්ජනය 21.08.2026 9:21
ශ්රී ලාංකේය සංගීත කේෂ්ත්රයේ අද්විතීය කාන්තා හඬ පෞරුෂය අභාවප්රාප්ත ආචාර්ය නන්දා මාලිනී මහත්මිය සහ ගීත සාහිත්යයට සිය පන්හිඳෙන් අනුපමේය සේවයක් ඉටු කල අපවත්වී වදාළ පූජ්ය රඹුකන සිද්ධාර්ථ හිමියන් පිළිබඳ තරුෂි අතුකෝරළ ගෙනෙන මතකානුවර්ජන තරු කතාව. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to...
ලෝක යොවුන් ස්ක්රැබල් ශූරතාව දිනූ දිනෙත් ප්රනාන්දු 21.08.2026 6:15
නොබෝදා අවසන් වූ ලෝක යොවුන් ස්ක්රැබල් ශූරතාව දිනාගත්තේ ඕස්ට්රේලියාවේ මෙල්බර්න් නුවර වෙසෙන දිනෙත් ප්රනාන්දු විසින්. වයස අවුරුදු 8 දී කොළඹ නාලන්දාවෙන් ක්රීඩාවේ අත්පොත් තබන ඔහු මේ ජයග්රහණය ලබා ගන්නේ වයස අවුරුදු 14 දීයි. ජයග්රහණයෙන් අනතුරුව ප්රසන්න ප්රනාන්දු සහ රුවනි චන්ද්රසිරි මව්පියන් සමඟ දිනෙත් SBS සිංහල සේවයට අදහස් දැක්වුයේ මේ ලෙසින්.
ක්රීඩා විග්රහය: ඉන්දු - ලංකා පළමු ටෙස්ට් තරගයට මොකද වුනේ? / ආසියානු දැල්පන්දු තරගාවලියේ දී ශ්රී ලංකා ක්රීඩිකාවන් අතර අසමගියක්? / රුමේෂ් තරංග අද යළිත් තරග බිමට 21.08.2026 8:46
මේ සතියේ ශ්රී ලංකාවේ සහ ඕස්ට්රේලියාවේ ක්රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්රීඩා විග්රහය’. මාධ්යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday,...
හඳහාමි සිට රම්ය සඳ කිරණ තෙක් අප ජීවන චාරිකාවේ ළබැඳියක වූ ආචාර්ය නන්දා මාලිනිය 21.08.2026 4:09
ගීතය අප ජීවිතයේ කොටසක්. මව්බිමෙන් ඈත්ව සිටින අපට සිංහල ගීතය අතහැර නොයන මිතුරුදමක් වගෙයි. ඒ නිර්මාණ පසුපස සිටින මිනිසුන් ජීවිතයෙන් සමුගැනීම විශාල දුකක් ගෙන දෙන්නේ ඒ නිසයි. හඳහාමි කැසට්පටය එළි දැකීම 1986 වසරේ දීයි. ඔබ උපන්නේ ඊට වසර ගණනාවකට පසු විය හැකියි. නමුත් "දිලිහි දිලිහි ආකාසේ බබළන රන් තාරකා" ඔබේ ළමා කාලයයි. ඒ නිසා ආචාර්ය නන්දා මාලිනියට දිය හැකි නිර්වචනය නම් ඔබේ ජීවිතයේ මුල මැද අග එකට යා කළ හඬ...
SBS සිංහල පුවත්: සංස්කෘතික සහ භාෂා විවිධත්වයක් ඇති ඕස්ට්රේලියානුවන් මුහුණ දෙන සැලකිය යුතු සෞඛ්ය ආරක්ෂණ අවදානමක් පිළිබඳ තොරතුරු හෙළි වේ 21.08.2026 4:45
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 21 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your tel...
ඔස්ට්රේලියාවේ සිගරට් මිල අඩු කරන්න One Nation නායිකා පෝලින් හැන්සන්ගේ යෝජනාව ගැන තොරතුරු මෙන්න 20.08.2026 5:40
මෙය දුම්පානය දිරිමත් කිරීමක් නොව, වේගයෙන් වර්ධනය වන නීතිවිරෝධී දුම්කොළ වෙළෙඳපොළට සහ ඒ පිටුපස සිටින සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වලට පහරදීමක් බව ඇය පවසනවා. දුම්පානය කරන අය 'black market' එකෙන් ඉවත් වී නැවත නීත්යානුකූලව අලෙවි වන දුම්වැටි මිලදී ගනීවිද? නැත්නම් සිගරට් මිල අඩු වීමෙන් තවත් පිරිසක් දුම්පානයට යොමු වෙයිද? මේ ගැන තොරතුරු අද කාලීන විග්රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
‘ගායකයෝ පදරචකයෝ සංගීතඥයෝ ලංකාවේ ප්රකාශන හිමිකම් අයිතිය අනලා තියෙන හැටි ලෝක බුද්ධිමය දේපළ සංවිධානය පෙන්නලා දෙන්නේ 1981 ඉඳලා’ - හර්ෂ බුලත්සිංහල 20.08.2026 11:54
ගීතයේ නෛතික අයිතිය හා එහි හිමිකම් පිළිබඳ ශ්රී ලාංකේය කලා ලෝකයේ ඇති ව තිබෙන සංවාදය පිළිබඳ ප්රකාශන හිමිකම් කේෂ්ත්රයේ පුරෝගාමියෙකු සහ සංගීතඥයෙක් ද වන හර්ෂ බුලත්සිංහල මහතා නවසීලන්තයේ සිට SBS සිංහල සේවය හා දැක්වූ අදහස්. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio...
අපේ වහරේ කතා අහුරක්: ගුරෝ තුන්දෙනයි, ගෝලයයි, යකින්නයි 20.08.2026 4:29
අපේ වහරේ කතා අහුරෙන් සාහිත්යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ යකින්නකට අහු වුන ගුරුන්නාන්සේලා තුන් දෙනෙකුටයි ගෝලයෙකුටයි සිද්ධ වුන අකරතැබ්බයක් ගැන රස කතාවක්. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS S...
Podobné podcasty
Replaio není vydavatelem podcastů; názvy pořadů, obálky a audio patří jejich autorům a šíří se přes veřejné RSS kanály